Tuesday, February 18, 2014

මග තොටදී ........

                හැමදාමත් වැඩට යද්දී උදේට හමු වෙන අය වෙනස් වෙන්නේ බොහොම කලාතුරකින්.ඒ මොකද මම වගේම ඔවුන් පවා එකම වෙලාවට නිවසින් පිට වෙලා තමන්ගේ සේවා ස්ථානයට යන අය නිසා. ඔය අතරේ හැමදාම හමු වෙන මතක හිටින චරිත කිහිපයක්ම තියෙනවා.සුපුරුදු විධියට මම මෙට්‍රෝ එකෙන්  Mall Of  Emirates වලදී බැහැලා ඉතිරි දුර පා ගමනින් තමයි තවමත් ඔෆිස් එකට එන්නේ.


                                                                           මෙට්‍රෝ
                                        දුම්රිය වේදිකාවේ 


                                     Mall Of  Emirates 
                               Mall Of  Emirates දුම්රිය නැවතුම් පල 

                   ඔය අතරේ වැඩි දුරක් Mall එක ඇතුළෙන්ම ඇවිත් කා(ර්) පාර්කින් එක හරහා එන්නේ සිග්නල් එක ළඟට. එතැනින් පාර මාරු වෙලා විනාඩි 6-7ක් තුළ මට ඔෆිස් එකට එන්න පුළුවනි.

                     මාත් එක්කම දුම්රියේ එන - මගේ ඔෆිස් බිල්ඩින් එකට එහා බිල්ඩින් එකේ සේවය කරන හයේ-හතරේ ආරක්ෂක නිලධාරි මහත්තයෙක් මේ දවස් වල නම් එනවා. මිට පෙරත් තවත් ආරක්ෂක මහතෙක් පැමිණියා.දැන් ඔහුගේ සේවා මුරය මාරු වෙලා මම වැඩට එද්දී ඔහු ඕෆ් වෙලා යනවා මඟදී හමු වෙනවා. කලින් කිවූ හයේ-හතරේ මහත්මයා තමයි දැන් ඒ වෙලාවට වැඩ කරන්නේ.නමුත් ඔහු එන්නේ මම එන පාරෙන් නෙමෙයි.වටෙන්.ඒක දුර වැඩියි කියලා මම දන්නවා. මොකද මගේ ඇවිදීමේ වේගය එක්ක සලකා බලද්දී මම සිග්නල් එක ළඟට එද්දී ඔහුත් එතැන කියන්නේ,ඒ පාර දුර වැඩියි කියලා. (හිතා ගන්න පුළුවන් නේ මගේ වේගය)

                          ඒ හැර මට ඉදිරියට හමු වෙනවා ෆුල් සූට් දාගෙන කෙනෙක්. පෙනුමෙන් නම් ඔහු අරාබි රටක කෙනෙක් වගේ. සමහර විට සිරියන්,ලෙබනන් හෝ ඊජිප්තු වැසියෙක් විය හැකියි. හැමදාම මම දකිනවා මොන යම් හෝ දෙයක් කමින් තමයි ඔහු ගමන් කරන්නේ. අනිවාර්යයෙන්ම එය ඔහුගේ උදෑසන ආහාර වේල විය යුතුයි.නමුත් දවසක් මා දුටුවා ඔහු අතේ තිබුණ දේ බිම වැටුනා ඒ හා ම නැමුණු ඔහු එය අහුලා ගත්තා.අතේ තිබු ටිෂූ එකෙන් හොඳින් පිස දැමු එය නැවතත් කටේ දා ගන්න අයුරු දුටු මට නම් ඇති වුන හැඟීම මොකක්ද කියලා මට තවමත් අදහසක් නැහැ.සමහර විට ඔහු එයට වඩාත් රුචියක් දක්වනවා ඇති.නැතිනම් අළුත් යමක් මිළදී ගන්න මුදල් හෝ කාලය මදි කමක් තියෙන්න ඇති.කොහොම වුණත් ගිණිය නොහැකි තරම් සෙනගක් යන මහා පාරේ වැටුණු යමක් නැවත මුව තුළ රුවා ගැනීම නම් අනුමත කරන්න බැහැ.ඉන් පසුව ඔහු දකින හැම වෙලේම මට සිහි වන්නේ එයමයි.රවුම් , කුඩා මුහුණට කුඩා උපැස් යුවලක් පැළඳ ගෙන කඩිසර ගමනින් යන ඔහු මට සුපුරුදු දසුනක්.

                             අම්මගේ අතේ එල්ලිලා පුංචි කොණ්ඩ කරල් දෙකක් බැඳ ගෙන මොන්ටිසෝරි යන චුටි චීන දැරියත් හැමදාම වගේ හමුවෙනවා.සමහර දවසට ඈ අම්මා-තාත්තා දෙන්නාගේම අත් දෙකේ එල්ලිලා බොහොම සතුටින් යනවා.

                             යුරෝපීය රටක තරුණ ගැහැණු ළමයෙක් හැමදාම එයාගේ බල්ලාව ඇවිද්දවන්න යන්නෙත් මම ඔෆිස් එන වෙලාවටම තමයි.


          මේ මොන ජාතියේ බල්ලෙක්ද කියලා මම නම් නමින් දන්නේ නැහැ.ඒත් ඇය ඇවිද්දවන්නේ මේ වගේ කෙනෙක්. මට නම් එයාව දැක්කාම ආසා හිතෙන්නේ නැහැ.ඇයි මේ වගේ කැත එකෙක්ට මේ තරම් සලකන්නේ කියලයි මට හිතෙන්නේ. ඒ මදිවාට උගේ වල්ගෙත් හරිම පොඩියි.

             ඔය අතරේ කුණු ලොරිය,පාර අතු ගාන අය කඩ වලට උදේම කෑම ජාති(බේකරි කෑම) සහ බීම (කිරි,පළතුරු බීම වගේ) දාන වාහන එකම වෙලාවට එකම තැන දී දකින්න ලැබෙනවා.

                8.00 ට වැඩ පටන් ගන්න මම කොහොමත් උදේ 7.00-7.20 අතරේ ඔෆිස් එකට ඇවිත් ඉවරයි. මට මතක තියන කාලයේ ඉඳන්ම මම හරිම අකැමැතියි පරක්කු වෙලා යන්න. ඒක යන තැන අනුවම නෙමෙයි. ස්කෝලේ යද්දී, පන්ති යද්දී, රස්සාවට යද්දී කවමදාවත් පරක්කු වෙලා යන්න මට හිත දුන්නෙම නැහැ. එහෙම පරක්කු වෙනවා නම් මට යන්න හිතෙන්නේ නැහැ. දැන් රස්සාව කරන නිසා මොනම හරි හේතුවක් මත පරක්කු වෙනවා නම් ලොක්කා දැනුවත් කරනවා මයි. අනික මම හරිම අකැමැති දෙයක් තමයි නිවාඩු දාන එක.පන්ති ගිහින් කලින් ගෙදර එන එක, ස්කෝලෙන් කලින් එන එක වගේම පීරියඩ් කට් කරන එක.

          කට්ටිය කියාවි ස්කෝලේ කාලේ ඔය පීරියඩ් එකක් වත් කට් කරන්නේ නැති නම් මොකටද කියලා.එහෙමත් කළා උසස් පෙළ කරද්දී.ඒත්..එහෙම කළේ නොකරම බැරි වුනොත්.සමහර විට ස්පෝර්ට් මීට් කාලෙට. හවුස් එකේ දර දිය අදිනවා නම් ඉතින් කරන්නම වෙනවා නේ. ඒ හැර සමහර විට ලයිබ්‍රි පීරියඩ් එකට ආවාම ආයේ පන්තියට යද්දී ඊළඟ පීරියඩ් එකෙන් භාගේකට වඩා ගිහින්. හේතුව තමයි උසස් පෙළ කරන කාලේ අපේ පන්ති තිබුණේ කන්ද උඩ. පුස්තකාලේ තිබුණේ පහළ. ඉතින් හෙමින් හෙමින් කට්ටිය එක්ක පච මල්ල මග දිගට හල හලා යද්දී පන්තියට ළඟා වෙන්න නො සෑහෙන්න කාලයක් ගත වෙලා.හැබැයි පන්තියේ හිටියට ඉංග්‍රීසි නම් ඉගෙන ගත්තෙම නැති තරම් උසස් පෙළදී.

                  උසස් පෙළ කාලේ ඉතින් ළමයි ස්කෝලේ එන්නෙම නැහැ වගේනේ. ඒත් මම නම් ගියා.අපේ පන්තියේ මම වගේ තවත් කිහිප දෙනෙක් හිටියා. සමහරු විභාග කාල වලට විතරක් ආවා.80% කතාවක් තිබුණා වුණත් කවුරුවත් ඒක ගණන් ගත්තේ නැහැ.

                       ඔන්න ලියන්න ගත්ත දෙයින් වෙනමම කතාවකට ගියේ.එහෙම නම් ආයේ වෙන වල්  බූත ඕන නැහැ.ඔන්න නැවැත්තුවා.

12 comments:

  1. සැහ් ලංකාවේදි ඒම තමා.. හැමදාම එකම කුම්බාන්ඩායෝ තමා හමුවන්නේ. කොහේ ගියත් ගෙදරත් ඒමයි ඔපිසියෙත් ඒමයි. පාරෙත් ඒමයි. ඒත් ඉද හිට ලස්සන ගෑනු ලමයි නං වෛවරන හමු වෙනවා. හැක්

    ReplyDelete
    Replies
    1. ගෙදර ඉන්න අය නම් දිනපතා මාරු කරන්න හීනෙන්වත් හිතන්න එපා දේශකයෝ................

      Delete
  2. එකම වෙලාවකට යන එනකොට මුණගැහෙන්නෙ එකම පුද්ගලයෝ.මම ලංකාවෙ ඉද්දිත් එහෙම තමයි.
    අර වටේ යන්න යනකොට බලෙන් නවත්තන්න එපා,එතකොට තමයි ලස්සන කතා ලියවෙන්නෙ,එහෙමම ලියවෙන්න අරින්න.

    ReplyDelete
    Replies
    1. වටේ යද්දී ලියවෙන දේවල් එහෙම්මම ලියන්න මින් පස්සේ වත් උත්සාහ කරන්නම්. ඒත් මට හිතුනේ ඒවා මාතෘකාවට අදාළ නැහැ නේ කියලයි.

      Delete
  3. මැලේසියාවෙ ඔය වර්ගයේ දුම්රිය වලට කියන නම KTM මෙහෙ දුම්රිය වර්ග 4 ක් ධාවනව වනවා...අති සුඛෝපභෝගී දුම්රිය විශේෂයක් තියෙනවා දුර ධාවනය වන. අනිත් දුම්රිය වර්ග දෙක මොනෝ රේල් සහ LRT ලෙස හදුන්වන්නෙ.

    ReplyDelete
    Replies
    1. නොදන්නා අය වෙනුවෙන් දන්නා යමක් ඔය දුම්රිය ගැන ත් ලියන්න. කට්ටිය කැමැත්තෙන් කියවාවි.

      Delete
  4. මගේ නම් ඉතින් දුම්රිය ගමනක් නැතිම තරම්.. නිතර්ම බයික් එකේනේ.. පරේ යද්දී නම් ඉතින් මොන මොන දේවල් දකිනවද..

    ReplyDelete
    Replies
    1. අපෝ..ඔයා දකින දේවල් කොයි තරම්ද කියලා ඔයාගේ බ්ලොග් එක බලන ඕනෑම කෙනෙක් දන්නවා. බයික් එකේ යද්දී වටපිට බල බල යන එක නම් මම අනුමත කරන්නේ නැහැ.පරිස්සම් ගමනකට නම් පාර ගැන අවධානයෙන් යන්න ඕන.

      බයික් ගමන ටිකක් පරිස්සම් මදි නිසා.ඔයාට බලන්නම ඕන දෙයක් තියනවා නම් බයික් එක නවත්තලා බලනවා මිස, යන ගමන් හැරී හැරී බලන්න එපා. මොකද රෝද හතරෙන් යන උන් රෝද දෙකේ අයව පයිසෙකට වත් මායිම් කරන්නේ නැහැ.

      Delete
  5. අර බිම වැටිච්ච එක කටේ දාගත්ත එක මායි නේ. හරියට පොඩි ළමයෙක් වගේ. අපි මිනිස්සු දිහා එයාලට නොදැනෙන්න බලන් හිටියම මිනිස්සු මහා පුදුමාකාර දේවල් කරනවා. සමහර වෙලාවට අපිත් නොදැනුවත්වම මොනවා කරනවද දන්නේ නෑ

    ReplyDelete
  6. ගිහිල්ලා තියෙන්නේ ලංකාවේ කොච්චි වල නේ ඔය උඩ තියෙන ජාතියේ එකක යන්න ආසයි :)

    ReplyDelete
    Replies
    1. ලංකාවටත් ඔය දේවල් ඒවි.ඒ ත් කවදා වේවිද කියලා තමා නො දන්නේ......

      Delete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...