Monday, January 13, 2014

දන්නෙත් නැති නො දන්නෙත් නැති ක්‍රිකට්.

               මේ දවස් වල අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඩුබායි දේශයේ කරක් ගහනවා.කට්ටිය කීමට කියන්නේ ඩුබායි කියලා නේ. ඒත් ඇත්තම කිව්වොත් මේ රටේ නම එක්සත් අරාබි එමීර් රාජ්‍යයය.ප්‍රාන්ත 07කින් සමන්විත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කියන්නෙත් එක ප්‍රාන්තයක් පමණයි. 

  • අබුඩාබි
  •  සාජා
  •  ෆුජෙයිරා (ෆුජේරා )
  •  රස් -අල්-කයිමා
  •  අජ්මාන්
  •  උම්-අල්-ක්වීන් යනු අනෙකුත් ප්‍රාන්තයන්.
             



              20- 20 තරගයක්, එක් දින තරගයක් සහ ටෙස්ට් තරගයක් ඩුබායි වල පැවැත්වූ අතර, තරගාවලියට අයත් වූ අනෙකුත් 20-20  තරගය සාජාහිදීත්, එක දින තරග 2 බැගින් සාජා සහ අබුඩාබි වලත්,පළමු ටෙස්ට් තරගය අබුඩාබි වලත් පැවැත්වූ බව ක්‍රිකට් වලට ඇළුම් කරන අය දන්නවා ඇති. ඒ වගේම 16 වනදා ඇරඹෙන අවසාන ටෙස්ට් තරගය සාජා වල පැවැත්වෙන බවත් ඒ සමගම නොදැන ඉන්න විධියක් නැහැ නේ.


                 

   මෙතැනදී මට දකින්න ලැබුණ දේ තමයි ඩුබායි වල තිබුණ සෑම තරගයක්ම අපේ ක්‍රීඩකයන් ජයග්‍රහණය කළත්, අනෙකුත් තරග වලදී අපේ ක්‍රීඩකයන් දැක්වූ දුර්වල තරග රටාව.විශේෂයෙන්ම සාජා තරග වලදී.එක් දින තරගාවලිය පරාජය වීමට ලොකුම හේතුවක් විධියට මට පෙනෙන්නේ සාජා හිදී ලද අමිහිරි පරාජයන්.පකිස්තානු කණ්ඩායම දිගට හරහට හතරේ සීමාවට ඉහළින් ලකුණු ලබා ගනිද්දී, අපේ කණ්ඩායමට සිදු වුනේ එකින් එක ලකුණු එකතු කර ගන්න. ඒකත් හරිම මහන්සියෙන්.

                 කාලයක් ජාත්‍යන්තර තරග වලටම විතරක් වෙන් කළ සාජා ක්‍රීඩාංගනය පහු කාලයක ආසාවට වත් ජාත්‍යන්තර තරග වලට දුන්නේ නැහැ.ඒ නිසා ඒ තරම් හොඳ නඩත්තුවක් කෙරුණේ නැති බව මම දැක්කා මගේ දෑ හින්ම. පහු ගිය වසරක ඕල්කට් පාසල්  ක්‍රිකට් තරගාවලිය සාජා ක්‍රීඩාංගනයේ පැවැත්වුන නිසා. (මගේ මහත්තයා ඕල්කට් පාසල්  තරගාවලියට සහභාගී වුන නිසා එයා යන යන තැන මාත් යනවා හරියට ඉදිකටුවයි -නුලයි වගේ.)එහි හතරේ සීමාව පවා ඒ හැටි දුරක් නැහැ. ක්‍රීඩාංගනය පොඩි නිසා.ඩුබායි වල හෝ අබුඩාබි වල ක්‍රීඩාංගනයන්හි විශාලත්වය ගැන මම නොදන්නවා වුණත් සියලුම තරග අන්තර්ජාලයෙන් පමණක්ම නැරඹු නිසා අනෙක් සෑම ක්‍රීඩාංගනයකටම වඩා සාජා ක්‍රීඩාංගනය කුඩා බව අවබෝද වුණා.

                 ඉතින් පකිස්තානුවන් හතර අතට වනද්දී, අපේ අයට මොකද වුණේ...? මට තියන ප්‍රශ්නය ඒකයි. අපේ කිසිම ක්‍රීඩකයෙක් විශාල ලකුණු ප්‍රමාණයකට ගියේ නැහැ.සාජා හි පැවැත්වුන 

පළමු එක් දින තරගයේදී 
කුසල් ජනිත් 64 (68), 
දිනේශ් චන්දිමාල් 46 (50),
සීක්කුගේ ප්‍රසන්න 42 (52) සහ 
සචිත්‍ර සේනානායක 42 (40) 

සහ තෙවන එක් දින තරගයේදී ඩිල්ෂාන් 59 (62)  ලෙස ලකුණු ලබා ගත්තා.ඒ කිසිවක් ජයග්‍රහණය කරා යන්නට සෑහුනේ නැහැ.

        පළමු එක්  දින තරගය ලකුණු 11 ක් වැනි සුළු ගණනකින්  පරාජය වුණේ ප්‍රසන්න සහ සචිත්‍ර ගේ නො පසුබට උත්සාහය නිසා.නැතිනම් එහි පරතරයත් බොහොම ඉහල අගයක් ගන්න තිබුණා.කොහොම වුනත් පරාජය කියන්නේ පරාජයමයි.ඒ නිසා අපි එක් දින තරගාවලිය පැරදුනා.මුල් පෙළ පිතිකරුවන් වගකීමෙන් පන්දුවට පහර දුන්නා නම් ප්‍රසන්නට හා සචිත්‍ර ට ලොකු පීඩනයක් එන්නේ නැහැ වගේම ඒ තරගය අපට දිනා ගන්න තිබුණා.

      ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ කිවුවට ඊළඟට සාජා හි පැවැත්වුන තෙවන එක්  දින තරගය පරාජය වුනේ ලකුණු 113 කින්.

    සාජා ක්‍රීඩාංගනය ගැන අපේ ක්‍රීඩකයන්ට තියෙන්නේ බියක්ද නැතිනම් එහි තණ තීරුව ඔවුන්ට ක්‍රීඩා කිරීමට අපහසු තණ තීරුවක්ද කියන දේ දන්නේ ඔවුන් මයි.




     කෙසේ වෙතත් ලබන 18 වැනිදා ඇරඹෙන අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කරන්නට අපේ ක්‍රීඩකයන්ට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ සාජා වලට ඇති  හුඹස් බිය නැති වෙන්න ප්‍රාර්ථනා කරන ගමන් මයි.එවිට ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමි වේවි.





15 comments:

  1. මේ මොන බට්ටිද?? හැක්.. කිරිකට් බට්ටි

    ReplyDelete
    Replies
    1. මොන කිරි කැට් ද? මම කිව්වේ දන්නෙත් නෑ. නො දන්නෙත් නෑ.

      Delete
  2. මම නම් අකමැතිම ක්‍රීඩාව. ලංකාව ලෝක කුසලානායක අවසන් වටයට ආපු තරග හැර මම වෙන ඒවා බලලා නැහැ.

    ReplyDelete
    Replies
    1. මම ක්‍රිකට් බලන්න පටන් ගත්තේ නම් 96 ලෝක කුසලානේ දිනපු වෙලාවේ.දැන් නම් ක්‍රිකට් පිස්සුවක් වගේ.ඒත් කවදාවත් ග්‍රවුන්ඩ් එකකට ගිහින් බලන්න චාන්ස් එකක් නම් ලැබිලා නැහැ. ගෑණු ලෙස ඉපදීමේ විපාක තමා.

      Delete
    2. පුංචි සිරිලංකාවට ජාත්‍යන්තර මට්ටමෙන් ජයග්‍රහණ ලබන්න පුලුවන් එකම කණ්ඩායම් ක්‍රීඩාව ක්‍රිකට් කියන්නෙ....ඒ නිසා අපි නම් මනාපයි...

      Delete
  3. මට මතක හැටියට අපි 96 ලෝක කුසලානේ දින්නෙත් සාජා වලම නේද?

    ReplyDelete
    Replies
    1. නැහැ. පකිස්තානයේ ලාහෝර් වල ගඩාෆි ක්‍රීඩාංගනයේ දී. 96 ලෝක කුසලානේ තරග හැම එකක්ම වගේ තිබුණේ ලංකාවේ,ඉන්දියාවේ සහ පකිස්තානයේ. මට මතක විධියට.

      Delete
    2. මේ දිනේෂයගේ මොලේ සවුත්තු වෙච්ච බවට හොදම සාක්ෂියක්.. මතක ඇතිව ඕක මකන්න දෙන්න එපා බට්ටියෝ...

      Delete
    3. කොලුවො ඉදලා හිටලා සැර ජාතියක් ගනින්..මොළය පුස් කාගෙන එන්නෙ...

      Delete
  4. මමනම් දැන් කිරිකොට් අතෑරල දාලා තියෙන්නෙ.බලනවටත් පාඩුයි..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කලින් එක මැච් එකක් වත් අත් නො හැර බැලුවා කියන එකද?

      එහෙමනම් තව ටික කාලයක් ඔය විධියට මැච් නො බලා ඉඳීවි.ආයෙම පටන් ගනීවි.

      Delete
    2. කවදාවත් නෑ. කවදාවත් වැඩ පාඩු කරන් මැච් බැලුවෙ නෑ, හැබැයි ටිකක් උනන්දුවෙන් ෆලෝ කළා. දැන්නම් කා එක්ක කොහෙදි මැච් ගහනවත්දෝ දන්නෙ නෑ.. දැනගන්න උවමනාවකුත් නෑ..

      Delete
  5. අපි පුංචි එකාල කාලෙ ක්‍රිකට් වලින් දැක්ක සුන්දරත්වය අද දකින්න නෑ...අනේ මන්දා...අපි ඒ වයසින් ඈත් වීමද ක්‍රිකට් සල්ලි වලට යට වීමද කියන කාරණේ පැහැදිලි නෑ..

    ReplyDelete
    Replies
    1. මට මතකයි මම O /L කරලා ඉන්න කාලේ අපේ ගෙදර ටීවී 1ක් තිබුනේ නැහැ.ලොකු අම්මාගේ ගෙදරට අපේ ගෙදර ඉඳන් විනාඩි 5-10ක් පයින් යන දුර.ඒ දවස් වල ටෙස්ට් මැච් 1ක් වත් අතෑරියේ නැතුව මම බැලුවා. උදේ මැච් 1 පටන් ගනිද්දී ගිහින් ටීවී 1 ඉස්සරහා වාඩි වුනාම ආයේ නැගිට්ටේ ලන්ච් එකට නැවත්තුවාම. දුවලා දුවලා ගෙදර ගිහින් දවල්ට කාලා, ආයෙම එනවා ඉතිරි ටික බලන්න.ඔහොම පිස්සුවක් තිබුණ කාලයක් පවා තිබුණා 96න් පස්සේ.දැන් නම් ටෙස්ට් මැච් ගැන ඒ තරම් තැකීමක් නැහැ.ඒත්. පහු ගිය ටෙස්ට් මැච් එකේ දවස් 2ක් හැර ඉතිරි ටික උනන්දුවෙන් බැලුවා.

      ඒ දවස් දෙකේ ක්ලාස් නිසා බලන්න වුනේ නැහැ.ගෙදර එද්දී මැච් 1 ඉවරයි.

      Delete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...