Wednesday, November 12, 2014

පෙම් හුට පට.

මේකත් පරණ කථාවක් ම තමයි. බට්ටි A/Lකරන කාලේ.
ස්කෝලේ යන කාලේ ආදර සම්බන්ධතා පවත්වන්නේ නෑ කියන අදහස අපේ සෙට් එකේ තීරණයක් වෙලයි තිබුණේ. කෙල්ලො විතරක් ඉන්න ස්කෝලයක් නිසාත්, හොස්ටල් හිටිය නිසාත් O/L කරන තුරුම කොල්ලන් එක්ක සම්බන්ධකම් ඇති නො වීම පුදුමයකුත් නෑ.

ඒත් A/L කරද්දි හොස්ටල් ඉන්න ලැබෙන්නේ නැති නිසා බොහෝ දෙනා බෝඩින් හොයා ගත්තා. නoගිලා ත් ,මාත් එකම ස්කෝලට ගිය නිසා තාවකාලිකව ගෙදර අය බදු ගෙයක් අරගෙන ගාල්ලටම ආවා. ඒ නිසා A/L කරද්දි මට ගෙදර ඉඳන් ක්ලාස් යන්න චාන්ස් එක ලැබුණා.


කොයි තරම් කෙල්ලෙක් වුණත්, මම බොහොමයක් කොල්ලන් තරමට වත් පාඩම් කරන්න උනන්දුවක් නොතිබුණ නිසා,

හොස්ටල් කාලේ ඉඳන්ම දන්න කෙනෙක් නිසාත්, මහන්සි වෙලා පාඩම් කරන නිසාත් නයෝමි අපේ ගෙදර නතර වුණා A/L කරන්න.

අම්මාත් බොහොම කැමැත්තෙන් නතර කර ගත්තා මාත් පාඩම් කරාවි නේ කියලා. තනියම පාඩම් කරද්දි නින්ද යන නිසා තමයි පාඩම් නොකරන්නේ කියලා අම්මා හිතන්න ඇති.


නයෝමි ලස්සනයි,සුදුයි. කොල්ලෝ කීප දෙනෙක්ම නයෝමි ගැන හොයා බලනවා කියලා අපි දැන ගෙන හිටියා. නයෝමි කොල්ලො එක්ක කථාවට යන්න අකැමතියි.හේතුව එයා ශිෂ්‍ය නායිකාවක් වෙලත් හිටිය නිසා, ස්කෝලෙට ආරන්චි යන්නේ කපුටෝ හතක් වමනේ දාපු මිනිහා ගැන වගේ කියලා නයෝමි දන්නවා. බට්ටිට ඒ වගේ බැඳීම් නෑ. ඒ කිවුවේ බට්ටි ශිෂ්‍ය නායිකාවක් නෙමෙයි.

තරුෂ නයෝමිට ගොඩාක් ට්‍රයි කළා. ක්ලාස් ඉවර වෙලා එද්දි යාළුවෝ හත අටක් එක්ක බයිසිකල් වලින් එනවා.

දන්නවානේ එහෙම එද්දි කොහොමද තත්වේ කියලා, කවුරු හරි දැක්කොත් ස්කෝලෙට කියාවි,එන්නෙත් ඇඟේ වදින නොවදින ගාණට. පාරේ ඕන කෙනෙකුට තේරෙනවා මොකක්ද මේ සෙල්ලම කියලා. අනික බස් එකක එන්න තරම් දුරක් බොහොමයක් ක්ලාස් වලට තිබුණේ නෑ. ප්‍රසන්න සර් ගේ ක්ලාස් ඉවර වුණාම අපේ ගෙවල් පැත්තට එන්න අපේ සෙට් එකේ කෙල්ලො 5ක් හිටියා, ඉතින් කියව කියව එනවා. බට්ටිට නයෝමිටත් වඩා කේන්තියි. නිදහසේ පාරේ යන්නත් නැහැනේ.බට්ටි බනිනවා.ඒත් නවතින්නේ නෑ.


ඔය අතරේ තරුෂගේ ස්කෝලේ ප්‍රදර්ශනයකට අපටත් කුටියක් වෙන් කරලා තිබුණා. දවස් 5ක්.


කොච්චර බැන්නත් බට්ටියි, නයෝමියි දෙන්නම අනිවාර්යයෙන්ම ඔය ප්‍රදර්ශනයට යන්නම ඕන. බලන්න නෙමේ. ප්‍රදර්ශන කුටියේ ඉන්න.ඊට කලින් දවසේ සේරම ටික සූදානම් කරන්නත් යන්න වුණා. අපේ කුටියට එයාලාගේ ශිෂ්‍ය නායකයෝ කීප දෙනෙක්ම මුරට දාලත් තිබුණා. වැඩිම සෙනඟ ඉන්නේ අපේ කුටියේ නිසා පාලනය කර ගන්න බැරුව. වැඩක් ඇතත් නැතත් කොල්ලෝ ඒක ඇතුලේ. කන්න වත් වෙලාවක් නෑ.


බට්ටි කාලා අත හෝදන්න එළියට ගියාම තරුෂ යාළුවෝ එක්ක ඉන්නවා දැක්කා. බට්ටි ළඟට ඇවිත් නයෝමි ගැන අහනවා.


"ඔයාලා එයාට කරදර කරන එකෙන් වෙන්නේ එයා ඔයාලා ගැන කලකිරෙන එකයි. බයිසිකල් වලින් ඔහොම පස්සේ පන්නන්න එපා " බට්ටි බොහොම කාරුණිකව කිවුවා.


ඊට පස්සේ ටික කලක් කරදරේ නැති වුණාට ආයෙම පටන් ගන්නවා. කොහොම හරි නයෝමි තරුෂ ගැන අකැමැත්තක් නෑ කියලා බට්ටි දන්නවා. බට්ටි ඒකත් තරුෂට නොකියා කිවුවා. A/L ඉවර වෙලා නයෝමි ගෙදර ගියේ නෑ.දෙවනි ලැජ්ජාවටත් ආයෙම ක්ලාස්. සෙට් එකම එහෙමයි,තරුෂ ලාත්.


කොහොම හරි දෙවනි පාර තරුෂ Campus තේරුණා. නයෝමිත් Campus තේරුණා. එකම Campus එකට නෙමෙයි.


තරුෂ campus පටන් ගන්න තුරු බැoකුවේ ජොබ් 1ට ගියා.දිනිති ගේ ගම් පලාතේ තමයි වැඩ කරේ.නයෝමි තීරණයක් අරන් මට ලියුමක් එවලා තිබුණා. අපේ ගෙදරට කිවුවා දිනිතිලාගේ ගෙදර යනවා කියලා සිතාරාටත් කතා කලා. එන්නම් කිවුවට ආවේ නෑ.අපි දෙන්නා දිනිති ගේ ගෙදර ගියා. දිනිතිට කියලා බැoකුවට කෝල් එකක් ගත්තාම දැන ගත්තේ තරුෂ අසනීප වෙලා හොස්පිටල් කියලා.විස්තර මොනවත් බැoකුවෙන් දන්නේ නෑ.ගෙදරට කථා කරලා දැන ගන්න කීවා.


අපි ළඟ නම්බර් එක නෑ කිවුවාම ඒකත් දුන්නා. මොන වෝඩ් එකේද දැන ගන්න නම් ගෙදරට කථා කරන්න වෙනවා.


හිතටත් අප්සට්. බයයි වගේත්. කමක් නෑ කියලා බට්ටි ගෙදරට කථා කළා.


"තරුෂ ඉන්නවද?"

"කවුද කථා කරන්නේ "
" එයාගේ යාළුවෙක් "
" එයා උණ හැදිලා ස්පිරිතාලේ "
"වෝඩ් එක මොකක්ද කියලා කියන්න පුළුවන්ද?"
"...."

දිනිති ත් ආවා අපි එක්කම . කරාපිටිය ස්පිරිතාලේ වෝඩ් එක හොයා ගෙන යනවා. තරුෂ බලන්න නෙමෙයි. දිනිතිගේ මාමා අද ඇඩ්මිට් කරලා කියලා ගෙදරින් කිවුවා ලු.


බට්ටි දැක්කා තරුෂව.


"මේ මොකද"

"උණ හැදිලා අරන් ආවානේ"
බට්ටි විතරයි අනිත් දෙන්නා මාමා ව හොයනවා.
"යාළුවෙක් ඉන්නවා" නයෝමි ආවා විතරයි. තරුෂගේ අසනීප කොහෙද මන්දා.

තව ලෙඩෙක් බලන්න තියනවා කියලා ඉක්මණට මාරු වුණා.බලද්දි අපි තමයි ඉස්සර වෙලාම බලන්න ඇවිත් තියෙන්නේ. දවස් ගාණක් ඊට පස්සෙ ස්පිරිතාලේ බඩ ගෑවා, නයෝමිට චාන්ස් එක වුණේ කැම්පස් යන්න මෙඩිකල් කරන්න කරාපිටියට එන්න වුණ එක.කොහොම හරි ටිකට් කපන කොට තරුෂ එයාගේ අම්මාටත් කියලා එයාගේ ලේලි තමයි මේ කියලා.


ඊට පස්සේ අපේ අම්මාට ඇත්ත කථාව කිවුවා. අම්මා නයෝමිගේ ගෙදරට කියලා දෙපැත්තේ ආශිර්වාදයෙන් අවුරුදු ගාණක් ආදරය කළා.


නයෝමි අපේ ගෙදර ආවම තරුෂත් නො වරදවා හවස එනවා. කථා කර කර ඉඳලා යනවා.


දැන් දෙන්නා කසාද බැඳලා දුරු රටක ඉන්නේ.. චුටි බට්ටිච්චියෙක් ඉන්නවා.නයෝමිගේ උපන්දිනේ දවසෙම උපන්න.


ලියන්න පටන් ගත්තේ එකක්. ලිවුවේ වෙන දෙයක්. හිතුවට වඩා කථාව දිග වුණා. කියවන අයට වුණ අපහසුතාවට සමා වෙන්න. 




10 comments:

  1. මොන දිගක්ද බාං....................
    කියවන්න කියල හරි බරි ගැහෙන කොට ඉවර වෙලත් ඉවරයි... ඒකත් නිකං අර පිචෑර් එක පටං ඇරං ඉන්ටවල් එක කලිං දුන්න වගේ
    ඕයේ

    ReplyDelete
    Replies
    1. :)
      අපේ හිටපු ෆිසික්ස් සර් කෙනෙක් ඔය වගේ ඒවට කියන්නෙ හොද්දෙ ලුණු බලල ඉවර වෙනකොට හොද්ද ඉවරයි කියල.

      Delete
  2. දිග නෑ ළමයෝ,කියවන්න හරි බරි ගැහුනා විතරයි.දැන් බට්ටිටත් චූටි බට්ටිච්චියක් ඉන්නව නේද.දෙතුන් දෙනාටම සුබ පැතුම්!!!

    ReplyDelete
  3. ආව් නියමයී what a love story....නයොමි කවුද කියල දන්නව..එත් ක්වුද මේ දිනිති...?

    ReplyDelete
    Replies
    1. එයාට අපි කතා කරන්නේ අකුරු දෙකේ නමකින්. ටිකක් මතක් කළොත් ......... :)

      Delete
  4. යකෝ අපේ දේශිකාගේ වර්ගේ.. ඒ අයත් ඉගෙන ගන්න කාලේ ලව් ස්ටෝරි නොකරන්න සපථ කරගෙනලු තිබුනේ..

    ReplyDelete
  5. බොලොග් වල සින්දු වල හැමතැනම තියෙන්නේ කැඩී ගිය පෙම් හුටපට එකේ උබ හරිගිය එකක් ලියලා. මම හිතන්නේ මාකට් වැඩි කැඩුන ඒවාට

    ReplyDelete
  6. පොහ් ඃ ! ප්‍රේම පුරාණ. :)

    ReplyDelete
  7. මගේ ප්‍රේම පුරාණය මතක් වී ඇතුලු හදේ සිහින් රිදුමක් උපන්නා...අයියෝ සල්ලි...

    ReplyDelete
  8. හැමෝම සමා වෙන්න ඕන, මට පිළිතුරු දෙන්න පමා වුණාට. මේක අන්තිම පේළියට ලියු කතාවක් මුල් කාලයේම. කිසිම වෙනසක් නොකර එහෙම්මම පේස්ට් කරලා දැම්මා. ළපටි අවධියේ ලියු ඒවා නොවැ ....ඒකයි අඩු පාඩු ඇත්තේ. කතාව දිග නෑ කීවම තමා මාත් කියෙව්වේ.. හැබෑම නේන්නං.

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...