Saturday, April 27, 2013

පාට පාට අංක තහඩු

                          අපේ සිරි ලංකාවේ කොහේ කියලා දකින්නද ඉතින් පාට පාටින් අංක තහඩු.මම මේ කිව්වේ....... තේරුම් ගන්න, දන්නා කියන බාසාවෙන් කිව්වොත් මේ.... නම්බ(ර් ) ප්ලේට් එක ගැන.වාහන වල තියෙන්නේ.... ආ....න්න ඒ ගැන.

                  අනේ මම දන්නා දෙයක් නැහැ නම්බර් ප්ලේට් ගැන. ඒ වුණාට බලන්නකෝ මැද පෙරදිග තියන පාට පාට අංක තහඩු දිහා.

 මේක අයිති රට මොකක්ද කියලා මම දන්නේ නැහැ.මට අරාබි බැරි නිසා.කොහොම වුණත් මේක තිබුණේ නම් ඩුබායි වල.

                                                             මේ අබුඩාබි වාහනයක්.
                                                                  මේක සවුදි වලින්.
                      ඩුබායි වල ඩබල් කැබ් වගේ වාහන වලත්  මේ වගේ කොළ පාට අංක තහඩු තියනවා.

                                                          මේ කටාර් වල වාහනයක්.
                                ඔන්න පොලිස් වාහනයක නම්බර් ප්ලේට් එකෙත් පින්තුරයක් ගත්තා.
                                                      මෙයත් අබුඩාබි වාහනයක්.
                මෙන්න මේ ජාතියේ නිල් පාට අංක තහඩුවක් තියන පින්තුරයක් ගන්න මම කොච්චර කල් ගත්තද ... අනේ අපොයි හරිම අඩුයි මේ පාට අංක තහඩු. සාජා වල වාහන සමහරක තියනවා. ඩුබායි වල තියන හැම නිල් පාට අංක තහඩුවක් තියන වාහනයකම EXP කියලා ගහලා තියනවා. සමහර විට රෙජිස්ටර් කරන කොටම තමන්ගේ රටට ගෙනියන බව සඳහන් කරන්න පුළුවන් ඇති.
                         මම ගොඩක් කාලයක ඉඳන් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක් තමයි අද මේ ලියවුණු ලිපිය. වැඩි යමක් නැහැ ඇත්තටම කිව්වොත් පින්තූර ටික විතරමයි. 

                          ඒත් ඉතින් මට වඩා කරුණු දන්නා අයටයි මේ ආරාධනාව.දක්වන්න ඔබේ අදහස්,අනෙක් අයගේ දැන ගැනීම සඳහා.

6 comments:

  1. බට්ටියේ ,
    දන්නා විදියට ඔය මුල්ම නොම්මරේ අයිති "යේමන්" රාජ්‍යට ......කහ පාට ඒවා අයිති "ඕමාන් " රාජ්‍යට ........

    කොච්චර පොටෝ ගැහුවත් කමක් නෑ බට්ටියේ....පොලිස් මාමලාගේ ඒවා ගන්න එපා.දැක්කොත් ලෙඩක් තමයි.........

    ReplyDelete
  2. මාත් මේ වේලි වේලි ඉද්දි බට්ටිගේ පෝස්ට් එක දැක්කේ ...
    වැදගත් විස්තර ටිකක් තියෙනවා පෝස්ට් එක පුංචි උනත් ...
    හැබැයි මොනවා උනත් ආරක්ෂක සේවාවන් වල පින්තූර නම්
    ගන්න එපා .දැක්කොත් ඔයාව පිටුවහල් කරයි කොහේ හරි
    පාළු දූපතකට ..ඔයාට කන්නත් නැතුව බොන්නත් නැතුව
    මැරෙන්න තමයි වෙන්නේ ඊට පස්සේ ..ආයේ ලංකාවට
    එන්න කියලද ..නැහැනේ ..ඔයා ඉවරයි සදහටම බට්ටියේ ..
    අපිට බට්ටියෙක් නැහැ ඊට පස්සේ ..අයියෝ බට්ටියේ...
    මට එහෙම සිද්ධියක් උපකල්පනය කරන් දැන් අඬන්න හිතෙනවා ...

    ReplyDelete
  3. මේ බට්ටිටත් හිතෙන දේවල්.... මාරම පරිකල්පනයක්...ඉතාම අගෙයි ඒත් මේ ගැන කියන්න කිසිම දෙයක් මං දන්නේ නැ.. ඉහළ උපදෙස් ටිකනම් ඇත්ත බොහොම භයානක දෙයක් කරලා තියෙන්නේ.

    ReplyDelete
  4. හැබෑටම පොලිස් මාමාලාගේ වාහනේ අංකේ ගත්තේ නම් ටිකක් බයෙන් වගේ තමා.කොහොම වුණත් මෙහේ ඔය පින්තූර ගැනීම පිළිබඳව ලොකුවට සළකන්නේ නැහැ නේ. ඇයි ඉතින් බැලු බැලු පැත්තේ අය අතේ තඩි කැමරා. මේ මං වගේ ෆෝන් කට්ටෙන් ෆොටෝ ගන්නවා වගේද...?

    අනික ඉතින් පේන්නේ නැද්ද මම කොච්චර හොරෙන්ද මේවා අරන් තියෙන්නේ කියලා.වාහන වල අංකේ විතරනේ.කොච්චර පණ්ඩිත කම් කියෙව්වත් ටිකක් බයයි. මොකෝ ඉතින් පොලෝසියට මාට්ටු වුණොත් මං කියන දේ උන්ටත්,උන් කියන දේ මටත් තේරෙන්නේ නැහැ නෙව.මං දන්නා හින්දියක් තියේය.

    ReplyDelete
  5. ඔව්වා ගැන නම් ඉතිං අපිත් දන්නවා කියලයැ. මොකද අපි වැස්සකටවත් රටින් පිට ගිහිං තියෙනවයි කියලයැ.

    ඒත් සිරි ලංකාවෙ නම් රතු පාට අංක තහඩු තියෙනවා. තව වර්ගයක් තියෙනවා ලොක්කෝ ගාව. ඒකෙ මෙලෝ අංකයක් නෑ. කළු පාට විතරමයි. කට්ටියනම් කියන්නේ අංක තහඩුව හයි වෙන්නේ ඕකට කියලා. ඒත් මටනම් හිතෙන්නේ අපි වගේ කබ්බන්ට නොපෙනෙන වැදගත් මොනා හරි දෙයක් ඒකෙ ලියලා තියෙනවා කියලා.

    ReplyDelete
  6. වෙනස්ම පොස්ට් එකක් .

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...