Wednesday, February 13, 2013

ෆෙරාරියකින් සවාරියක්

                         බලපු දවසේ ඉඳන්ම මේ ගැන ලිවිය යුතුයි කියලා මගේ හිතට දැනුණා. සමහර විට මේ ෆිල්ම් එක හින්දි ෆිල්ම් එකක් කියූ පමණින්ම සමහරු ආ...පෝ කියලා කියාවි. මොකද මම දන්නවා බොහොමයක් පිරිමි පක්ෂය හරිම අකැමැතියි හින්දි ෆිල්ම් බලන්න. ඒවා හරි බොළඳයි කියන මතයේ එයාලා ඉන්නේ. මල් ගස් වටේ නටන එකයි, අභව්‍ය කතාවකට වටේට එල්ලලා කියලා කිවුවත් වරදක් නැහැ. ඒත්.. ගැහැණු පාර්ශවයේ අදහස මීට බොහොම වෙනස්. හැම දෙනාගෙම නෙමෙයි. බහුතරයක් ගැහැණු අය හින්දි ෆිල්ම් බලන්න කැමතියි. උදාහරණයක් විධියට ගත්තොත් මම වුණත් ස්කෝලේ 10-11 වසර වල ඉන්න කාලේ හින්දි පිස්සියක්. මොන ෆිල්ම් එකද රූපවාහිනියේ පෙන්වන්නේ රෑ එළි වෙන කල් හරි ඇඩ් බල බලා අමාරුවෙන් ඔය ෆිල්ම් එක ඉර වෙන තුරු බලනවා. ඒත් ඊට පස්සේ අවුරුදු 20-24 වගේ කාලේ හින්දි ෆිල්ම් එකක් ආසාවට වත් බලන්නේ නැහැ, අඩුම තරමේ රේඩියෝ එකේ හින්දි සිංදුවක් යනවා ඇහුණාද " ෂිහ්. මේ මොන ජරාවක්ද? අපේ සිංල සිංදුවක් නැද්ද මේවායේ යන්න." කියලා බැන බැන චැනල් එක මාරු කරනවා.

                     ඔහොම ඉඳලා හින්දි ෆිල්ම් බලන එක නවත්තලා ම දැම්මා. ආයේ මෙහේ ආවාම තමයි හින්දි ෆිල්ම් බලන්න පටන් ගත්තේ, මොකද ඉන්ට(ර්)නෙට් තියනවා, සිංහල සබ් දීලා ෆිල්ම් දානවා. ඉතින් මොකද බානවා. බලනවා. නො දන්න හින්දි විතරක් නෙමෙයි, කොරියන්, රුසියන් ඔය ඕන එකක් සබ් එක්ක දෙන නිසා අවුලක් නෑ.

                                 මේ කතාව තුළ ජීවත් වන්නේ කායෝස් කියන කුඩා දරුවා,  ඔහුගේ පියා සහ සීයා.ඔවුන් වටා ගොඩ නැඟුණ කතාවට තවත් පිටස්තර චරිත කිහිපයක් එක් වෙනවා.රඟපෑමක් නැතිව සචින් තෙන්ඩුල්කාර් නම් වූ ක්‍රිකට් ක්‍රීඩකයා ගැනත් සඳහන් වෙනවා.ඔහුට ස්තුතියක්ද එක් කරමින්ම.

                                " කායෝස් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. කායෝස් ගේ තාත්තා රුස්තම් එයාගේ ක්‍රීඩා වැඩ වලට ගොඩක් උදවු කරනවා  වුනාට  සීයා බෙහෙරම් දේබෝ නම් මේකට පොඩ්ඩක්වත් කැමති නෑ. කායෝස්ට අවස්ථාවක් ලැබෙනවා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පුහුණු කඳවුරකට සහභාගී වෙන්න. ඒකට සහභාගී වෙන්න නම් රුපියල් ලක්ෂ 1.5ක් විතර වැයවෙනවා හැබැයි රුස්තම්ගේ වැටුපත් එක්ක මෙච්චර මුදලක් වැය කරන්න අමාරුයි."

                              මෙන්න මේ කොටස මම සොරා ගත්තා ෆිල්ම් එක බලපු තැනින්.ඒකට සබ් දීලා ලිපියක් පළ කළ කෙනාගේ අදහස් වලින්. සමා වෙන්න ඕනේ ඒ වෙනුවෙන් "නවීන් ලක්ෂිත" සහෝදරයා.

                              
                         මම මේ කතාවට කැමැත්තක් දක්වන්නේ ඇයි කියලා දැන් කියන්නම්. මෙහි කායෝස්ගේ පවුලේ මව ජීවතුන් අතර නැහැ කියන අදහසක් තමයි පෙන්වන්නේ. ( හෝ මම තේරුම් ගත්තේ ) පියා තම දරුවා වෙනුවෙන් කොපමණ කැපකිරීමක් කරනවාද, ඒ හා සමගම ඔහුගේ පියාට ( දරුවාගේ සීයාට ) කොපමණ සැළකීමක්, ගෞරවයක් දක්වනවාද කියලා මෙයින් බොහොම ලස්සනට පෙන්වනවා. තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් කිසිම දවසක නොකරන්න හිතන-බලාපොරොත්තු වෙන දේවල් පවා කරන බව මෙයින් පේනවා. ඇසට කඳුළක් නැගෙන්න තියන ඉඩ කඩ වැඩියි මෙහි.තාත්තා ගැන වැරදි වැටහීමක් තියන කෙනෙක් වුණත් සමහර විට මේක බලලා ඔහුට ආදරය,ගෞරවය කරන්න ගනීවි.

                      රුස්තම් ණය ඉල්ලමින් එක එක්කෙනා පස්සේ යන හැටි තමන්ගේ පුතා ව ලෝඩ්ස් වල පුහුණු කඳවුරට යවන්න ....

                          මම මේ ගැන ලියන්න පටන් ගත්තේ ටික දවසකට කළින්. පහු ගිය ටිකේම ෆුල් බිසි වුණ නිසා බ්ලොගය පැත්තට වත් ආවේ නැහැ. ඒ නිසා ලියන්න හිටපු දේවල් මගේ මතකයෙන් ගිහින්. කමක් නැහැ.                      


                    ෆෙරාරියකින් සවාරියක් කියලා සටහන් වුණ සිංහල උප සිරැසි එක්කම මේ ලින්ක් එකට ගියා නම් බා ගෙන බලන්න තිබුණා.
















වැලන්ටයින්


වෙන් කරලා ලු දිනයක්
ආදරවන්තයන්ට
කරන්නට ආදරය
ඇයි තහනම්ද අනිත් දවස්.....

වෙන කොහේදෝ
ආදරය කරන්නට
විවාහ වෙන්නට තහනම් වූ රටක

උදවු කළ, ආදරයට                                                          
සාමී නමින් වැලන්ටයින්....


මරා දැමුවායින් පසු
ගෞරව පිණිස එතුමාට
එරට වැසියන් යොදා ගත් දිනය
මුළු ලොවම බදා ගෙන අද වෙද්දි


දෙපසින් වරම් නොලබන
පෙම්වතුන් සැම හට
තුබුණත් කොයි තරම්
වෙන් කළ දිනයන්


හිර කර ඇති කූඩු
කඩා බිඳ දමා ගෙන
ඒ එකම දවසේ පමණක්
හැකිද පැමිණෙන්නට
කරන්නට ආදරය....



හැකි නම් පැමිණෙන්නට
ඇතිද එය වසරකට
ආදරය නම්  එයමද?

මුළු දිවිය පුරාවට
ආදරෙයි මං ඔයාට
කියමින් කූඩු වූ එක් කැදැල්ලට
බිරිඳ- සැමියාට
තහනම්ද ඒ දිනය

දෙනවා නම් , ලබනවා නම්
ආදරය හැමදාම
කුමකටද එක් දිනක්
තර කරන්නට
වෙළඳුන්ගේ මඩිය