Monday, March 18, 2013

බුදුන් උපන් රටේ බුදු පුතුනට ප්‍රහාරයක්...


              බෞද්ධයකු ලෙස උපන් මාගේ ආසාව යම් දිනයක බුදුන් උපන් දේශය වැඳ පුදා ගැනීම විය. මගේත් සැමියාගේත් දෙදෙනාගේම මවුවරුන් දඹදිව වැඳ පුදා ගැනීමට යැවීමට කටයුතු කරන්නට පහුගිය කාලය තුළ අප නො ගත් උත්සාහයක් නැත.

         " හිතේ කරදර තියා ගෙන දඹදිව වඳින්න යන්න බෑ.කවදා හරි මගේ සල්ලි වලින් තමයි යන්නේ.එතකොටයි පින" මගේ මවුගේ පිළිතුරක් විය.

        "ඔය සල්ලි වලින් ගේ හදා ගන්න. අපිව දඹදිව යවන්න කළින් තමන්ට කර ගන්න කොච්චර දේවල් තියනවද..?"ඒ ඔහුගේ මවයි. 

              කෙසේ හෝ අත්තිකාරම් මුදල් පවා ගෙවුවද, දෙදෙනාම ගමනට සූදානම් වූයේ නැත.

එය එලෙස අවසන් විය.

            අද මුහුණු පොතේ දුටු දෙයින් ගත සිත සීතල වී ගියේ මවුන් දෙදෙනාට ද මෙවන් කරදරයකට මුහුණ පෑමට වුණි නම්...... කියා පමණක් ම නොවේ.

                   බුදුන් උපන් දේශය වැඳ පුදා ගැනීමට ගිය වන්දනා නඩයක අප ස්වාමීන් වහන්සේ නමකට සිදු වූ හිරිහැරය බෞද්ධයකු ලෙස මා හට ඇති කළේ මහා සංවේගයකි. බලන්න මොනතරම් සාහසිකද..?

                   මේ වා මේ විධියට සිද්ධ වුණොත් ආයෙමත් ජාතිවාදී කලබල ඇති වෙන්න තියන ඉඩ කඩ බොහොම වැඩි වේවි. එහෙම වුණොත් ඉන්දියාව සදාකලික හතුරෙක් කර ගන්න විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න ඉන්දියන් දෙමළ සහ(කොටි හිතවාදීන් සේරම ) තමිල්නාඩුවට පන්නන්න තමයි සිද්ධ වෙන්නේ.

              ඒ විතරක් නෙමෙයි සිංහල ජාතීන් හා සමගිව මිත්‍රව වෙසෙන දමිළයන්ට පවා අතවරයන්ට මුහුණ දෙන්න වෙන එක වළක්වන්න බැහැ.83 කළු ජූලිය වෙලාවේ වුණා වගේ දේවල් ආයෙමත් නොවේවි කියලා කාට හරි අනාවැකි කියන්න පුළුවන්ද? එහෙන් මුසල්මානුවන් හලාල්.... කියාගෙන. මෙහෙන් ත්‍රස්තවාදී දමිළයන් ආයෙමත් නැඟිටින්න අත් වාරු හොයනවා. ඔය මතුවුණේ ලංකාවේ මතු වෙන්න බැරි වෛරීය සිතුවිලි වල මුල් අවස්ථාවක් නො වේ යැයි කියන්නට බැහැ. 

             මට හිතෙන විදියට ලංකාව ඇතුළේ පවා පුංචියට මේ දේවල් මතු වෙනවා ඇති . 

               සමහරවිට උතුරේ අපි හිතා ගෙන හිටියාට දැන් තත්ත්වය සාමකාමී, අපේ රටේ යුද්ධය නැත්තටම නැති වුණා කියලා ඒක තරම් හිත රවටාගෙන හිටින ලස්සන බොරුවක් තවත් නැතුව ඇති.තවමත් මාධ්‍ය වලින් කතා නොකරන සුළු දේවල් කියලා අත් හැර දමාපු බෝම්බ පිපිරීම් උතුරේ සිද්ධ වෙනවා.ගෙවල් අතරේ නොහොඳ නෝක්කාඩු වුණාම ( දන්න භාෂාවෙන්ම කියනවා නම් වලි ගියාම ) ග්‍රෙනේඩ් එක කඩලා තරහාකාරයාගේ ගෙදරට ගහන තත්ත්වයක් තියන බව උතුරේ සංචාරයක් ගියා නම්, හමුදා සොයුරන්ගෙන් විස්තර අසා දැන ගත්තා නම් දන්නවා ඇති. 

                   පිරිබාහරන්ගේ (ප්‍රභාකරන්ගේ ) ගෙදර අවට තියෙන්නේ මහා විරු ගම්මානයට අයිති ගෙවල්. ඒවායේ ඉන්න අය තවමත් කැමැති නැහැ අපේ හමුදා සොයුරන් යාපනේ ඉන්නවට.එවුන්ට ඕනේ දෙමළුන් විතරක්ම යාපනේ ඉන්නයි.අපේ සිංහළුන් යාපනේ බලන්න එනවාට පවා උන්ගෙන් තියෙන්නේ අයහපත් ප්‍රතිචාරයක්.යාපනේ යන්න කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම්, කරුණාකර දන්න කියන හමුදා නිළධාරියෙක් ගමනට එක්  කර ගන්න.කිසිම විටෙක දෙමළ කෙනෙක්ගෙන් පාරවල් අහන්න යන්න එපා.ඔවුන් ඔබව අතරමං කරවාවී.

               ලියන්න ගිය කතාවට එහා ගිය දේවල් ලියවුණා ,ඒත් මට හිතෙනවා මේ වෙලාවේ ඒ ගැන අපේ අය දැනුවත් වෙන එක හොඳයි කියලා. ටික දවසක් යන තුරු යාපනේ පැත්තෙත් නොගිහින් ඉන්න පුළුවන් නම් ඊටත් හොඳයි.


                බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට පහර දුන් ඒ පාපතරයන්  දැන් පලා ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය කියා සිටිනවාලු. අපේ කොන්ද පණ තියෙන දේසපාලුවෝ ඉන්නවා නම් ඉන්දීය දෙමළු එක්ක කතා කරන්න හැකියාවක් තියෙන,මෙන්න ඊට හොඳම වෙලාව.සිංහල බෞද්ධ වේවා ,දෙමළ වේවා කවුරු හරි මේ ගැන කතා කළ යුතුමයි.ඉන්දීය රජය අපේ ස්වාමීන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටීම අත්‍යාවශ්‍ය වන අතර , මෙම පහර දීම සිදු කළ පවුකාරයන් හට දඬුවම් පැමිණවිය යුතුමයි.එවුන් අප ස්වාමීන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටිය යුතුයි.රජයක් වශයෙන් ඉන්දීය රජයට ක්‍රියා කළ හැක්කේ ජිනීවා හිදී ශ්‍රී ලංකාවට එරෙහි වීමට පමණක් නම්, ලාංකිකයන් වශයෙන් අද පටන් සියළු ඉන්දීය භාණ්ඩ වර්ජනය කිරීමටත්,බුදුන් උපන් දේශය වුවත්,එය වැඳ පුදා ගැනීමට යාමෙන් වැළකී සිටීමටත් මම තීරණය කළෙමි. ඔබගේ තීරණය කුමක්දැයි පපුවට තට්ටුවක් දමා ඔබම විමසා සිටින්න.

3 comments:

  1. ඔය බට්ටි කියන ටික මටත් තේරෙනවා.. ඒත් ඉන්දීය භාණ්ඩ වර්ජනයක් නම් අනේ මන්දා බට්ටි.. ඒක හලාල් ගහපුවා වර්ජනයක් තරම් ලේසි වෙන එකක් නෑ කියලා මට හිතෙනවා... මරුටියක් තියෙන මනුස්සයා කාරෙකට මක්ක කොරන්නද... ඉන්දියන් කොම්පැණියක වැඩ කරන මිනිහා මොකද කරන්නේ.... ඉන්දියාවෙන් හදන යාපනේ රේල්වේ එකට මොකද කරන්නේ... අනිත් රටවලින් නොගියොත් ආයිත් මහන්තලා අයිති කරගන්න එකක් නැතිවෙයිද බුද්ධගයාව එහෙම...

    මෙතන වැඩිපුර තියෙන්නේ අපේ දේශපාලකයන්ගේ කොන්ද පණ නැතිකම...

    ReplyDelete
  2. හැම රටකම අධමයෝත් සිටිත්. මෙවන් උන් අපේ රටේ ද සිටිති. එය සමස්ථය නොවේ. එසේම උතුර ගැන ඔබ කියන දේ සත්‍යයක්. උන්ගේ නිජ බිම අපේ සේ අප හැසිරිම උන්ට ගැටලුවක්. මේක නොතේරෙන අපේ උන් කීදෙනෙක් ඉන්නවද. ඒ වගේම තමා ඔය බුදුන් වැඩි දේසෙට මං හත් අට වතාවක්ම ගිහින් තියනවා. එතකොට නං කරදරයක් තිබුණේ නෑ. එහේ ඉන්න ජාතිවාදියෝ තමා මේ ගින්න අවුලුවන්නේ.

    ReplyDelete
  3. මම නම් හිතන්නෙ තත්වය සමනය වන තෙක් වත් ඉන්දීය සංචාරයන් ( දඹදිව , සහ ප්‍රසිද්ධ කතෝලික පල්ලි කීපය )නවත්වන්නට හැකිනම් හොඳයි. කලින් වතාවක් කතෝලික බැතිමතුන් පිරිසකටත් පහර දී තිබුනා..ඉන්දියාවට එරෙහිව පියවරක් ගන්න අපේ දේශපාක්ලකයින් බයයි. සමහා විට ඒ බය වීමේ ඇත්තකුත් තියෙන්නෙ පුළුවන්. ඉන්දියාව හෙමින් හෙමින් ලෝකයේ බලවතුන් අතරට එකතු වෙනවා. යුධමය වශයෙනුත් ආර්ථික වශයෙනුත් ශක්තිමත්..

    මෙතන ඇතිවන්නේ තමිල්නාඩු ජාතිවාදී පාර්ශවයක් තිරසනුන් ලෙස හැසිරීම. ඉන්දියන් නිශ්පාදන වර්ජනය කිරීම සාර්ථක පියවරක් නෙමේ. අද බොහෝ දෙනා පාවිච්චි කරන මෝට බයිසිකලය පවා ඔවුන්ගේ නිශ්පාදන..අපි අපේ දේශීය නිශ්පාදන ඇති කරන්නෙ නැතුව තවත් රටක දේවල් වර්ජනය කරන්න හිතනවා කියන්නෙ පලරහිත වැඩක්. හොඳම දේ ටික කාලයක් යනතුරු ( අඩුම තරමින් ජිනීවා සාකච්ඡා නිමා වෙන තුරුවත් ) ඉන්දීය වීසා නොදී හිදීමයි..

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...