Saturday, May 11, 2013

ආශ්චර්යමත් උයනේ වරුවක්.......

              හැමදාම වැඩට යනකොට මෙට්‍රෝ එකේ තමා යන්නේ.ඔෆිස් එකෙන් ට්‍රාන්ස්පෝට් දෙන්නේ නැහැ නෙව.ඔය විධියට හැමදාම යද්දී එකම මූණු ටික තමා දකින්න ලැබෙන්නේ.වාඩි වෙලා යන්න ඕන නම් මෙට්‍රෝ එකේ දොර ඇරෙද්දීම පැන ගන්න ඕන ඇතුළට.හොඳ අවධානෙන් නොහිටියොත් තත්පරයට සීට් එක වෙන කෙනෙකුගේ අයිතියට නතු වෙනවා.

                  උදේට කොහොම හරි වාඩි වෙලා යන්න පුළුවන් වුණා කියමුකෝ.ආසාවට වගේ හවසට නම් වාඩි වෙන්න ලැබුණේ මේ ගෙවුණ අවුරුද්දකුත් මාස අටට ම දවස් 10-12ක් තමයි.ලියන්න පටන් ගත් දේට කොහොමටවත් අදාළ නැති වල් බූත කියවනවා නේද?කමක් නෑ තව ටිකයි. ( මොකක්..........? තවත් ටිකක්..) 

                       ඔය මෙට්‍රෝ එකේ යන අතර තුර හමු වුණා අපේ රටේ ඇත්තන් කීප දෙනෙක්. එයින් කෙනෙක් තමයි මට මේ ආශ්චර්යමත් උයන ගැන කිවුවේ.පැය බාගයක දුර යන අතරේ කියව කියවා යන දේවල් අතරට මෙන්න මේ කතා බහත් ඇතුළත් වුණා.

" ගියේ නැද්ද Miracle  Garden බලන්න."

"මොකක්ද ඒ. කොහේද තියෙන්නේ...."

"මෝටර් සිටි එකට කිට්ටුයි.Sheikh  Zayed Road එකේ යද්දී පේන්නේ මෝටර් බයික් එකක යන මිනිහෙක්.අන්න ඒ කිට්ටුව."

"අනේ මම ඔය පාරවල් ගැන දන්නේ නැහැ.මගේ මනුස්සයාගෙන් තමයි අහන්න ඕන."

"පුළුවන් නම් යන්න.හරි ලස්සනයි."

                         ඔෆිස් එකට ආපු ගමන් අන්තර්ජාලයට රිංගුවා.අප්පේ... හොඳ වෙලාවට තමයි මේ අන්තර්ජාලේ ඔක්කොම දේවල් හොයා ගන්න පහසුකම් තියෙන්නේ.පාරක් හොයා ගන්න ඕන වුණත් ගූගල් දෙවියන්ට පිං. අතරමං වුණ තැනින් එලියට එන්න පාර පෙන්නනවා.

                       කවුරු කොහොම කිවුවත් ඉතින් කොහේ හරි යන්න මගේ මනුස්සයා කැමති වෙන්න ඕන නේ.වහාම ලින්ක් එක මේල් කළා,යමුද අපිත් කියලා අහලා.

"යන්න තමා හිටියේ.කවදද යන්නේ..."

"වීක් එන්ඩ් එකේ තමයි...යන්න නම් හිටියේ,ඇයි කිවුවේ නැත්තේ මට."

"surprise ....එකක් දෙන්න ඕන නිසා නොකිව්වේ."  "මේ සතියේ නම් බෑ.ලබන සතියේ යමු."

"අනේ surprise එක අපරාදේ නේද?"

                          ඔන්න ගමන ස්ථිර වුණා .මටත් ඉන්න බෑනේ.ඔෆිස් එකේ ඉන්න පිලිපීන් කෙල්ලෝ දෙන්නාටත් ගින්න දුන්නා.උන් දෙන්නාටත් ඕන නම් ගෙවල් වල අයත් එක්ක යන්නේ නැතෑ.

                             බලාපොරොත්තු වූ දිනය උදා වුණා.ඔතැනට යන්න ඕනේ හවස 3.00ට විතර කියලයි අහපු හැමෝම කිවුවේ.ඉතින් අපිටත් ප්‍රවාහන පහසුකම් හිමි කරලා දුන්නා ශ්‍යාමලී අක්කා.අපි දෙන්නා (මාත්,මහත්තයාත් ) තවත් යාළුවෙක් එක්ක ගමනට එක් වුණා. එතැනට තවත් යාළුවෙක් ආවා පවුල පිටින්. (ඒ ජෝඩුවම යාළුවෝම තමා.පොඩ්ඩ ත් එක්කම-ඒ කිව්වේ එයාලගේ පුතා ගැන.)

                          ඔන්න එහෙනම් මම ඔය හැමෝම එතැනට එක්ක ගෙන යන්නයි හදන්නේ.


                                                 එන්න ඇතුළට
                                          හදවත් හැඩයට නිර්මාණ වූ මල්
                                             එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලාංඡනයේ  හැඩයට

                                                             තරු හා හදවත් හැඩයන්ට
















                                                      මල් ආරුක්කු යටින්












                                                   මල් ඇල්ලක්
                                                                     වාහන වලත් මල්











                                                                    මල් පිරමිඩයක්



                                                        අනේ පුංචි වුන්ගේ කුඩ ටික



                                     ටිකෙන් ටික රෑ වෙලා .දැන් ගෙදර යන්න වෙලාව ඇවිත්
                          ආයෙමත් ඇතුල් වුන තැනින්ම එලියට.


                 බොහොම කලින් ලියන්න හිටපු ලිපියක් වුණත් කාර්යබහුල බව නිසා ප්‍රමාද වුණා. සමා වෙන්න ඕනේ ඒ ගැන නම්.

                ආයෙමත් මේ වගේ ලස්සන දෙයක් බලන්න ගියොත් ඉක්මණට ලියලා දාන්නම් හොඳේ.