2013 අවුරුද්දත් අවසාන වෙන්නයි යන්නේ.හප්පේ...කාලය ගත වෙන ඉක්මණ.2014 අවුරුද්ද ලබන්න තියෙන්නේ තවත් දෙ දවසක් විතරයි.
දෙසැම්බර් 31 වෙනිදා රෑට බොහොමයක් දෙනා මහා උත්සවාකාරයෙන් සමරනවා.මම මේ ඉන්න ඩුබායි රටේ බොහෝ තැන්වල "ත(ර්)ටි ෆස්ට් නයිට්" එක ගැන තියෙන්නේ පුදුමාකාර උනන්දුවක්. ඒකත් බහුතරයක්ම පිරිමින්ට.ඔය අතරේ පාටි තියන තැන් වලට එකතු වෙන ගෑණු පරාණ ඉන්නවා පිරිමින්ට හපන්. බෝතල් කටේ තියා ගෙන බොන.එතකොට මොන වගේද කියලා නොදන්නා අය වැඩියි කියන්න මම දන්නවා. මෙහේ ඉන්න අයට නම් ඔය වගේ දේවල් මහා ලොකු සිදුවීම් නෙමෙයි.
පහුගිය දවසක ආධුනිකයන්ගේ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා අජ්මාන් වල "ක්‍රවුන් පැලස් " හෝටලයේදී. මීට මාසයකට පෙර. හරියටම කියනවා නම් නොවැම්බර් 29 වැනි දින.මමත්,මගේ මහත්තයත් සාමාන්‍යයෙන් සංගීත ප්‍රසංග බලන්න යන්නේ නැහැ. ඒකට හේතුව තමයි අර කලින් සඳහන් කළ කාරණාව.
ගෑණු -පිරිමි බී ගත්තාම එතැන සින්දු අහන්න වෙන්නේ නැහැ.මැදට පැනලා ජාතික ගීයටත් නටන්න පටන් ගන්නවා විතරක් නෙමෙයි.මහා දරුණු වලි ඇරඹෙන්න ත් ගත වෙන්නේ බොහොම සුළු වෙලාවයි.හොටෙල් එක ඇතුලේ තිබුන ප්‍රසංගයක් නිසාත්, ඊට මා ගෞරව කරන "ජයලාල් රෝහණ "යන් පැමිණෙන බව සඳහන් වූ නිසාත් (දොරමඬලාවේ සමහර වැඩසටහන් බැලීම නිසා) එය සංවිධානය කරනු ලැබුවේ මගේ මහත්තයාගේ පාසලේ ආදී සිසුවෙක් නිසාත්,එකී මෙකී නොකී බොහෝ හේතු සාධක නිසා දුරු කතර ගෙවා ගෙන අපි දෙදෙනාත් ඒ ප්‍රසංගය නැරඹීමට පැමිණියා.රංගන ශිල්පී රොජර් සෙනෙවිරත්නයන්ද ඊට සහභාගී වුණා.
මුලින් මුලින් බොහොම හොඳින් පැවති ප්‍රසංගයට ටික වෙලාවක් ගත වෙද්දී නැටුම් එකතු වුණා.ගැහැණු අය නටන්න පටන් ගනිද්දී මට දැනුණා " දැන් නම් අපිට යන්න වෙලාව හරි " බව. ඒත්.. එක්වරම හැර යා නොහැකි නිසා ටිකක් ඉවසා සිටියා. කීයට ඉවර වේද නොදැන කොහොම හරි රෑ 11.00 විතර වෙද්දී අපි දෙන්නා පිටත් වුණා.අපි ගෙදරට ඇවිත් එතැන හිටි මිතුරෙකුට දුරකථන ඇමතුමක් දෙන කොටත් වැඩසටහන ඉවර නැහැ.එළිමහන් ප්‍රසංග වල වගේ පුටු උස්සලා ගහ-මරා ගත්තේ නැති වුණාට මට නම් මහා කලකිරීමක් ඇති වුණා.
සංගීත වැඩසටහන බලන්න යමු කියලා මම මහත්තයාට කතා කළේ,එය යම් කිසි ප්‍රමිතියකට ඇති කියන විශ්වාසය නිසා.නමුත් එතැන කරපු ලොකුම වරද තමයි බොන්න දීපු එක.අනික එයට සහභාගී වුණේ වැදගත් යැයි සැළකෙන රැකියා කරන අයම විතරක් නෙමෙයි. එයින් අදහස් කළ දේ සමහරවිට සමහරුන්ට රිදෙන්න පුළුවන්.ඒත් ඇත්ත එයයි.අපේ රටේ ගෘහ සේවිකා කියලා එන බොහොමයක් දෙනාගේ හැසිරීම හරිම ජුගුස්සාජනකයි.රියදුරු-ක්ලීනර් ඔය වගේ අය වුණත් බොහොමයක් දෙනා දන්නේ නැහැ තමන්ගේ තත්ත්වය තියා ගෙන ජීවත් වෙන්න.ඉතින් බොහෝ වෙලාවට පොදු ප්‍රවාහන භාවිතා කරද්දී අපේ රටේ භාෂාව ඇහෙද්දී වුණත්,මම නෑසු කන් ව ඉන්න පුරුදු වෙලා තියෙන්නේ,හිතකින් නම් නෙමෙයි.ලැජ්ජාවට.90%ක් දෙනා වැරදි කරද්දී ඊට අයත් නොවන 10% හරි හැටි හඳුනා ගන්න ලේසි නැහැ.
ලංකාවේ ඉඳන් එද්දී එයා පෝර්ට් එකේදී පාස්පෝර්ට් චෙක් කරන කොට ලංකාවේ කියලා දැක්කාම එතැන ඉන්න අය සමහර විට හරිම අප්‍රසන්න බැල්මක් අපටත් යොමු කරන්නේ ඒ හින්දයි.අනික මෙහේ තනියම ටැක්සියකට නැග්ගොත් ලංකාවේ කියලා දැන ගත්තාම උන් බලන්නේ හවුස් මේඩ් කෙනෙක් කියලාමයි.එච්චර ඕන නැහැ.හදිසියේ වත් ලංකාවේ කෙනෙක් හමු වෙලා කතා කරත් අහන්නේ පාට් ටයිම් කරන්නේ කොහේද?.....ඔය වගේ දේවල්. ලංකාවේ ගෑනුන්ට උගත්කමට රස්සාවක් මෙහේ කරන්න බෑ කියලයි අපේම මිනිස්සුත් හිතා ගෙන ඉන්නේ.මගෙන් දවසක් කෙනෙක් ඇහුවා "ඉන්නේ company වීසා ද private වීසාද " කියලා,නොකියා ඇහුවේ කඩේක වැඩ කරනවාද?ගෙදරක වැඩ කරනවාද වගේ දෙයක්.
තම තමන් දැන් ඉන්න තැන ඉඳන් හිතුවොත් හැම අවුරුද්දක වගේම තවත් වසරක් උදා වෙද්දී අපි හැමදාම කරන්නේ එක්කෝ පාටියක් දානවා.නැත්නම් නිදා ගන්නවා. ලංකාවේ නම් ජනවාරි පළමුදා ඔෆිස් යන්න අළුත් ඇඳුමක් ගන්නවා. උදේම කැවුම්-කිරිබත් කාලා 10.00ට විතර වැඩ පටන් අරන් 12.00ට විතර ගෙදර එනවා.මොකද ජනවාරි පල වෙනිදා වැඩ පටන් ගන්න ඕන නැත්නම් වගතුවක් නෑ කියලා හිතන නිසා.
මෙහේ නම් ජනවාරි පළ වෙනිදා නිවාඩුයි.
ඒ නිසා 31 වෙනිදාට, තානාපති කාර්යාලයේ සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් තියෙනවා.ඒ හැර ලොව උසම කුළුණ වුණු "බර්ජ් කලීෆා"වල ගිණි කෙළි සංදර්ශනයක් තියෙනවා.හැම තැනම බෝතල් පාටි තියනවා.කැමති කැමති විධියට 2013 නිමාව සටහන් කරන්න පුළුවන්. හැබැයි විනාඩි 10ක විතර ගිනි කෙළි සංදර්ශන බලන්න යන අයට නම් රෑ 2.00-3.00 විතර වෙන තුරු වත් ගෙවල් වලට එන්න නම් වෙන්නේ නැහැ,ඒ තරමට වාහන තදබදය.
ඔන්න ඩුබායි ඉන්න ඇත්තෝ පින් කැමති අය පිරිත් අහන්න යන්න.ගිණි කෙළි බලන්න යනවා නම් ගෙදර එන වෙලාව ගැනත් හිතන්න.ඔය හැමෝම එකතු වෙලා දාන බෝතල් පාටි නම් ඉතින් ඉවර වෙන වෙලාවක් නැහැ නේ. ඒ කොහොම වුණත් ඒවාට යන අයත් ගෙදරට එන්න පිළිවෙලක් හදා ගන්න.පොලිස් මහත්තුරු මෙහේ හරිම තදයි......
ඉතින් එහෙම නම් හැම දෙනාටම සාමය, සතුට පිරි සුබම සුබ 2014 වර්ෂයක් හිමි වේවා......!