Thursday, January 23, 2014

නුඹ නැතිව...

නොගිහින්ම බැරි නිසා ගියත් නුඹ මා නැතිව
හිඳින්නේ කෙලෙසින්ද රෑ දෙකක් නුඹ නැතිව
හැර ලන්න ආ පසුව නෙත නැඟුණ කඳුලැල්ල
පිස ගතිමි නුඹේ ඇසට ඒ වගක් නො පෙනෙන්න

තනිව ඉන්නා විටදී නිවසේ දොර වසා ගෙන.
වාව ගෙන ඉන්න බෑ නැතිව නුඹ මගේ ළඟ.
වැඩ ඇරී ආ පසුව ගෙදර නුඹ නොමැති වග
හදවතට පහදන්න ක්‍රමය කියලා දෙන්න.
     
අසීරුම තව රැයක් එලෙසින්ම ඉතිරි වග.
මතක් වෙන විටත් නෙත කඳුළු පිරෙනා අරුම.
නුඹේ සුවඳ රැඳී ඇති කාමරයේ හැම තැනම
පෙනෙනවා මට නුඹව ඉවසන්නේ කොහොම මම

අද රැයත් ගෙවීයන් ඊයේ රැය වාගේම.
හෙට දවස උදා වී නුඹේ මුව දැක ගන්න.
නුඹේ සුවඳ විඳගන්න, නුඹේ තුරුලේ ගුලි වෙන්න.
ඉක්මණට මේ කරුම අද දිනය නිම වන්න.

තනිව ඉන්නට බයක් හිතට නොම දැනුනාට 
පාළුවක් දැනෙනවා නුඹ නැතිව හිඳින විට.
වෙනදා මෙන් කඳුළු කැට නුඹේ ඇස නො ගැටුනාට 
බලා ඉන්නේ නුඹව දැක ගන්න ඉක්මණට. 



9 comments:

  1. හනික වරෙන් මස්සිනේ..

    ReplyDelete
  2. ඉක්මනටම ඒවි...

    ReplyDelete
  3. එන්න එන්න කියලා කොයි තරම් කිවුවත් කරුමෙට ෆ්ලයිට් එක පැය එකහමාරක් පරක්කුයි. ෂික්

    ReplyDelete
  4. හස්බන්ඩා දුර ගමනක් ගොහින් වගෙයි...

    ReplyDelete
    Replies
    1. ඔවු දවස් 2කට ලංකාවට ගියා.දැන් හරි ඒ දවස් 2 ගෙවා ගන්න බැරුව නේ.

      Delete
  5. තාවකාලික වෙන්වීම මෙතරම් දැනෙනවානම්.........
    සිතාගත හැකිය මට ආදරේදැයි කොතරම්............

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ළඟ ඉන්න හැමදාම පැතුවාම.
      දැනෙනවා ළඟ නොමැති සෑම තත්පරයක්ම....

      Delete
  6. Harrah's Cherokee Casino Resort - MapYRO
    Harrah's Cherokee Casino Resort 수원 출장마사지 is situated just 청주 출장마사지 a 10-minute drive from Harrahs Cherokee Casino and within a 10-minute drive 보령 출장샵 of Metropolis 평택 출장샵 Convention 서귀포 출장안마 Center.

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...