Saturday, January 19, 2013

බලන් අසිරි සිරි

          හරිම දුකක් කණගාටුවක් ඇති වෙන්නේ අපේ රට ගැන මතක් වෙද්දි සහ වතුර වෙනුවෙන් බොහොමයක් වියදම් කරන මේ වගේ කාන්තාර රටක වටපිටාව දැක්කාම. බලන්න ඔයාලාට හිතෙන්නේ මොනවාද කියලා.





                     හිතෙනවාද මේ ලංකාවේ හග්ගල මල් වත්තේ පින්තූර ටිකක් කියලා. එහෙම නැත්නම් පේරාදෙණියේ. ඇත්තටම අපි දන්නේ ලස්සනට මල් වවලා තියෙන්නේ ඒ වගේ තැනක කියලා තමයි. ඒ වුණත් කණගාටුවෙන් වුණත් කියන්න වෙන්නේ මේ මල් වත්තක් නම් නෙමෙයි කියලයි.

                                        






                    ඩුබායි රටේ අපි යන එන පාරේ දෙපස තමයි මේ වගේ ලස්සන දර්ශනයක් දකින්න ලැබෙන්නේ.


තට්ටු දෙකට කපලා හොඳට නඩත්තු කරන ගහක්



                                      මේ විධියට වතුර බට එලලා තමයි එයාලා ඒ මල් ගස් වලට වතුර දෙන්නේ.මේ වතුර පවා අපි හිතන විධියට අපේ රටේ වගේ ගංගා, ඇළ දොළ වලින් ගලා බසින සීතල පිරිසිදු වතුර නෙමෙයි. මෙයාලා මේ සඳහා යොදා ගන්නේ අපි නිවෙස් වලින් බැහැර කරන අපද්‍රව්‍ය සහිත ජලය පිරිසිදු කිරීමෙන් අනතුරුවයි. (කවුරුත් දන්න වචනයෙන් කියනවා නම් ට්‍රීට් කරපු වතුර තමයි මේවාට යොදා ගන්නේ.) යම් කිසි කාල පරාසයකට පසුව ජලයෙන් ඒ බිම තෙමනවා.සමහර වෙලාවට ඔය වෙලාවට ළඟින් යනවා නම් කවුරු හරි නහය වහගෙන තමයි යන්නේ. මොකද පිරිසිදු කරනවා කිවුවට ඉතා පිරිසිදු නැහැ නේ. අනික එයාලා ඒ තරමට පිරිසිදු කරන්නෙත් නැහැ එයින් එන්නේ ස්වාභාවික පොහොර නිසා.



                                 මේ වගේ දැක්කාම මට හැමදාම හිතෙන දෙයක් තමයි අපේ රටෙත් පාරවල් දෙපැත්තේ මේ වගේ ලස්සනට මල් වවලා තිබුණා නම් කියන කාරණාව. ලෝකේ වටේ අපේ රටේ ඇමති ගොල්ලෝ ඇවිදලා ඒ රටවල් වලින් ඉවතට විසි කරන කුණු ජරාව ගෙනැත් අර රටේ මෙහෙමයි- මේ රටේ මෙහෙමයි-අපිත් එහෙම කරමු කියන වෙලාවට මේ වගේ රටකට ආවාම දකින මේ වගේ හොඳ දෙයක් අපේ රටෙත් කරන්න බැරි ඇයි? අපේ ජනාධිපති තුමාට වුණත් පුළුවන් වෙන්න ඕන ඕනම රටකින් හොඳ දෙයක් දැක්කාම අපේ රටේ කළ හැකි නම් එය ක්‍රියාවට නැංවීම. ඔය කියන කාරණාවේදී මහ ජනතාව විධියට අපි හැම දෙනා පවා ඒ සඳහා උවු උපකාර කළ යුතුයි. ඒ කිවුවේ මල් පැළ වලට වතුර දාන්න කියලා නෙමෙයි.

                                 ඒ වගේ ලස්සනට මල් තියනවා නම් බුලත් කෙළ සෙම්-සොටු හූරා දාන්නේ නැතිව මල් කඩලා දාලා නිකම්ම නිකන් කොළ ටික විතරක් ඉතිරි කරන්නේ නැතිව ගහට කොළයට ආදරය දක්වන්න. මොකද කියන්නේ.....


                              ආ... තවත් දෙයක්. අපේ පාරවල් වල මැද තියනවා නේ කොටසක්. අපේ ත්‍රීවිල් හා මෝටර් බයික් සහෝදරවරු කරන්නේ ඔය හරහා පාරේ අනිත් පැත්තට යන එක.ඉතින් කොහොමද ඔය කොටසේ මල් වවන්නේ. ටිකක් හිතන්න. ස්වාභාවිකව අපේ රට බොහොම ලස්සන රටක්. ඒ ලස්සන නැති කර ගන්නේ නැතිව මේ විධියට අපට තවත් ලස්සන කර ගන්න පුළුවන් නම් විදේශිකයන්ගේ පැමිණීම තවත් වැඩි වේවි. කාට හරි පුළුවන් නම් වගකිව යුතු පුද්ගලයෙකුට මෙය පෙන්වන්න.එකම තැනකින් හරි මේ වැඩේ පටන් ගත්තොත් ජනාධිපති තුමාට ඔය කාරණාව රට වටා ගෙනියන්න අමාරු වෙන එකක් නැහැ. 

                           මම මගේ රටට ආදරෙයි ගොඩාක්. ඒත්.. මට ඔය වැඩේ කරන්න බැහැ නේ. මම ඔය වගකිව යුත්තන් අඳුනන්නෙත් නැහැ. අපේ රටට ආදරය කරන- එය ක්‍රියාත්මක කළ හැකි අයෙක් ඉන්නවා නම් මෙන්න අවස්ථාව.

Tuesday, January 15, 2013

ප්‍රියාදර මගේ පෙම


ආදරය එබෙනවා මගෙ                     හිතට
සැනසීම ළං කරන්                       ජීවිතෙට
නුඹ ළඟින් හැමදාම ඉන්න              කොට
තව මොනවා ලැබෙන්නද ඉතින්          මට

නුඹේ සෙනෙහේ මා වෙතම ලැබුණු කොට
සිනා වැහි නුඹ වෙතින් වැටෙන        කොට
දුක් කඳුළු ඈතටම ඇදෙන                 කොට
තව මොනවා ලැබෙන්නද ඉතින්           මට


Monday, January 14, 2013

අනේ ( සු / රි )සානෝ..............

                                  කවුරු කවුරුත් ඊයේ පෙරේදා මාතෘකාව කර ගත්තේ රිසානා ගැන.මටත් රිසානා ගැන ලියන්න හිතුණා. ඇත්තටම කියනවා නම් රිසානා ගැනම නෙමෙයි. ඒ සිද්ධිය හා සම්බන්ධ කාරණා ගැන.මම අහලා තිබුණේ " අනේ සුසානෝ..." කියලා. ඒත්.. මට හිතුණා දැන් ඒක "අනේ රිසානෝ" කියලා වෙනස් කරා නම් කියලා. ඒ තරමට රිසානා ගැන හැම තැනම කතාව.
  
                                         අපේ සිංහල හා දෙමළ ජාතිකයන් පවා ජාතිය ගැන සිහි නොකොට රිසානා පිළිබඳව දුක් වුණා. ඒත්.. ඇත්තටම තමන්ගේ ජාතියේ කෙනෙක් වුණ රිසානා ගැන මුසල්මානුවන් දුක් වුණාද? නැහැ. එයාලා කියන්නේ ආගම හිස් මුදුනේම තියා ගෙන ඉන්න අය.ආගමට ගරු කිරීමක් නෙමෙයි මුස්ලිම් අයගේ දකින්නට ලැබෙන්නේ. මහා පරාණ බයක්.    කියවලා බලන්නකෝ.

                                    මේකේ කියන විධියට හිතලා බැළුවොත් කවුද දෙවියෝ කියන්නේ. මට හිතෙන්නේ නම් මුසල්මානුවන්ගේ දෙවියා තමයි අළුගෝසුවා. ඇයි ඉතින් මනුස්සයෙකුට තවත් මනුස්සයෙක් මරන්න බැහැ,දෙවියන්ට විතරයි කියලා, කියලා ඉවර වෙලා ඒ මරණය සාධාරණීකරණය කරනවා නම් ඔය කියන දේවත්වය ලැබිලා තියෙන්නේ අළුගෝසුවාට වෙන්න ඕන නේද?

                   අනිත් කාරණාව තමයි රිසානාගේ අම්මා. මම දැක්කා මූණු පොතේ තිබුණා රිසානාගේ අම්මා විසින් කිවුවාය කියන කතාවක් ගැන. ඇත්තටම ඒ අම්මා මොනවා කිවුවාද මම දන්නේ නැහැ. තිබුණේ මෙහෙමයි. 


   " දුව මට දුන්නෙත් අල්ලාහ්
     දුව ගත්තෙත් අල්ලාහ්
     ෂරියා නීතියටත්,
     අල්ලාහ් ගේ කැමැත්තටත් 
     අපි එකඟයි...."

                 දස මාසයක් කුසේ තියාගෙන ඉඳලා වදපු අම්මා පවා ඔය විධියට කියනවා නම් අපි මොකටද ලේ පුච්චා ගන්නේ කියන කාරණාව තමයි මූණු පොතේ මතු කරලා තිබුණේ. ඇත්ත.

             හැබැයි ඒ කතාවේ මට පොඩි පරහක් පේන්න ගත්තා. අනිත් අයටත් ඔය කියන පරහ පෙනුනද මන්දා. දැන් ඇත්තටම දුව දුන්නේ අල්ලාහ් නම් ඒ කියන විධියට දුවගේ තාත්තා-එහෙමත් නැත්නම් ඇයට අයිතිවාසිකම් කිව හැකි පුද්ගලයා හෝ ඇයට ජීවිතය දුන් කෙනා තමයි අල්ලාහ්. එතකොට මුසල්මානුවන් හැම දෙනාම ඉපදිලා තියෙන්නේ අල්ලාහ් නිසාද? එහෙම නම් මුසල්මානුවන් වශයෙන් පිරිමි ඉපදීම අනවශ්‍ය දෙයක්. ඇයි ඉතින් ඔය හැමෝගෙම තාත්තා අල්ලාහ් නම් අනිත් පිරිමි මොකටද?

                 අනිත් කාරණාව තමයි ෂරියා නීතියට එකඟ නම් මොන කෙං ගෙඩියකටද අර තරම් කෑ ගැහුවේ " බේරලා දීපියෝ....." කිය කියා.ඇත්තටම අපේ ජනාධිපතිතුමා ලැජ්ජා වෙන්න ඕන අර සෞදි කාරයන් ළඟ සමාව ඉල්ලන්න වැටුණාට. මොකද උන්ටත් ඕන නැති රිසානා අපට මොකටද?

          ඔය අවස්ථාවට මුහුණ දුන්න කෙනා මුස්ලිම් ජාතිකයෙක් වීම නිසාම මට තව තව ප්‍රශ්න වැලක්ම පැන නඟිනවා.උද්ඝෝෂණ කිය කියා අපේ රටේ මුසල්මානුවන් අරාබියට කඩේ යනවා.ඒක ගැන වත් එක තඹ සතයකට මායිම් කරාද ඔය සෞදිකාරයෝ.
                    
            මොනවා හරි වෙලා ලංකාවෙන් ඔය සේරම මුසල්මානුවන් එලෙවුවොත්, යන්න එන්න මඟක් නැති වෙනවා කොයි තරම් කඩේ ගියත් අරාබියට. මොකද අරාබි කාරයෝ දෝත පාලා පිළි ගනීවි කියලා හිතනවාද " අනේ එන්න පනේ. ඔයාලත් අපි වගේම මුසල්මානුවෝ නේ. මේ රටේ කොච්චර ඉඩ තියනවාද? ඇවිත් ඉන්න." කියලා.


      එහෙම කරන්නේ නැහැ.අරාබි කාරයාට වැඩක් නැහැ ආගම මොකක්ද කියලා. උන්ට ඕන අරාබි ජන්මය විතරයි.අරාබි කාරයෙකුට අරාබියේ තියන සැළකිළි වෙන කිසිම රටක කෙනෙකුට ලබා ගන්න බැහැ. මැද පෙරදිග ඉන්න අය ඒ ගැන සහතික වේවි.

                අපේ රටේ ඉන්න මුසල්මානුවනේ, තොපිට කියන්න තියෙන්නේ අරාබියට කඩේ යන්නේ නැතුව, උඹලා උපන්නේ ලංකාවේ නම් ඒ බිමට ගරු කරපල්ලා.ඒ රටේ නීතියට ගරු කරපල්ලා. උඹලාගේ ෂරියා නීතිය ලංකාවට ගේන්න උත්සාහ කරන්නේ නැතුව.උඹලාට ඔය කියන තරමට ෂරියා ඕනම නම් පලයවු සෞදියට. ගිහින් අමු අමුවේ නිරපරාදේ ගල් ගහලා, බෙලි කපලා මරා දාන/ මැරුම් කන ගොඩට එකතු වෙයල්ලා. 

Sunday, January 13, 2013

මේ දවස් වල හැම තැනම කියවෙන දේවල්

                                කියන්න නම් කප්පරක් දේවල් හිතට එනවා.ඒත් ඉතින් කොහොම කියන්නද? කියනවා වගේ ලේසියක් නැහැනේ අකුරු කොටන්න ගත්තාම. අනික රාජකාරි වෙලාවේ වැඩ අතරේම මේ වගේ මොන මොනවා හරි ටිකක් කොටා ගත්තොත් තමයි. ගෙදර ගියාම නම් ඔය බ්ලොග් ලියනවාය කියන එක නම් බොරු කතාවක්.හවස 6.00- 6.30 අතරේ ගෙදර ගියාම මොනවා හරි රෑට-උදේට-දවල්ට යන තුන් වේලටම සරිලන විධියට උයා පිහා ගන්න එපායැ.කොහොම හරි උයලා ඉවර කරන්න කලින් මහත්තයා ගෙදර එනවා. එතකොට ඉතින් ආගිය තොරතුරු කතා කර කර, එහෙන් මෙහෙන් අහුල ගත්ත ඕපා දූප ටිකක් කියව කියවා උයන අතරේ මේ දවස් වල තියන ලොකුම රාජකාරිය තමයි ෆිල්ම් බලන එක. අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කර ගත්ත ෆිල්ම් එකක්-දෙකක් දවසකට බලන්න ගන්නවා. හැබැයි ඔය ෆිල්ම් දෙකක් නම් බලලා ඉවර කරොත් ඒ ඉතින් නිවාඩු දවසක ම තමයි. මොකද බලමු කියලා පටන් ගත්තට සමහර ෆිල්ම් වල නම් ටික දාලා ඉවර වෙලා කතාව පටන් ගන්න කොට " දැන් ඇති. නිදිමතයි" කියලා නිදා ගන්න වැටෙනවා.

                     ඉතින් කොහේ ලියන්නද.....?

                   මේ දවස් වල ජනප්‍රියම කතන්දරය හලාල් නේ.හලාල් නැති කරපියෝ කිය කියා සිංහලුන් කෑ මොර දෙනවා. අන්තර්ජාලයේ ඒ පිළිබඳව ජයටම කතා බහ යනවා. ඒත් ඉතින් මම ලංකාද්වීපයේ නැති නිසා කියන්න දන්නේ නැහැ ඒක කොයි තරම් ප්‍රායෝගිකව විරෝධය පානවාද කියලා.ඒ කිවුවේ කඩේකට ගිහින් බඩු ගනිද්දි කී දෙනෙක් හලාල් නැති දේවල් තෝර තෝර ගන්නවාද කියලා.ඕකට හේතුවක් තියනවා. 

                        අද තරුණ පරම්පරාව අන්තර්ජාලයේ උදේ-දිවා-රෑ නො බලා කල් ගෙවුවාට අපේ වැඩිහිටි පරම්පරාව ඒ සම්බන්ධව දැනුවත්ද කියන කාරණාව.   තවත් දෙයක් මම ඉන්නේ මැද පෙරදිග. කෙටියෙන්ම කිවුවොත් හම්බයන්ගේ(මුසල්මානුවන්ගේ ) රටේ.හැබැයි එක හොඳක් තියෙන්නේ මෙහේ තමයි හරිම විධියට බැළුවොත් ලෝකය කියලා කියන්න පුළුවන් තැන.අරාබි- පිලිපීන-ඉන්දියානු-පකිස්තානු-ශ්‍රී ලාංකික- නයිජීරියා-කියුබා-අප්‍රිකා වැනි කළු ජාතික රටවල්-බංගලාදේශ-ලෙබනන්-යුරෝපා රටවල් (එංගලන්ත-දකුණු අප්‍රිකා-ඇමරිකා...)ආදී බහුතරයක් රටවල් වල නියෝජනයක් මෙහේ තියෙනවා. 

              ඉතින් කොහේද මෙහේ......? ඒ තමයි මැද පෙරදිගට අයත් වන (ගල්ෆ් රටවල් කියන්නේ) එක්සත් අරාබි එමීර් රාජ්‍යය. දන්න වචනයෙන් කිව්වොත් ඩුබායි.ඩුබායි කියන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එක් ප්‍රාන්තයක් විතරයි.තවත් ප්‍රාන්ත 6ක් එකතු වෙලා තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය හැදිලා තියෙන්නේ.

             කියන්න ගිය කතාව පැත්තක තියලා වෙන වෙන ඇඩ් කෑලි ටිකක් දැම්මා නේ. සමා වෙන්න. ආයෙම කළින් කියාගෙන ගිය දේට යමු.

              වෙනත් ආගමක අවශ්‍යතාවය මත අපි එයාලා වෙනුවෙන් ගෙවිය යුතු නැහැ. අනිවාර්යයෙන්ම එයාලාට හලාල් අවශ්‍යම නම් කළ හැකි වැඩ පිළිවෙලක් තියෙනවා.

1. හලාල් සහතිකය සහිතව හා රහිතව එකම නිශ්පාදනය කළ හැකියි.එවිට හලාල් අවශ්‍ය 20%කට අඩු ප්‍රතිශතයට පුළුවන් හලාල් සහිත එම දේවල් මිළ දී ගන්න. හැබැයි මෙතැනදී හලාල් නැති නිශ්පාදනය සැළකිය යුතු මිළ අඩු වීමක් පෙන්විය යුතුයි. වසරකට විශාල මුදලක් එම සහතිකයට වැය කරනවා නම් 20%ක් පමණ පරිභෝජනය කරන නිශ්පාදනයට එම සහතිකය ගත් පසු සහතිකය ගැනීම වෙනුවෙන් වැය කළ මුද පාරිභෝගිකයා වෙතටම පටවන එක නේ නිශ්පාදකයන්ගේ සිරිත.ඉතින් එහෙම වුණාම නිකම්ම හලාල් ඇති නිශ්පාදනයේ මිළ වැඩි වෙනවා. එතකොට බලන්න පුළුවන් හලාල් අවශ්‍ය මුසල්මානුවන් කී දෙනෙක් අර මිළ වැඩි නිශ්පාදනයෙන් ගනීවිද කියලා.

2.කිසිම භාණ්ඩයකට හලාල් එපා. මේක අපේ සිංහල රට.උඹලාට ඕන නම් ගනිල්ලා. නැත් නම් නිකං ඉඳපල්ලා කියලා ප්‍රමිති සහතික විතරක් ගන්නයි තියෙන්නේ.

                      කවුරු කවුරුත් කියන්න වගේ අපට තියෙන්නේ මේ රට විතරයි. ජාතිවාදය ඇවිස්සෙනවාය කියලා " මේ සිංහල අපගේ රටයි" කියලා නන්දා මාලිනිය කියන සිංදුවත් තහනම් කළානේ. ඒත් ඉතින් මොළයක් තියන කෙනෙක් නම් හිතා බලන්න ඕන ඇත්තටම මේ රට විතරයි නේද සිංහලයාට තියෙන්නේ කියලා.දෙමළ අයට ඉන්දියාවේ තමිල්නාඩුව,කැනඩාව වගේ තැන් වල ඉඩ තියෙනවා. මුසල්මානුවන්ට ඕනෑ තරම් ඉඩ තියෙන අරාබියක් තියෙන්නේ.කාන්තාරම තියන නිසා ඉඩම් පිළිබඳ ගැටුම් ඇති කර ගන්න දෙයක් නැහැ නේ.බැලූ බැලූ අතේ හිස් ඉඩම් තමයි තියෙන්නේ. අනේ ඇත්තමයි මුසල්මානුවන් ඔක්කොම අරාබියට එනවා නම් සිංහල අය රස්සාවල් දමලා ගහලා හරි සිංහලා අපේ රටට එනවා සහතිකයි.මම නම් එක පයින්ම.

                         හලාල් ප්‍රශ්නය ලංකාවට තදින්ම දැනෙන්නේ ඇයි මේ හිටපු ගමන්ම..? ඒකත් ප්‍රශ්නයක්. සමහර විට කාලෙන් කාලෙට එක එක දේවල් එනවා නේ. ඒ කාලෙට කුණාටුව වගේ ආවාට, ආයෙම ටික දවසකින් කිසිම දෙයක් නො වුණා වගේ නිහඬ වෙන්නත් පුළුවන්. එහෙම නම් මේ තරමට උඩ පැන ගෙන කෑ ගහන එක කිසිම තේරුමක් ඇති දෙයක් නෙමෙයි.

                 දැන් වත් සිංහළුන්ගේ ඇස් -කන් ඇරුණ එක ගැන සතුටුයි.නැත්නම් අපි සුළු ජාතිය වෙන තුරාවටම මුනිවත රැක ගෙන හිටියා නම්......?

                        මම ඇත්තටම ජාතිවාදයෙක්. කවුරු හරි එහෙම කියනවා නම් මම ස්තුති පූර්වකව එය භාර ගන්නවා. මොකද මම මගේ රටට, ජාතියට, ආගමට ආදරෙයි. හැමෝටම පේන්න පන්සල් නො ගියත් මට මගේ ආගම ගැන ආදරයක් තියනවා.මවු බිමෙන් ඈත් වෙන කොට, ගුවන් යානය ටිකෙන් ටික ඉහළ නඟින කොට පපුවට දරා ගන්න බැරි තරමේ කාන්සියක් දැනෙනවා.ඒ ලෝකෙන්ම උතුම් රට ලංකාවයි කියන දේ හදවත පිළි ගන්න නිසා වෙන්න ඇති.

                        ඩුබායි කියන්නේ අරාබිය වුණත් මෙහේ ඔය කියන තරම් හලාල් පස්සේ පන්නන්නේ නැහැ මට දැනෙන විධියට නම්. කිසිම දවසක හලාල් විය නොහැකි ඌරු මස් වලටත් ලංකාවේ හලාල් සහතිකය අරගෙන තියන බව මම පහු ගිය දවසක ෆේස් බුක් එකේ දැක්කා.

                        මෙහේ ඌරු මස් විකුණන්න තියනවා ප්‍රසිද්ධියේම. හැබැයි එතැන බෝඩ් එකක් තියනවා  

      Not For Muslims

                           ඉතින් ඩුබායි වල හලාල් ගැන කවර කතා ද?
ඩුබායි වලටත් අත්‍යාවශ්‍ය නොවන හලාල් අපේ සිරි ලංකාවට අත්‍යාවශ්‍යම ද? 



Saturday, January 5, 2013

2012.12.21. ලෝක විනාශය වෙනවා යැ යි කියූ දවසේ ..............

                                මායා වරුන්ගේ දින දර්ශනයට අනුව 2012.12.21 වන දින වෙද්දී අපේ මුළු ලෝකයම විනාශ වෙලා යනවා. ලෝකේ කොහේදෝ මන්දා රටක ඉතුරු වෙනවාය කියන ටික දෙනෙක් තමයි ඊට පස්සේ බිහි වන නව ලෝකයේ ආදී වාසීන් වෙන්නේ . පහු ගිය කාලයේ අන්තර්ජාලයේ සැරි සරද්දී දැක්කා මිනිස්සු කොච්චර නම් ලෝක විනාශයට බයේ හැංගෙන්න උත්සාහ කරලා තියනවද කියලා . 

                   ලෝක විනාශයෙන් වත් විනාශ නො වෙන ගමක් තිබුණාය, එහි මාස ගණනාවකට පෙර සිටම හවුස් ෆුල් වෙලා තිබුණාය කියන එකත්, 2012.12.18 හෝ 20 සිට 2012.12.23 වන තෙක් පිටස්තර කිසිවකුට ඊට ඇතුළු වීමට අවසර නැති බවත් එහිම සඳහන් වෙලා තිබුණා.

                    පුවත් පත් වලටත් දෙසැම්බර් මාසයේ තිබුණ ලොකුම කතන්දරය ලෝක විනාසය තමයි.දැන් ඉතින් ඔය කියන ලෝක විනාසයෙන් පස්සේ අපි ආයෙම අළුත් ලෝකෙක දැන්මම ඉපදිලා. පුදුමේ කියන්නේ මැරුණේ වත් නැතුව, හිටපු විධියටම, ඒ වයසෙන්ම, ඒ පෙනුමෙන්ම...

වෙනස් වෙලා තියෙන්නේ ලෝකය විතරයි. බලන්න දැන් ලස්සන අළුත් ලෝකයේ.........

                  මම අද මේ ලියන්න සූදානම් වෙන්නේ අපි දෙන්නා ( මාත්, මගේ ආදරණීය මහත්තයාත් ) ලෝක විනාසයට මුහුණ දුන්න හැටි ගැන.මොකද කියන්නේ කැමතිද අහන්න- බලන්න.

                 දැන් ඉතින් අකමැත්තක් තියනවා නම් මෙයින් පහළට නො කියවා හිටියාය කියලා අමනාපයක් නෑ ඕං............ත්‍රාසජනක චිත්‍රපටයක් බලන්න වගේ ආසාවෙන් කියවන්න හිතන අය ටිකක් නිවී සැනසිල්ලේ කියවන්න. හැබැයි පහු වෙලා මට බනින්න එපා.

                       
                          උපන්න මවු බිමෙන් සැතපුම් සිය දහස් ගණනක් දුරින් සත් සමුදුරෙන් එහා ඩුබායි රටේ සති අන්ත නිවාඩුව යෙදුණ දවසක් තමයි 2012.12.21 වන සිකුරාදා දවසත්.මුස්ලිම් රටක් වෙච්චි ඩුබායි රටේ සති අන්තය කියන්නේ සිකුරාදාට. සමහර අයට බ්‍රහස්පතින්දා වරුවක් සහ සිකුරාදා නිවාඩුව ලැබෙන අතරේ තවත් සමහර අයට සිකුරාදා- සෙනසුරාදා දෙකම නිවාඩු ලැබෙනවා.ඔය නිවාඩු වර්ග දෙකෙන් මම අයිති වෙන්නේ දෙවනි කාණ්ඩයේ නිවාඩු ලැබෙන්නන් ගොන්නට වුණත් මගේ මහත්තයා අයිති වුණේ පළමු කාණ්ඩයට.ඉතින් අපි දෙන්නාටම නිවාඩු දවසක් විධියට තියෙන්නේ සිකුරාදා දවස තමයි.

                               බහුතරයක් දෙනාට නිවාඩු ලැබෙන සිකුරාදාවේ නිවාඩු නො ලබන, අනිවාර්යයෙන්ම වැඩ කළ යුතු පිරිසක් මේ රටේ ඉන්නවා.ෂොපින් මෝල් වල සේවකයන්, ආරක්ෂක අංශයේ රැකියාවේ නියුතු ඇත්තන්,විනෝද වීමට තියෙන ස්ථාන වල සේවකයන් ඔය අතරින් කිහිපයක්.

                             ඔය විනෝද වෙන තැන් වල සේවකයන් කිවුවාම බලනවා ඇති කවුද අප්පේ ඒ........ කියලා.දැන් මේ කතාව පහළටම කියවා ගෙන යද්දි තේරුම් යාවි ඔය කියන අය කවුද කියලා.

                            ඊට කළින් මේ පින්තූර ටික බලලා ඉන්නකෝ

                                 


                                               පුංචි ළමයින්ට සෙල්ලම් කරන්න තියන තැන
                                                  මේ තියෙන්නේ ඇතුල් වෙන තැන

                                                                   මින් මැදුරේ...
                                   මේ වගේ ටියුබ් එකක නැඟලා තමයි වතුරේ යන්න තියෙන්නේ
            දෙන්නෙකුට එකවර යා හැකි ටියුබ් වගේම තනි කෙනෙකුට යා හැකි ටියුබ් ද තියෙනවා. මේ පිටු පස හරවා ගෙන හිට ගෙන ඉන්නේ  Life Guard* කෙනෙක්.



             අඩි 60ක් විතර උඩ ඉඳන් ලිස්සලා එන්නයි තියෙන්නේ. අවසානයට වතුරට වැටෙනවා.


 පොඩි අයට වෙන් වුන ස්ථානයේ තියන වතුර පිරෙන භාජනය වතුර පිරී අවසන් වුණාම වතුර ටික වැටෙනවා මේ වගේ.

අතේ ස්ටිකර් එකක් අලවනවා ඒක තමයි ටිකට් එක වෙන්නේ  සියළුම අංශයන් සඳහා 
                                                          'ඇට්ලාන්ටිස්' වතුර බෝතලයක්





          ඔන්න ඔය කියන ස්ථානයේ තමයි අපි දෙන්නා ලෝක විනාසය බලාපොරොත්තුවෙන් රැඳී හිටියේ.මේ තැනට එන බොහෝ දෙනා යුරෝපීයයන්. ඒ අමතරව ලෙබනන්, සවුදි අයත් එනවා. ආසියාතිකයන් නම් බොහොම හිඟයි. මොකද කියනවා නම් එක් අයෙකුට ප්‍රවේශ පත්‍ර සඳහා වැය කරන්න වෙන මුදල ටිකක් වැඩියි. සොච්චම් පඩි ගන්න ආසියාතිකයන්ට ඔය වගේ මුදලක් වියදම් කරන්න අපහසුයි. එහෙම වියදම් කළොත් මාසයේ ඉතුරු දවස් වලට නො කා ඉන්න තමයි වෙන්නේ. ලංකාවේ මුදල් වලින් රු: 9700.00ක් පමණ වෙනවා එක් අයෙකුට.ඒකත් අඩුම පැකේජය.

                              ඔන්න ඉතින් මේක කියවන ඇත්තෝ හිතාවි හරි තමයි. බට්ටි නම් හොඳ සල්ලි කාරයෙක් කියලා.... එහෙම නේද?

කලබල වෙන්න එපා යාළුවනේ...

සද්ද කරන්න එපා.(රහසෙන්: අපට ඕකට යන්න සත පහක් වත් වියදම් වුණේ නැහැ.) 


ඔන්න  ඔන්න තවත් බොරු කියනවා නේ

නෑ ඇත්තමයි

හා එහෙමනම් මූණ බලලා යවන්න ඇති. ඒකේ අයිතිකාරයා ඔයාගේ බාප්පද? ( එහෙමනේ අහන්නේ)

නෑ පිස්සුද හලෝ.. මගේ පුංචි අම්මා බැඳලා ඉන්නේ සල්ලිකාර සුද්දෙක් නෙමෙයි


ඒ කියන්නේ අයිතිකාරයා සුද්දෙක්

ඔවු

ඉතින් කොහොමද ගියේ

මෙහෙමයි. ඔය මම කලින් කිවුවා නේද විනෝද වෙන තැන් ගැන කතාවක්. අන්න ඒ වගේ කෙනෙක් මාර්ගයෙන් තමයි ගියේ. 

ඒ කිවුවේ

Life Guard කෙනෙකුට පුළුවනි දෙන්නෙක් ව නොමිළේ ඇතුල් කරන්න.මගේ මහත්තයාගේ යාළුවෙක් ඉන්නවා Atlantis එකේ 
Life Guard 
කෙනෙක් විධියට වැඩ කරන. එයා මීට අවුරුද්දකට විතර 
කලින් 
ඉඳන්ම කියනවා දෙන්නත් එක්ක එන්න සත පහක වියදමක් නෑ කියලා. හැබැයි සිකුරාදාට ඒ අවසරය නැති ලු.මොකද එදාට සෙනඟ වැඩි නිසා ටිකට් නැතුව යවන්නේ නැහැ කියලා සතියේ දවසක එන්න කියලයි කිවුවේ. ඉතින් අපට කොහේද සතියේ දවසක නිවාඩු තියෙන්නේ. ඒ හින්දා වැඩේ ඇරුණා.ඔය අතරේ තමයි ඔය යාළුවාම Call කරලා අපට සද්දයක් එහෙම දාලා 



"21 අනම් මනම් වැඩ දා ගන්නේ නැතුව දෙන්නත් එක්කම වරෙල්ලා" 



කියලා කිවුවේ.

එයා මැනේජර් ගෙන් අවසරත් අරන්.

              ඔන්න ඔහොමයි අපි නොමිළේ ඔය කියන අරුමෝසම් තැනට  ඇතුල් වුණේ.මුල දී මගේ නම් වැඩි කැමැත්තක් තිබුණේ නැහැ යන්න.ඒත් බෑ කියන්න බැරි කමටයි ගියේ.ගියාට පස්සේ තමයි එතන විනෝද වෙන්න හොඳ තැනක් කියලා හිතුණේ.කෑම බීම නම් ටිකක් ගණන්. මොකද සුද්දන් ගේ ගණන් නේ.

                අපේ යාළුවා අපි වෙනුවෙන් දවල් කෑම පවා සූදානම් කරලා තිබුණා. බොහොමයක් කඩ වල අපේ ලාංකිකයන් ඉන්නවා.ආසියාතිකයන් වැඩි පුර නො එන නිසා වෙන්න ඇති ලංකාවේ කෙනෙක් කියලා දැන ගත්තාම එයාලා හැකි උපරිම සත්කාර කරනවා.එතැනට ගිහින් හඳුනා ගත් අපේ ලාංකික සහෝදරයන් කිහිප දෙනෙකුත් හිටියා. එයාලාගේ නම් සඳහන් කරන්නේ නැත්තේ එය ඔවුන්ට අපහසුවක් බව මම දන්නා නිසා.දවල් කෑම නොමිළේ ලබා දුන් සොයුරාටත්, ඊට පසු එපාම කියද්දිත් ලොකු බීම එකක් දුන් ඒ සොයුරාටත්, මේ හැම දේටම අපට අවස්ථාව ලබා දුන් මගේ මහත්තයාගේ පාසලේ මිතුරාටත් අනේක වාරයක් ස්තුතියි.



ප.ලි


ඔබ හැම දෙනාගේ නම් සඳහන් නො කරන්නේ නම් අමතක වීමක් නිසා නොවන බව කියන්න කැමතියි. එහෙම මම සඳහන් කළොත් ඔබත් නො දන්නා ,සමහරවිට මෙය කියවන ඕනෑම කෙනෙක් ඔබගෙන් අවස්ථාව ඉල්ලාවි අපට ලබා දුන්. ලාංකිකයන් වශයෙන් වුණත්  දිනකට 10-15 ක් පැමිණිය හොත් එසේ කිරීමට ඔබට හැකියාවක් නැති බව දන්නා නිසයි එලෙස සඳහන් නො කරන්නේ.