Tuesday, November 27, 2012

පුංචි මතකයන්

                   

                      තංගල්ල ප්‍රාතමිකයෙන් මුල් අකුරු කියවපු මම,එක් දහස් නවසිය බර ගණන් වල ශිෂ්‍යත්ව ප්‍රථිපල එන දවසක, මොනවා හරි ලකුණක් බලාපොරොත්තුවෙන් හිටියා. ඒත්.. ඔය කියන විභාගෙන් මොන දෙයක් වෙයිද කවුද දන්නේ.මම විභාගය නම් හොඳට ලිවුවා කියලා දැන ගෙන හිටියේ. මොකද ස්කෝලේ ආපු ගමන් පන්ති භාර මිස් ( එතකොට පන්ති භාර මිස් තමයි ගොඩක් විෂයන් ඉගැන්නුවේ)ආයෙම ලියන්න දුන්නා විභාග ප්‍රශ්න පත්තරේ.



ඊට පස්සෙත් නිවනක් නෑ කිය කිය බැන බැන ඒකත් ලිවුවා.ස්කෝලෙට ප්‍රථිඵල එන්න කලින් කවුදෝ කෙනෙක් මාර්ගයෙන් මගේ ලකුණු දැන ගෙන තිබුණා. 

156 ක්.........

හ්ම්ම්..... නරකමත් නෑ. ස්කෝලේ හොඳම ලකුණු 198. ලංකාවේ වැඩිම ළකුණු තියන දහ දෙනා ගෙන් කෙනෙක්, මගේ පන්තියේ මාත් එක්ක හිටිය මගේ හොඳ යාළුවෙක්. ඒ කාලේ වැඩිම ළකුණු ගත්ත දහ දෙනා ජපාන සංචාරයකට එක්ක ගෙන ගියා. ඉතින් අපේ පුංචි ස්කෝලෙන්  මගේ පුංචි යාළුවත් ජපානෙට ගියා.

ඉරිසියාවක්, දුකක්, කණගාටුවක් ඇති වුණේ නැහැ, ඒ අපි පුංචි වුන් වුණ නිසා වෙන්න ඇති.මහා ආඩම්බරයක් දැනුණේ අපේ ස්කෝලේ කෙනෙක් ඒ අතරේ හිටි නිසා. අනික එකම පන්තියේ....


අළුත් ස්කෝලෙකට යන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ ඒ වෙද්දි. මොකද අපි ගියේ ප්‍රාථමිකයට. ඉතින් 6 වසරට අළුත් ස්කෝලයක් කොහොමත් ඕන වෙනවා. 

ඒ වෙද්දි තංගල්ලේ ඉන්න බැරි වුණා අපට. හම්බන්තොට පුංචි ගේ කෑල්ලක් සල්ලි වලට අරගෙන අම්මා, නංගිලා දෙන්නාත්, මාත්  එක්ක පදිංචි වුණා. L හැඩයේ සාල කෑල්ලත් එක්ක එකම එක කාමරයක් විතරයි ඒ  ගෙදරට තිබුණේ.

අපි පුංචි නිසා ඒක ගාණක් වුණේ නෑ.


මෙච්චර කලක් ආත්තම්මාගේ ගෙදර ( අම්මාගේ අම්මා ) ඉඳලා අපි හම්බන්තොටට ආවේ අපටයි කියලා වෙනම ජීවත් වෙන්න බිම් පොඩියක් හරි ඕන නිසා කියලා ඒ වෙද්දි මහා ලොකු තේරුමක් තිබුණේ නැහැ.

කොහොම හරි ස්ත්‍රී පරාණ හතරක් ඒ පුංචි ගේ ඇතුළේ හිටියා.තාත්තා ඒ වෙද්දි අපිව විතරක් නෙමෙයි මේ මුළු ලෝකයෙන්ම සදහටම වෙන් වෙලා ගිහින් තිබුණා විතරක් නෙමෙයි අම්මාට දූලා ම තුන් දෙනෙකුගේ බරත් ඉතිරි කරලා තිබුණා.


කොහොම හරි අපි ජීවත් වුණා.



ඒ කතාව ඉදිරියට.......




15 comments:

  1. වැල්කම් වේවා . . . .

    බ්ලොග් පටන්ගත්තට කමක් නෑ . . . අන්තිම පේලිය දාල යන්න එපා

    ReplyDelete
    Replies
    1. පළමු ආශිර්වාදයට බොහොම ස්තුතියි අයියේ. ඇන්ඩයියා කියන්නද? ඕනයා කියන්නද? කොහොම වුණත් ආවට ස්තුතියි මේ පැත්තේ. අන්තිම පේළිය දාලා යන්නේ නම් නෑ. පෝස්ට් කියවනවා. අළුතින් ලියන්න දෙයක් හිතා ගන්න බැරුව හිටියේ. මේකම දාන්න හිත දෙන්නේ නැහැ. දෙපැත්තක එකම ලිපිය තියෙන්නේ මොකටද කියලා මට හිතුණා.

      Delete
  2. ඔන්න එහෙනම් මාත් ඉතිං කියවන්න එනවා අද සිට

    ReplyDelete
  3. ඒක කොහොම කරනවාද කියලා මම දන්නේ නෑ.හෙමින් හෙමින් හොයලා බලලා ඇඩ් කරන්නම්.

    ReplyDelete
  4. meka follow karanne kohomey ban

    issellama comment verification ain karanna...

    ReplyDelete
  5. එල එල නන්ගි,

    මගෙත් බ්ලොග් එකක් තියෙනව,නිකන් ඉන්න වෙලාවක ගිහිල්ලා බලන්න....
    තොත්තබබ්බා
    thoththababa.blogspot

    ReplyDelete
    Replies
    1. කෝ. ලින්ක් එක හරියට එව්වේ නැද්ද?

      Delete
  6. ඔන්න එහෙනං නමෝ බුද්ධාය කියල චීටත් කොමෙන්ටුවක් දාල වෙල්කම් එකක් දුන්නා. ඔහොම යන් බට්ටි

    ReplyDelete
  7. හැම දෙනාටම ස්තුතියි බොහෝම. ගොඩ වැදුනාට මේ පැත්තේ.

    ReplyDelete
  8. අඩෝ අපිත් අවා................

    ReplyDelete
    Replies
    1. බොහොම සාදරයෙන් පිළි ගන්නවා මානවක. ආයෙමත් මේ පැත්තේ ඇවිත් යන්න.

      Delete
  9. නියමයි බට්ටියෝ! බ්ලොග් අවකාශයේ දිගු ගමනකට උණුසුම් සුභ පැතුම් :)

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...