තංගල්ල ප්‍රාතමිකයෙන් මුල් අකුරු කියවපු මම,එක් දහස් නවසිය බර ගණන් වල ශිෂ්‍යත්ව ප්‍රථිපල එන දවසක, මොනවා හරි ලකුණක් බලාපොරොත්තුවෙන් හිටියා. ඒත්.. ඔය කියන විභාගෙන් මොන දෙයක් වෙයිද කවුද දන්නේ.මම විභාගය නම් හොඳට ලිවුවා කියලා දැන ගෙන හිටියේ. මොකද ස්කෝලේ ආපු ගමන් පන්ති භාර මිස් ( එතකොට පන්ති භාර මිස් තමයි ගොඩක් විෂයන් ඉගැන්නුවේ)ආයෙම ලියන්න දුන්නා විභාග ප්‍රශ්න පත්තරේ.
ඊට පස්සෙත් නිවනක් නෑ කිය කිය බැන බැන ඒකත් ලිවුවා.ස්කෝලෙට ප්‍රථිඵල එන්න කලින් කවුදෝ කෙනෙක් මාර්ගයෙන් මගේ ලකුණු දැන ගෙන තිබුණා.
156 ක්.........
ඉරිසියාවක්, දුකක්, කණගාටුවක් ඇති වුණේ නැහැ, ඒ අපි පුංචි වුන් වුණ නිසා වෙන්න ඇති.මහා ආඩම්බරයක් දැනුණේ අපේ ස්කෝලේ කෙනෙක් ඒ අතරේ හිටි නිසා. අනික එකම පන්තියේ....
අළුත් ස්කෝලෙකට යන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ ඒ වෙද්දි. මොකද අපි ගියේ ප්‍රාථමිකයට. ඉතින් 6 වසරට අළුත් ස්කෝලයක් කොහොමත් ඕන වෙනවා.
ඒ වෙද්දි තංගල්ලේ ඉන්න බැරි වුණා අපට. හම්බන්තොට පුංචි ගේ කෑල්ලක් සල්ලි වලට අරගෙන අම්මා, නංගිලා දෙන්නාත්, මාත් එක්ක පදිංචි වුණා. L හැඩයේ සාල කෑල්ලත් එක්ක එකම එක කාමරයක් විතරයි ඒ ගෙදරට තිබුණේ.
අපි පුංචි නිසා ඒක ගාණක් වුණේ නෑ.
මෙච්චර කලක් ආත්තම්මාගේ ගෙදර ( අම්මාගේ අම්මා ) ඉඳලා අපි හම්බන්තොටට ආවේ අපටයි කියලා වෙනම ජීවත් වෙන්න බිම් පොඩියක් හරි ඕන නිසා කියලා ඒ වෙද්දි මහා ලොකු තේරුමක් තිබුණේ නැහැ.
කොහොම හරි ස්ත්‍රී පරාණ හතරක් ඒ පුංචි ගේ ඇතුළේ හිටියා.තාත්තා ඒ වෙද්දි අපිව විතරක් නෙමෙයි මේ මුළු ලෝකයෙන්ම සදහටම වෙන් වෙලා ගිහින් තිබුණා විතරක් නෙමෙයි අම්මාට දූලා ම තුන් දෙනෙකුගේ බරත් ඉතිරි කරලා තිබුණා.
කොහොම හරි අපි ජීවත් වුණා.
ඒ කතාව ඉදිරියට.......
වැල්කම් වේවා . . . .
ReplyDeleteබ්ලොග් පටන්ගත්තට කමක් නෑ . . . අන්තිම පේලිය දාල යන්න එපා
පළමු ආශිර්වාදයට බොහොම ස්තුතියි අයියේ. ඇන්ඩයියා කියන්නද? ඕනයා කියන්නද? කොහොම වුණත් ආවට ස්තුතියි මේ පැත්තේ. අන්තිම පේළිය දාලා යන්නේ නම් නෑ. පෝස්ට් කියවනවා. අළුතින් ලියන්න දෙයක් හිතා ගන්න බැරුව හිටියේ. මේකම දාන්න හිත දෙන්නේ නැහැ. දෙපැත්තක එකම ලිපිය තියෙන්නේ මොකටද කියලා මට හිතුණා.
DeleteKo meke followers widget eka? :-)
ReplyDeleteඔන්න එහෙනම් මාත් ඉතිං කියවන්න එනවා අද සිට
ReplyDeleteඒක කොහොම කරනවාද කියලා මම දන්නේ නෑ.හෙමින් හෙමින් හොයලා බලලා ඇඩ් කරන්නම්.
ReplyDeletemeka follow karanne kohomey ban
ReplyDeleteissellama comment verification ain karanna...
ela ela
ReplyDeleteඑල එල නන්ගි,
ReplyDeleteමගෙත් බ්ලොග් එකක් තියෙනව,නිකන් ඉන්න වෙලාවක ගිහිල්ලා බලන්න....
තොත්තබබ්බා
thoththababa.blogspot
කෝ. ලින්ක් එක හරියට එව්වේ නැද්ද?
Deleteඔන්න එහෙනං නමෝ බුද්ධාය කියල චීටත් කොමෙන්ටුවක් දාල වෙල්කම් එකක් දුන්නා. ඔහොම යන් බට්ටි
ReplyDeleteහැම දෙනාටම ස්තුතියි බොහෝම. ගොඩ වැදුනාට මේ පැත්තේ.
ReplyDeleteඅඩෝ අපිත් අවා................
ReplyDeleteබොහොම සාදරයෙන් පිළි ගන්නවා මානවක. ආයෙමත් මේ පැත්තේ ඇවිත් යන්න.
Deleteනියමයි බට්ටියෝ! බ්ලොග් අවකාශයේ දිගු ගමනකට උණුසුම් සුභ පැතුම් :)
ReplyDeleteනියමයි
ReplyDelete