Saturday, January 19, 2013

බලන් අසිරි සිරි

          හරිම දුකක් කණගාටුවක් ඇති වෙන්නේ අපේ රට ගැන මතක් වෙද්දි සහ වතුර වෙනුවෙන් බොහොමයක් වියදම් කරන මේ වගේ කාන්තාර රටක වටපිටාව දැක්කාම. බලන්න ඔයාලාට හිතෙන්නේ මොනවාද කියලා.





                     හිතෙනවාද මේ ලංකාවේ හග්ගල මල් වත්තේ පින්තූර ටිකක් කියලා. එහෙම නැත්නම් පේරාදෙණියේ. ඇත්තටම අපි දන්නේ ලස්සනට මල් වවලා තියෙන්නේ ඒ වගේ තැනක කියලා තමයි. ඒ වුණත් කණගාටුවෙන් වුණත් කියන්න වෙන්නේ මේ මල් වත්තක් නම් නෙමෙයි කියලයි.

                                        






                    ඩුබායි රටේ අපි යන එන පාරේ දෙපස තමයි මේ වගේ ලස්සන දර්ශනයක් දකින්න ලැබෙන්නේ.


තට්ටු දෙකට කපලා හොඳට නඩත්තු කරන ගහක්



                                      මේ විධියට වතුර බට එලලා තමයි එයාලා ඒ මල් ගස් වලට වතුර දෙන්නේ.මේ වතුර පවා අපි හිතන විධියට අපේ රටේ වගේ ගංගා, ඇළ දොළ වලින් ගලා බසින සීතල පිරිසිදු වතුර නෙමෙයි. මෙයාලා මේ සඳහා යොදා ගන්නේ අපි නිවෙස් වලින් බැහැර කරන අපද්‍රව්‍ය සහිත ජලය පිරිසිදු කිරීමෙන් අනතුරුවයි. (කවුරුත් දන්න වචනයෙන් කියනවා නම් ට්‍රීට් කරපු වතුර තමයි මේවාට යොදා ගන්නේ.) යම් කිසි කාල පරාසයකට පසුව ජලයෙන් ඒ බිම තෙමනවා.සමහර වෙලාවට ඔය වෙලාවට ළඟින් යනවා නම් කවුරු හරි නහය වහගෙන තමයි යන්නේ. මොකද පිරිසිදු කරනවා කිවුවට ඉතා පිරිසිදු නැහැ නේ. අනික එයාලා ඒ තරමට පිරිසිදු කරන්නෙත් නැහැ එයින් එන්නේ ස්වාභාවික පොහොර නිසා.



                                 මේ වගේ දැක්කාම මට හැමදාම හිතෙන දෙයක් තමයි අපේ රටෙත් පාරවල් දෙපැත්තේ මේ වගේ ලස්සනට මල් වවලා තිබුණා නම් කියන කාරණාව. ලෝකේ වටේ අපේ රටේ ඇමති ගොල්ලෝ ඇවිදලා ඒ රටවල් වලින් ඉවතට විසි කරන කුණු ජරාව ගෙනැත් අර රටේ මෙහෙමයි- මේ රටේ මෙහෙමයි-අපිත් එහෙම කරමු කියන වෙලාවට මේ වගේ රටකට ආවාම දකින මේ වගේ හොඳ දෙයක් අපේ රටෙත් කරන්න බැරි ඇයි? අපේ ජනාධිපති තුමාට වුණත් පුළුවන් වෙන්න ඕන ඕනම රටකින් හොඳ දෙයක් දැක්කාම අපේ රටේ කළ හැකි නම් එය ක්‍රියාවට නැංවීම. ඔය කියන කාරණාවේදී මහ ජනතාව විධියට අපි හැම දෙනා පවා ඒ සඳහා උවු උපකාර කළ යුතුයි. ඒ කිවුවේ මල් පැළ වලට වතුර දාන්න කියලා නෙමෙයි.

                                 ඒ වගේ ලස්සනට මල් තියනවා නම් බුලත් කෙළ සෙම්-සොටු හූරා දාන්නේ නැතිව මල් කඩලා දාලා නිකම්ම නිකන් කොළ ටික විතරක් ඉතිරි කරන්නේ නැතිව ගහට කොළයට ආදරය දක්වන්න. මොකද කියන්නේ.....


                              ආ... තවත් දෙයක්. අපේ පාරවල් වල මැද තියනවා නේ කොටසක්. අපේ ත්‍රීවිල් හා මෝටර් බයික් සහෝදරවරු කරන්නේ ඔය හරහා පාරේ අනිත් පැත්තට යන එක.ඉතින් කොහොමද ඔය කොටසේ මල් වවන්නේ. ටිකක් හිතන්න. ස්වාභාවිකව අපේ රට බොහොම ලස්සන රටක්. ඒ ලස්සන නැති කර ගන්නේ නැතිව මේ විධියට අපට තවත් ලස්සන කර ගන්න පුළුවන් නම් විදේශිකයන්ගේ පැමිණීම තවත් වැඩි වේවි. කාට හරි පුළුවන් නම් වගකිව යුතු පුද්ගලයෙකුට මෙය පෙන්වන්න.එකම තැනකින් හරි මේ වැඩේ පටන් ගත්තොත් ජනාධිපති තුමාට ඔය කාරණාව රට වටා ගෙනියන්න අමාරු වෙන එකක් නැහැ. 

                           මම මගේ රටට ආදරෙයි ගොඩාක්. ඒත්.. මට ඔය වැඩේ කරන්න බැහැ නේ. මම ඔය වගකිව යුත්තන් අඳුනන්නෙත් නැහැ. අපේ රටට ආදරය කරන- එය ක්‍රියාත්මක කළ හැකි අයෙක් ඉන්නවා නම් මෙන්න අවස්ථාව.

5 comments:

  1. බටිටි කියන නිසාමද කොහෙද ලංකාවෙ හැමපාර අයිනෙම මෙ දවස් වල උද්‍යානයි... ගස් කොළ නුයි හිටවන්නේ...
    අනේ මන්දා අපේ රටට ඒවා අනවශ්‍යයි දැන්මම කියලයි මට නමි හිතෙන්නෙ...
    ඔවාට යන වියදමි බලපුවාම ඔයිට වඩා මුදල් අවශ්‍ය දේවල් ගොඩාක් තියෙනවා..
    ඒත් හැමෝම බලන්නෙ බාහිර ඔපය ගැන විතරනෙ..
    රටක් ලස්සන වුණාට මදි..
    ඒකෙ ඉන්න මිනිස්සුන්ගෙ ජීවිත ලස්සන නැතිනමි..

    ReplyDelete
  2. උඩ ගොයියා කිව්වා වගේ මේ දවස් වල නම් කොළඹ පැත්ත ලස්සන කරගෙන යනවා බට්ටි.. හැබැයි වියදම් කරනවාය කියන මුදල් කන්දරාව ගැන තමයි ප්‍රශ්නයක් තියෙන්නේ....

    අනිත් එක අපේ උන්ගේ විනයක් නැතිකමත් එක්ක කොහෙද ලස්සනක් පේන්නේ.. පාරට බැස්සම ලේ ටික නරක් කරගෙන තමයි ගෙදර එන්නේ... ඒ තරම් හරක් වාහන එළවන්නේ.. ( ඒ අපේ මහත්තයා කියන විදියට.. හි හි)

    ReplyDelete
  3. හිත ඇත්නම් පත කුඩාද කිව්වලු :)

    ReplyDelete
  4. අන්න ඒක තමයි අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. තමන්ගේ ගෙවල් ලස්සනට තියා ගන්නවා වගේම රටත් ලස්සනට තියා ගන්න ඕන කියලා හිතන්නේ නැහැ නේ. ගාල කඩා ගත්ත හරක් රැළ වගේ දුවන්නේ එළියට බැස්සාම.

    කොළඹින් හරි පටන් අරන් රට පුරාම ව්‍යාප්ත වෙනවා වගේම, ලස්සන රැක ගෙන ඉන්නත් අපේ ඇත්තන්ට පුළුවන් නම්...

    ReplyDelete
  5. කෝ බට්ටියේ මේකට දාන කොමෙන්ට් අතුරුදහන් වෙනවනේ.

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...