Wednesday, May 20, 2015

පුංචි සුරංගනාවී....

මග බලා ගෙන හිටිය කාලය අහවර කරලා පුංචි සුරංගනාවියක් මේ ලෝකෙට වඩින්න පෙර මං බැලුවා , බොහෝ දෙනෙකුගේ හිත් වලට සන්තෝසය පුරවාලමින්.දවසින් දවස ගණන් කරමින් කාලය ගෙවා දැමුවේ හරිම නොඉවසිල්ලෙන්. කැලැන්ඩර් දින එකින් එක ගෙවී ගියා.

තවත් මාස එකහමාරක්....

හදිසියේම පුංචි සුරංගනාවියට මේ ලෝකෙට ගොඩ බහින්න ඕනෑ වුණා. අනේක විද අමාරුකම් මැද්දේ. 



කැලැන්ඩර් දින ගැන අමතක කරලා පුංචි සුරංගනාවි හෙමින් හෙමින් මේ ලෝකේ ලස්සන බලන්න ඕන.......මයි කියලා සුදානම් වුණා. ඒත් ඉතින් හදිසියේම එනවා කිවුවාම කිසිම දෙයක් සුදානමින් නැහැ නොවැ. 

'තව ටිකක් ඉන්න ' කියලා කියන්නද එහෙමයි කියලා.අපිට ඕන වෙලාවට සුරංගනාවියන් එන්නේ නැහැ නේ. 

එයා සුදානම් කිවුවාට එහෙම බවක් ඇත්තෙත් නැහැ. බලා ඉන්න පුළුවන්කමක් නොතිබුණ නිසා එහෙන් මෙහෙන් වද දෙන්නේ මොකටද කියලා මිහිපිට දෙවියන් ටික රැස් වෙලා සුරංගනාවිය හෙමීන් දෑතට ගත්තා.

යන්තමට වගේ මටත් ඒ සුරංගනාවිය දැක ගන්න හැකි වුණා. දවසක් විතර විවේක ගන්න වුණා සුරංගනාවි ආයෙම දැක ගන්න. තවත් දවස් 13ක් එහෙන් මෙහෙට - මෙහෙන් එහෙට ඇවිදිමින් සුරංගනාවි දැක බලා ගෙන විතරක් සැනසෙන්න සිද්ධ වුණා .

ඔන්න වාසනාවට 14වන දවස සුරංගනාවි මගේ ළඟට ගන්න, ළඟින් තියාගෙන ඉන්න ඉඩ ලැබුණා.

සන්තෝසය කියලා නිමක් කරන්න බැහැ. අළුත් නෑකම් ගොඩක් එකතු කර ගත්ත සුරංගනාවි අපේ චූටි දෝණි වෙලා ඇවිත් දැන් අවුරුද්දකටත් වැඩියි.

ඔන්න අපේ පුංචි සුරංගනාවියේ, හැමදාම අපේ ලෝකේ ලස්සන කරන්න ඕන හොඳද?



6 comments:

  1. සුබ පැතුම් අක්කේ..

    ReplyDelete
  2. සුබ පැතුම්... මේ බ්ලොග් එක ලගදි හම්බ උනෙ, මුල ඉදන් කියෙවුවා.

    ReplyDelete
  3. ස්තුතියි සුබ පැතුම් වෙනුවෙන්....දිනේෂ් මල්ලිටත්, නම සඳහන් නොකළ ඔබටත්.....

    ReplyDelete
  4. සුභ පැතුම් බට්ටි....දැන් ඔබට ඔබේ ලෝකය පරිපූර්ණයි කියලා දැනෙනවා ඇති...මමත් අප‍ේ මල්ලි විදින සතුට දිහා මේ දිනවල බලා ඉන්නවා.

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...