Monday, July 14, 2014

පාපන්දු ලෝක කුසලාන තරගය.

මා දන්නා ෆුට් බෝල් ගැහිල්ලක් නැත.එසේ ම ඊට රුචියක්ද නැත.එසේ වූ පමණින් ඊට රුචි වුවන්ට විරෝධයක්ද නැත.නමුත් මට ඊයේ නම් ඇති වුයේ මහා පුදුමයකි.

මක් නිසාද යත් විභාගයක් ඇතැයි කියුවත් පොතක් පාඩම් කිරීමට අවදි වී නොසිටින, නිබන්ධන කිරීමට කොතරම් කාලය නැතත් රෑ 10.30 පහු වෙද්දී නින්දට යන, මගේ ආදරණීය මහත්තයා ඊයේ රෑ 10.30 පහු වෙනවාත් සමගම (ඩුබායි වේලාවෙන්) ෆුට් බෝල් මැච් එක බලන්නට සැදී පැහැදී සිටීමයි. "ටිකක් ඉන්න මැච් එක පෙන්නන ලින්ක් එක හොයා ගන්න කල්" ඔහොමයි කිව්වේ කන්න එන්න කිවුවාම.



මටත් නිබන්ධන වැඩක් තිබුණ නිසා කොහොමත් ටිකක් රෑ වෙනතුරු අවදියෙන් ඉන්න ඕන කියලා මම හිතලයි තිබුණේ. මොකද දවල් දවසේ ඔය දේ වලට විවේකයක් නැහැ මගේ පුංචි පැටික්කි නිසා.මම නිබන්ධනයේ වැඩ කරන අතරේ ඔහු තනියම කියවමින් මැච් එක බලනවා. හිටි හැටියේම බොහොම ප්‍රීතියෙන් අත් ඔසවමින් සතුට පළ කළා.මොකද ඇහුවාම ආර්ජන්ටිනාව ගෝල් 1ක් ගත්තාලු.

ආයෙම ටිකකින් කියනවා" ඇයි ඒක දුන්නේ නැත්තේ..?"

අනේ ඉතින් මම දන්නවා කියලාද?

මම ආයෙත් ඇහුවා "ගෝල් එක ගත්තා නම් ඇයි නොදුන්නේ "

දෑතේ ඇඟිලි එහා මෙහා පෙරලමින්,දෑත දෙපසට විහිදුවමින් -කට ඇද කරමින් අංග චලනයෙන් මට කීවේ ඒ ගැන නො දන්නා බවයි. 'මොකක් හරි කේස් එකක්' පස්සේ මට කියනවා.මම නිශ්ශබ්ධ වුණා. අහලා තේරුමක් ඇත්තෙත් නැහැ. ඔහු දන්නෙත් නෑ .මං දන්නෙත් නෑ. ඉතින් මොකට අහනවාද ? හදිසියේ වත් හේතුව දැන ගෙන හිටියා නම්......

12.00ට විතර මම නිදා ගන්න යනවා කියලා ගියා.ඒත් ඔහු මැච් 1 බලනවා.රෑ කීයටද මන්දා නිදා ගන්න ආවා 'ජර්මනිය කප් එක ගත්තා' කියලා කීවා වගේ යන්තමට මතකයි,නිදිමතේම මොනවා කිවුවද මං දන්නේ නැහැ.


10 comments:

  1. මටත් නං ෆුට්බෝල් අල්ලන්නෙ නෑ.. ක්‍රිකට් නං චුට්ටක් ෂේප්... ඒත් ඉතිං මං ඔය මොනවා බැලුවත් අපේ මහත්තයා ගිහින් නිදා ගන්නව... හි හි... එයා ඔය මොකකටවත් කැමති නැද්ද කොහෙද... ඔන්න කැඩිච්ච වාහනයක් වගේ එකක් සෙට් උනොත් රෑ එළිවෙනකං හරි කරකෝ කරකෝ හදයි...

    ReplyDelete
    Replies
    1. මටත් ක්‍රිකට් නම් චුට්ටක් නෙමේ. හොඳටම හොඳයි.කාලයක් මම ටෙස්ට් මැච් පවා උදේ ඉඳන් හවස් වෙන තුරු බැලුවා.දවස් 5ම . :)

      මම දන්න ෆුට් බෝල් ගැහිල්ලක් නෑ අප්පා.ප්‍රතිවාදියාගේ දැලට පන්දුව කොහොම හරි රැඳෙනවා නම් ගෝල් 1ක් ලැබෙනවා කියලයි මම නම් හිතා ගෙන ඉන්නේ. අපේ මහත්තයත් හිතා ගෙන ඉන්නේ එහෙම වෙන්න ඇති.ඒකනේ අර වගේ ඇහුවේ'ඇයි ඒක දුන්නේ නැත්තේ 'කියලා.

      Delete
  2. බට්ටි නිවාඩු ඉවරවෙලා වැඩට යන්න ගත්තම බබා බලාගන්නෙ කවුද?

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ගෙදර ඉන්නේ කරපු රස්සාවෙන් අයින් වෙලා.වැකේෂන් යන්න හිතා ගෙන ඉන්න නිසා අලුත් ජොබක් බැලුවේ නැහැ.අලුත් තැනකට ගියොත් ලංකාවට යන්න නොලැබෙන නිසා. මේ පාර යන්නේ අවුරුදු 2කින්.ගිය අවුරුද්දේ වැකේෂන් යන කාලේදී යන්න ලැබුනෙත් නෑ බබා ලැබෙන්න හිටිය නිසා. ගිහින් එද්දී කවුරු හරි එක්කගෙන එන්නයි ඉන්නේ.

      Delete
  3. මැච් එක බලන්න බැරි උනා නේ ...හබැයි ජර්මනිය දිනලා ,මේ සැරේ බ්‍රසීලය නම් අන්තයි ...

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. හැබැයි අර හපන බුවා හපනව කියල ඔට්ටු අල්ල ෂැහෙන සැට් එක්කට වාසි වුණා..
    උංට විතරයි මොලේ තිබ්බෙ..
    අපි නං ඕක දිහා දවසම බලං ඉන්නව...
    අන්තිමට වෙච්ච වැඩකුතු නෑ...
    අපිත් නැ

    ReplyDelete
  6. ආජන්ටිනාව පැරදුනාම මාත් අර කප් එකේ විදිහටම මූන වහගත්තා අප්පා..

    ReplyDelete
  7. මගෙත් පා පන්දු වලට එතරම් ප්‍රියතාවයක් නෑ...ලෝක කුසලාන කාලෙට තරග ප්‍රතිඵල ගැන විතරක් අවධානය යොමු කරනවා..

    ReplyDelete
  8. බලාගෙන ගියාම ක්‍රිකට් ලෝලීන් පාපන්දු වලට ප්‍රතිචාර දක්වන්නේ ඇල්මැරුණු ස්වභාවයෙන් නේ.

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...