Sunday, February 2, 2014

මායිම් ප්‍රශ්න...

         

                          මේ තරම් කාලයක් දුරු රටක දුක් විඳගෙන හරි හම්බ කර ගත් මුදලින් මිලදී ගත්ත ඉඩම් කෑල්ලේ නව නිවසක් ඉදි කරන්නට පෙර, මායිම් සීමා නිවැරදිව හඳුනාගෙන තාප්ප කෑල්ල ඉවරයක් කර ගන්න ඕන කියන අදහස අපි දෙන්නාටම තිබුණා. මොකද කීවොතින් ඔය ඉඩම මිළදී ගනිද්දී අපි දැන ගෙන හිටියා,ඉඩමේ එක් පැත්තකින් යන්න තියන අඩි 10 පාර වෙනුවෙන් තව අඩි 2ක්  ඒ පාරේ ගෙවල් වල අය  ඉල්ලලා තිබුණ බව.අපි මිළදී ගන්න පෙර ඉඩම අයිති වෙලා තිබුණ, දැනට කොළඹ පදිංචි වෙලා ඉන්න ගෑණු කෙනා ඔය වෙනුවෙන් නඩු කියලා එයා දිනලා. නගර සභාවෙන් කියලා තියෙනවා වැට මායිමට කරලා ගෙයක් හදන්න කියලා.එයා ඒ නිසා කාමර 2ක පොඩි ගේ කෑල්ලක් වැට මායිමේ හදලා,ඉස්සරහා කොටසේ තාප්ප කෑල්ලත් බැඳලා ම තිබුණේ.

                              ගෙදර වැඩ පටන් ගන්න කලින් තාප්පේ හදන්න මුල ඉඳන්ම අදහස තිබුන නිසා පහුගිය සතියේ එයා ලංකාවට ගියා දවස් දෙකක් වෙනුවෙන්. ලණු අදින්න,  ගෙපල කපන්න (වචනය හරිද මන්දා - කොහොම හරි ලණු ඇද්දට පස්සේ පොලව හාරන එක ) සහ මුල් ගල තියන්න වෙන වෙනම නැකැත් හදලා තිබුණා. මායිම් කණුව ලඟට කරලා කුඤ්ඤ ගහලා වැඩේට ලක ලැහැස්ති වෙලා.

                         ඔය අතරේ පිටි පස්සේ ගෙවල් වල එකා-දෙන්නා වැට මායිමේ කැරකෙන්න පටන් අරන්.සමහරු වටෙන් ගොඩින් කියනවාලු 

           "මහත්තයා තාප්පේ ගහද්දි ටිකක් වත්ත ඇතුළට කරලා ගැහුවා නම් කවදා හරි පාර වල ලොකු කරද්දී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ.නැත්නම් අපරාදේ තාප්පේ කඩන්න වෙනවානේ..."

          " කමක් නැහැ ඉතින්. ඕවා සිද්ධ වෙන්නේ තව කාලයක් ගිහින්  නේ."

         " අපේ ගෙවල් වලට ප්ලෑන් එකක් වත් පාස් කර ගන්න බෑ මහත්තයා අඩි 12ක පාරක් නෑ කියලා."
                  "මහත්තයා සල්ලි දීලා ගත්ත ඉඩමෙන් ඉල්ලන්න අපට අයිතියක් නැහැ.ඒත් ඉතින් සාධාරණයක් කරන්න පුලුවන් නම් ..."
           
           " ඔයාලාට තියන ප්‍රශ්නේ ඒක නම් මම සාධාරණයක් කරන්න බලන්නම්"

              ඔය වගේ දෙබස් හුවමාරු වෙද්දී කොට කලිසමක් ඇඳ ගත් අවුරුදු 45-50ක විතර කෙනෙක් මහා උජාරු ලීලාවෙන් වත්තේ මායිම් කණු ළඟ කැරකෙමින්,
         "මේ ..... තාප්පේ කොහොමද ඔය විධියට ගහන්නේ මේ මේ කණුවට ගන්න." 

"ඔයා කවුද?"
"මම කවුරු වුණාම මොකද ?මේ තාප්පේ එන්න ඕන මෙතැනට.හරියට තාප්පේ ගහන්න "

"මගේ ඉඩමේ තාප්පේ ගහන විධිය කියලා දෙන්න ඕන නෑ.මම හරියට තමයි කොහොමත් තාප්පේ ගහන්නේ"

"ඔයා හිටියද ඉඩම මනින වෙලාවේ? "

"නෑ.ඔයා හිටියෙත් නැහැ නේ. "

"ඔයා හිතනවා මෙතන තමයි කණුව තියෙන්නේ.මම හිතනවා මේක තමයි කියලා."
"එහෙම කොහොමද පාරේ තාප්ප ගහන්නේ.? "
"ඒකට තමයි ආණ්ඩුවේ ඔෆිස් තියෙන්නේ.පොලිසි තියෙන්නේ.ඔයාට එහෙම ප්‍රශ්නයක් තියනවා නම් පොලිසි යන්න.මම මේක නවත්තන්නේ නෑ.මොකද මම නීති විරෝධී විධියට නෙමෙයි තාප්පේ ගහන්නේ.නගර සභාවෙන් තාප්පේ ප්ලෑන් එකත් පාස් කරගෙන සල්ලි ගෙවලා තමයි වැඩේ පටන් ගත්තේ."

                     ටික වෙලාවකින් ලොකු පොර වගේ හිටි මනුස්සයා මාරු.

ආයෙම ඇවිත් වතාවක් රණ්ඩුවට ඇවිත් තිබුන වෙලාවේ අපේ නෑණා පොඩ්ඩ කියලා තිබුණේ "හරි අයියේ..ඔයා ඔය වැට පහු කර ගෙන වත්තට එන්නකෝ.ඇවිත් මල්ලිට එක පාරක් හරි ගහන්න බලන්න.ඊට පස්සේ අපි ඉතුරු ටික බලා ගන්නම් " කියලා.

ඔය ඔක්කොම චණ්ඩි කම් කටින් විතරයි.බයක් වගේ පෙන්නුවා නම් මුළු ඉඩමම දීලා අත පිහ දා ගන්න තමයි වෙන්නේ.

       ඒ මගේ මහත්තයාගේ උපන් ගම.දැන් ලංකාවේ නැති නිසා වෙන්න ඇති පිට ගං කාරයෝ කියලා හිතාගෙන සද්ද දාන්න එන්න ඇත්තේ.  අනික නෑණා බැඳලා ඉන්නෙත් අපේ ඔය ගත්ත ඉඩමට බොහොම ළඟින්. 

        ඔය ලොකු කම් කතා කළ කෙනාට සල්ලිය බාගේ තියනවාලු.හයි-බ්‍රිඩ් වාහනයක් තියා ගෙන ගමට සල්ලි බලෙයි-කටේ බලෙයි විතරක් නෙමෙයි,ඔය මනුස්සයාගේ තාත්තා ඉස්සර චණ්ඩියෙක් ලු.ඒ ලොකු කමත් එක්ක තමයි අපට සද්ද දාන්න ඇවිත් තිබුණේ.

         කොහොම හරි තාප්පේ හදන්න ගත්තාට පස්සේ සද්ද වහ ගෙන, පැත්තකට වෙලා හිටියාලු. තවමත් තාප්පේ වැඩ කටයුතු කරදරයකින් තොරව කර ගෙන යනවා කියලයි වරින් වර ලංකාවට දුරකතන ඇමතුම් ලබා ගනිමින් මට තොරතුරු කිව්වේ.




         පහලින් තියෙන්නේ අපේ තවමත් ඉදි වෙමින් පවතින තාප්පය. මේ පින්තූර අනුග්‍රහය  බාල මස්සිනා ගෙන්.  






  




20 comments:

  1. හොඳයි හොඳයි ජයවේවා,ලොකු ඉඩමක්නෙ.එහෙම කියනඑක හොඳද මන්දා?

    ReplyDelete
    Replies
    1. අනේ. මේක නෙමෙයි අපේ ඉඩම.ඉඩමේ පින්තූර ටිකක් තිබුණා.මම දාන්නම්.අපේ තවම තාප්පේ පටන් ගත්තා විතරයි.

      Delete
  2. මේ ඉඩම් ප්‍රශ්ණ කියන දේ පරම්පරා ගානක් විසදෙන්නෙ නැති ගැටලු...මම පුද්ගලිකව ඉඩමක මෙහෙම ගැටලු තියෙනවා කියලා දන්නවා නම් කොච්චර ලාභ උනත් ගන්නෙ නෑ...මොකද ඉන් අනතුරුව පැමිණෙන කරදර නිමක් නැති නිසා...මොකද ගමේ මුල් පදිංචි කරුවන් සහ අලුත් අය අතර ගැටුමක් නිර්මාණය වන නිසා...බුද්ධියට ඉඩ දී ගැටලු නිරාකරණය කර ගන්න. නැත්තං නිරපරාදෙ හතුරො ඇති වෙන්න පුලුවන්....අපේ මිදුලෙන් අඩි 6 ක පාරක් සම්මත වෙලා තිබුනෙ...ඒ ඈත අතීතයේ කරත්ත යුගයේ...නමුත් මගේ පියා අඩි 10 ක පාරක් දුන්නා...අපි මේවා මැරෙනකොට අරගෙන යන්නෙ නෑ...ජීවත් වෙනකං මිනිස්සු පහසුවෙන් තමන්ගෙ වාහන අරගෙන යයි....එයාගෙ උත්තරේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ඉඩම අයිති වෙලා තිබුණ කෙනා නඩු කියලා දිනලා. ඒ පාරේ ගෙවල් 3-4ක් තියෙන්නේ.අඩි 10 පාරක් මිස අඩි 12 පාරක් දෙන්න කියලා නීතියක් නැහැ.අපි හැම දේම හොයලයි ඉඩම ගත්තේ.අර ඉහත කී පුද්ගලයාට එන වේගෙට වාහනේ ගන්න බැහැ අපි තාප්පේ ගැහුවොත්.ඒකයි එයාට තියන ප්‍රශ්නය.

      අනික මම නම් පිට ගං කාරයෙක් තමයි.ඒත් මහත්තයාගේ ගම තමයි ඒ.කොහොමත් පිට ගං කාරයෙක් ආවා නම් කොහොම හරි ඔය මනුස්සයා පාරට අඩි 2 ගන්නවාමයි.කලින් කෙනෙක් ඉඩම ගන්න ආපු වෙලාවේ ඔය මනුස්සයා කිවුවලු ඉඩම ගත්තොත් පාරට අඩි 2 ඕන කියලා. ඉතින් එයා ඉඩම අරගෙන නැහැ.

      Delete
    2. බට්ටි, මම මේ ඔයාගේ බ්ලොග් එකට එක පලවෙනි වතාව​. ලිපියේ හෙඩ්ම දැකල මේ පැත්තට ගොඩ වුනේ. සිංගිල්‍ෂ් වලින් කොටන්නම් තරහ වෙන්න එපා කියවන්න අමරුනම්.

      magee pawle enne ammai nangi vitarai.mama idama gatte 2010 attatama geyak hadanne na kiyala hetan hetiye moko kawada hari mahen geyak gannawa aragena nangivai ammawai ekkagena enna. et vuna deyak nisa mama hetuwa geyak hadanna.

      2010 edama gatta gaman mama kale kambi gahana eka. mama idama dakke na 2011 November wenakan. kambi gahana kalae eka ekkena kiyala tebuna parata araca teyanna one mecara teyanan one kiyala. ammata aet sadden kiyala tebba. amma kiyala tebbe puta gatte edama mama eyata kiyannaum kiyala..mama kiwwe kambi teka gassana maima hari wedihata lakunu karala teyana wedihata ehamai mama denna onenum dennum adiyak dekak oka loku deyak nami kiyala..

      ape ammatat kiyala pitagam walin awet ehama mehama kiyala..moko oya mama gatta edama ganan miniha balan idala teyanawa. oita issala ganna awa dennekta oyawage kata kiyala harawala yawala. eth ekata ganan bari wna mama gatta enika game kawruwat mawa hariyata dakala na.mama 2012 ge hadanna patan gattahama me pora ai awet eka eka ewa kiyala.. hadanan denne na eyata gedara. ganu dennek gedara inna nisa sadde dala wade karaganan baluwe.

      Mata karanan deyak tebunema nati tana maget UN eke hetapu lankawe STF eke inna aiya kenekuta kata kala. e edama sudda karanna dawase. ara manusayat eha gedara idala teyenne awella moko wenne balanna. Jeep 2k gehen watta laga natara karala ara aiya ammat ekak kata karaddi arka maru wenna hadala.. eya ekawat genalla gampaha policiye HQI wat gennala kiyala tebba me mage Nanda. mage malli idama gatte kawru hari metanin ehata karada karala tebunot metana edala eya bala gannaum kiyla. Gampaha policen kiyala tibba ai katahari karadara karala tebot eyata wena de. (moko STF eke gampaha policiyat hodata dananwa eya gana anika eya tamai eka district ekak barawa innet)

      E aiya eta passe mata call kale etana edala. Mama ara manusayata denna kiyala phone eka ekama eka deyai kiwwe.. "mama oyawa danne na kawada kiyala.. habai mama tumpane namai. mamat gampaha meka eka ratak rate kohet manusayakuta aitiyak teyanawa taman gatta tana geyak hadanan kiyala" Oyata Contract onenum mama contract dena ekkenet ekka kata karaganan minissunta taga dala wada karaganna hadanne natiwa kiyala. ara aiyat godak dewal kiyala tebba minihata

      eda edala ada wenaturu ape ammatawat nangitawat wachanayak kiyalat na ara manussaya. me dawas wala wahale ganawa.. gedara genapu eka baduwakwat nate wone na ada wenaturu. Game katat adatat prashanayak HQI awe kohomada ara aiya awe kohomada kiyala.
      e prashanaya ehanamam prashanayk wedihata teyana eka hodai.

      Gamwala innawa oya wage gas wado. hamadama api kata wahagena hetiyot ahinsaka manusayanwa talannama tamai balanne.. awasanawata oya wage samaharau karana dewal nisa tamai ahinsaka manusayakuta geyak dorak hadanan idamak ganan bari. Mate oyata oka kata gahala adunum kam mata oya de karaganan puluwan wonata tawa 1000 ganak ahinsaka minissu asaranai oya wage kalakanne nisa..

      eten antemata comment eka post ekak wona.ඉක්මනට ඔයාල දෙන්නගේ කැදැල්ල හදා ගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා කිසිම කරදර බාධකයකින් තොරව​.

      Delete
    3. ඔහ් නම කොටන්න අමතක වුනා. මම සිරාගේ යාළුවා මයික්

      Delete
    4. අම්මෝ කියෙව්වේ නම් හරිම අමාරුවෙන් තමයි.ඒත්...ඉතින් ඔක්කොම ටික කියෙව්වා.බොහොම ස්තුතියි මේ පැත්තට ආවාට සිරාගේ කාමරේ පැත්තෙන්.

      ඇත්තටම ඔය වගේ චණ්ඩින්ට බය වුණොත් සදාකාලිකවම බයෙන් තමා ඉන්න වෙන්නේ.

      Delete
    5. මට මේ වගේ තාප්පයක් හදාගැනීමට බාස්ල හොයාගන්න උදව් කරන්න .මේ වගේම කරදරකාරි පිරිසකගෙන් ගෙදර වෙන් කර ගැනීමට අවශ්‍යයි .මොනවද අපි අරන් දෙන්න ඕනි බඩු. කොච්චර වියදමක් යනවද

      Delete
  3. අපෝ ඔය ඉඩම් ප්‍රශ්ණ මායිම් ප්‍රශ්ණ නම් ඕනම නෑ..

    ReplyDelete
    Replies
    1. හරියට හරි.ඒත් ඉතින් අපට ඒවාට මුහුණ දෙන්නම වෙනවානේ.ඉඩම් ගනිද්දී.

      Delete
  4. ගෙපැල නෙවෙයි ගෙපල වෙන්න ඕන හරි වචනේ මම හිතන විදිහට .නලින් අයියා මේ පැත්තේ ආවොත් කියයි. කටින් චන්ඩි කොහෙත් ඉන්නවා. වැඩේ තියෙන්නේ රණ්ඩුවට කමතිනති ගොඩ දෙනෙක් කටින් චණ්ඩින්ට ලයිසන් දෙනවා ,මොකටද නිකන් ප්‍රශ්න හදා ගන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. ඔවු,අපේ මිනිස්සුම තමයි චණ්ඩි බිහි කරන්නේ. "උන්ට ලැජ්ජාව නැති වුනාට අපට ලැජ්ජාව තියනවා නේ කියලා.

      හරි වචනය ගෙපැල ද ගෙපල ද කියලා මමත් හරියට දන්නේ නැහැ. කටට-අතට ලියද්දී හුරුවට දැනුන වචනය ලිව්වේ.හරියටම දන්නා කෙනෙක් කියන්න.නිවැරදි කරන්නම්.කියවන යම් කෙනෙක් වැරදි අදහසක් ගත්තොත්..(ඉගෙන ගන්න කැමති අය )

      Delete
    2. ගෙපල යනු අත්තිවාරම් කැපීමයි. ගෙපැල යනු ගෙවත්තේ ඇති පැල්කොටයට කියන නමයි. ඒ අනුව මෙතැනට හරි වදන ගෙපල විය යුතුයි.

      Delete
    3. නිවැරදි කළාට තුති. ඔන්න වෙනස් කළා.

      Delete
  5. හැබැයි ඉතින් ලොකු අව්ලක් නැත්නම් පාරට අඩියක් දෙකක් දෙන එකෙන් ඔයලාගේ ඉඩමටත් තව වටිනාකම වැඩිවෙන්න හේතුවක් වෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අවුල තියෙන්නේ අඩි 2 ඉල්ලුව ක්‍රමයේ තමයි. නැත්නම් නොදී ගොඩ ගහ ගන්න ඕන කමක් තිබුනේ නැහැ. ඒත්.. මායිම කෙලින් කරලා තාප්පේ ගහද්දි අඩියකට වඩා නිකම්ම දීලා.හරියටම පිටිපස්සේ ගෙදර ගල්-වැලි බිස්නස් කරන කෙනෙක් ඉන්නේ.ඉල්ලුවෙත් නැතිව මහත්තයා එයාලගේ වත්තට හැරෙන පැත්තෙන් තාප්පේ රවුම් කරලා දීලා.

      Delete
  6. ඉක්මනින්ම ගේ පොඩ්ඩ හදාගන්න කෝ එහෙනම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුබ පැතුමට.තාප්පේ ඉවර කරලා ගේ ගැනත් බලන්න ඕන.දවසින් දවස ගල්-වැලි -සිමෙන්ති ගණන් යන නිසා ඉක්මන් කරන තරමට හොඳයි නම් තමා..

      Delete
  7. ඉල්ලපු ක්‍රමය තමයි වැරදි. ඔහොම ඉල්ලුවොත් කීයටවත් දෙන්න හිතෙන්නේ නැහැ. පාරට වැඩියෙන් දුන්නොත් අපේ මිනිස්සු එතන කුණු දාලා යන්න පටන්ගනීවී.

    ReplyDelete
  8. Etkota hariytama adi parka tyenna oni dura kochchrada අඩි 10 dha අඩි 12

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...