Tuesday, July 8, 2014

සිහින සැබෑ වීම තෙක්.....

පුංචිම පුංචි හීනයක් තිබුණා අනිත් හැමෝටම වගේ මටත්. කොයි තරම් හීන එකතු වුණා -අඩු වුණා  වුණත් , කිසිම දවසක නොවෙනස්වම හැමදාම වගේ දැකපු.

ඒ හීනේ වෙනුවෙන් පහුගිය කාලේ බොහොම ඉවසීමෙන් බලා ගෙන හිටියේ.සිහිනය සැබෑ වීමත් සමගම කාර්‍යය බහුල වුණා මං . ඒත් ඉතින් හීනේ හැබෑ  වුන සතුට දවසෙන් දෙකෙන් නිමා නොවන, මුළු ජීවිත කාලය පුරාවටම රැඳී තිබෙන නිසා, මේ වන කාර්යය බහුලත්වය පිළිබඳව පුංචිම පුංචි අමනාපයක් වත් දැනෙන්නේ නැහැ මට.

හැම කෙනෙක්ම වගේ මාත් බොහෝ ආසාවෙන් එකතු කරගත්ත හීනය........

ගැහැණු ආත්මයක්ව ඉපිද, යමක් කමක් තේරුම් ගැනීමට හැකි වූ දා පටන් ඇය ජීවිතය ගෙවිය යුතු අයුරු සැලසුම් කරනවා.හැම කෙනෙක්ම නො වුණත් බොහෝ දෙනෙක්. විශේෂයෙන් ආදරය සම්බන්ධව.තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙන කෙනා පිළිබඳව.ඔහු මොන විධියේ කෙනෙක් විය යුතුද , කුමන ගති පැවතුම් තිබිය යුතුද... ලෙස. මේ අතරට ධනය, කඩවසම් බව, රැකියාව, අධ්‍යාපනික පසුබිම , පවුල් තත්ත්වය , කුලමල ආදියද සමහර අය සැලකිල්ලට ගන්නවා .

ඔය මොන දේවල් සලකා බැලුවත් දෙමාපියන් කේන්දර ගැලපීම ගැනත් බලනවා. ඔය එකී මෙකී නො කී  බොහෝ දේ සළකා බැලීමෙන් පසුව සිදු වන විවාහයෙන් පස්සේ ප්‍රධානම වශයෙන් අම්මලා-නැන්දම්මලා ගේ බලාපොරොත්තුව එයාලාව ආච්චි කෙනෙක් කරන්නේ කවදද කියලා විමසිල්ලෙන් ඉන්න එක. තාත්තලා වුණත්  නොකිවුවාට ඒ බලාපොරොත්තුවෙන් ඉන්නේ සීයා කියන පුංචි පැටියෙක්ගේ මුණ දකින්න.

පුංචි පැටියෙක්ගේ බලාපොරොත්තුවෙන් හීන දැකපු මමත් විවාහයෙන් වැඩි කල් නොයාම ඒ බලාපොරොත්තුව ඉටු වේ ගෙන  එනවා යි හිතේ හිනාව මුණටම එකතු කර ගෙන ඇඟිලි ගැන ගැන බලාන උන්නා. ඒ හීනෙට ඒ හැටි ආයුෂ තිබුණේ  නැහැ. ඒ නිසාද මන්දා ආයෙම හීන දකින්න මං බය වුණා . ඒත්  කාටත් නොකියා මම මගේම හිතේ හංගාගෙන ඒ හීනය වැවෙන්න පොහොර දමමින් බලාන උන්නා. දවසින් දවස ගෙවී ගෙවී ගිහින්, වසර හතරකට ආසන්න කාලයක්ම ගෙවුණා . කඳුළු බින්දු හිතට, නෙතට එකතු කරමින්.ගෙවුන හැම වසරකම මගේ (අපේ ) හීනය මැකුන දවසට මම ඇඬුවා හැමෝටම හොරෙන්.

ඒ අතීතය අද මට බලාපොරොත්තුවක් විතරක් නෙමෙයි, මගේ හීනයත් හැබෑ කරලා දීලා . 

පුංචි පැටියෙක් අපේ ලෝකෙට එන්න හදන බව දැන ගත් මොහොතේ පටන් බොහොම පරිස්සමෙන් ඒ හීනයට වගේම,පුංචි පැන්චියටත් වැඩෙන්න දුන්නා. දකින අය හැර, බොහෝ අයට කීමට මැලි වුණා කලින් බිඳුණු හීනය නිසාම.

කාලයක්ම මගේ බ්ලොගය පැත්තේ වත් නෑවිත් මම කැප වුනේ අපේ පුංචි ලෝකෙට එකතු වුන පුංචි පැටියා වෙනුවෙන්.


ඔන්න මගේ යහළු යෙහෙලියන් හැම දෙනාටම කිවුවා මෙපමණ කලක් මගේ බ්ලොගය පාලුවට ගිහින් තිබුණු හේතුව.ඉදිරියටත් ටිකක් ලිපි වල අඩුවක් තියේවි ටික කලක් යන තුරු, සමාවෙන්න ඕන හැමදෙනාම ඒ ගැන... :)

13 comments:

  1. බ්ලොග් දෙවනුව , පුද්ගලික ජීවිතයේ ඔබේ හීන වෙනුවෙන් කැපවෙන්න

    ReplyDelete
  2. සුබ පැතුම් බට්ටි බ්ලොග් අත ඇරලා හරි පොඩි පැටියා වෙනුවෙන් කැපවෙන්න.

    ReplyDelete
  3. අපි දෙන්නගෙනුත් මෙන්න සුබ පැතුම්... අලුත් අම්මටයි තාත්තටයි පුංචි පැටියටයි...

    ( මාත් මේ කඩාගෙන ආවෙ කොහෙද ගිහින් හිටියෙ කියල අහන්න.. හි හි..)

    ReplyDelete
  4. සුබ පැතුම් .බොගි වගෙද පොඩි උන් ,,,

    ReplyDelete
  5. සුබපැතුම් අලුත් බාබාට ඇතුළු පව්ලේ සියල්ලන්ටම

    ReplyDelete
  6. ඡය ශ්‍රි මහා බෝ සමිදු පිහිටයි.

    ReplyDelete
  7. සුබ පැතුම් බ්ට්ටියේ....

    ReplyDelete
  8. බට්ටිටයි පැටියටයි දෙන්නටම තෙරුවන් සරණයි....දරුවකුගේ හුරතලය තරම් වටින දෙයක් තවත් කොයිද?

    ReplyDelete
  9. සුබ පැතූ හැම දෙනාටම ස්තුතියි බොහොම.පිළිතුරු පමා වෙන්නේ මගේ චූටි පැටියා ළඟ ගෙවෙන වෙලාව වැඩි වෙන නිසා. ළඟටම වෙලා ඉන්නමයි හිත. නිදා ගන්න වෙලාවට තමයි මෙහෙම හරි ටිකක් අකුරක් දෙකක් කොටා ගන්නේ...

    ReplyDelete
  10. සුභ පැතුම් .................
    බ්ලොග් වලට වඩා පොඩ්ඩව ආදරෙයි නේ...

    ReplyDelete
  11. මගේ මලයා අපේ පවුල වෙනුවෙන් පුංචි කෙලි පැටික්කියක් ගෙනාව නිසා මමත් හොදට අත්විදිනවා ඒ සතුට....සුභ පැතුම් බට්ටි...

    ReplyDelete
  12. බ්ලොග් වලට කලින් පෞද්ගලික ජීවිතේ ගැන හිතන්න ඕනනේ අක්කෝ.. සුබ පැතුම් ඔන්න මගෙනුත්..

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...