තැනක් නැතිව හරි හමන්
ගෙවූ අහිකුණ්ටක ජීවිතය
කරන්නට සිතා, නිමා
කීවෙමි බයි බායි කියා
ගෙවුණු වසරට දුවට
හැම තැනම ඇවිද්දට
තේරුමක් වෙද ඇයට
'බායි ඩුබායි ' කියන්නට.
වුණත් විඳවන්නට දැනට
දෙපසකට වී ප්‍රේමය
දරා ගන්නම් කඳුළ
දෙනෙතේම කරන් හිර
පරිගණක තිරය මත
ඇඳෙන විට නුඹේ රුව
මුහුණ අත ගාමින් ම
උම්මා දෙන දෝණි දැක
හිර වෙච්චි කඳුළු කැට
හංගන්නේ කොහොම මම
කියන් පෙම්බර සබඳ
දැනෙද සියුමැලි පහස
විඳවනා ජීවිතය
විඳින්නට එක්ව අප
සරි කරන් මිල මුදල්
එන්න අප වෙත හනික
යාන වාහන නැතත්
වැටී ඉන්නට එකට
හිසට වහලක් තනා
ගනිමු හැකි ඉක්මණට
උණුහුමට ගුලි වෙන්න
තාත්තට ලං වෙන්න
පොඩි දෝණිට ත් ඕන
අම්මාට වාගේම.
දුරකතන නද ඇහෙන
හැම වෙලාවකදීම
"තාත්තා තාත්තා"
විතරමයි දෝණිට
නොතේරුම් කමට ඇය
කියනවා සිතුවාට
තාත්තාගේ ඕනකම
කියනවා නේද දුව
හැම දේම යළි සිතා
විඳින දුක් ඉවසලා
හැකි තරම් ඉක්මණට
එන්න මේ අප සොයා
ගෙවූ අහිකුණ්ටක ජීවිතය
කරන්නට සිතා, නිමා
කීවෙමි බයි බායි කියා
ගෙවුණු වසරට දුවට
හැම තැනම ඇවිද්දට
තේරුමක් වෙද ඇයට
'බායි ඩුබායි ' කියන්නට.
වුණත් විඳවන්නට දැනට
දෙපසකට වී ප්‍රේමය
දරා ගන්නම් කඳුළ
දෙනෙතේම කරන් හිර
පරිගණක තිරය මත
ඇඳෙන විට නුඹේ රුව
මුහුණ අත ගාමින් ම
උම්මා දෙන දෝණි දැක
හිර වෙච්චි කඳුළු කැට
හංගන්නේ කොහොම මම
කියන් පෙම්බර සබඳ
දැනෙද සියුමැලි පහස
විඳවනා ජීවිතය
විඳින්නට එක්ව අප
සරි කරන් මිල මුදල්
එන්න අප වෙත හනික
යාන වාහන නැතත්
වැටී ඉන්නට එකට
හිසට වහලක් තනා
ගනිමු හැකි ඉක්මණට
උණුහුමට ගුලි වෙන්න
තාත්තට ලං වෙන්න
පොඩි දෝණිට ත් ඕන
අම්මාට වාගේම.
දුරකතන නද ඇහෙන
හැම වෙලාවකදීම
"තාත්තා තාත්තා"
විතරමයි දෝණිට
නොතේරුම් කමට ඇය
කියනවා සිතුවාට
තාත්තාගේ ඕනකම
කියනවා නේද දුව
හැම දේම යළි සිතා
විඳින දුක් ඉවසලා
හැකි තරම් ඉක්මණට
එන්න මේ අප සොයා
තනියම ඉද්දී කොහොම දුරක හිටියා උනත් කසාදෙකට පස්සේ එහෙම ඉන්න හරි අමාරුයි..
ReplyDeleteඅමාරුයි කියලා මොනවා කරන්නද? ජීවිතේ කවදා හරි සතුටු වෙන්න ඕන කියලා හිතා ගෙන ඒ දුක විඳිනවා ම මිසක. මට දුක චූටි පැටියාට තාත්තා ඕන වෙද්දී ළඟ නැති එකයි.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteටටා
ReplyDeleteටටා
Deleteබට්ටිගේ පෙම්බරයා ඉන්නේ ඩුබායි වලද ? බට්ටිගේම අත්දැකීමද ?
ReplyDeleteපෙම්බරයත්,කිරිකැටියත් බට්ටිත් ඩුබායි වල හිටියේ. ඒත් දැන් ඩුබායි ඉන්නේ පෙම්බරයා විතරයි.
Deleteජීවිතේ සතුට එන්නේ දුක පසු පස්සෙන් වෙන්න ඇති...............
ReplyDeleteවෙන්න ඇති. ඒත් ....සතුට එනතුරු විඳින දුක නේ අමාරු.
Deleteඇත්තටම මාත් පොඩි එකා හම්බ වෙද්දී ලංකාවට ආව.මාත් එහෙ හිටියනම් වයිෆ් ගෙ හිතෙත් කියවෙන්නේ මේ කවි ටිකම තමයි.. තාත්තගේ උණුසුම දරුවෙක්ට ලැබෙන්න ඕනෑ දෙයක්. බට්ටිත් යන්න සරින් සැරේට ගිහින් එන්න. නැත්නම් හබි ට කියන්න ඇවිල්ල යන්නවත්.
ReplyDeleteආර්ථිකේ ස්ථාවර වුන දාකටබැරිය කස්ටියටම සතුටින් ඉන්න. එතකන් පොඩි කට්ටක් කන්න වෙයි. ජය වේවා.