Saturday, January 5, 2013

2012.12.21. ලෝක විනාශය වෙනවා යැ යි කියූ දවසේ ..............

                                මායා වරුන්ගේ දින දර්ශනයට අනුව 2012.12.21 වන දින වෙද්දී අපේ මුළු ලෝකයම විනාශ වෙලා යනවා. ලෝකේ කොහේදෝ මන්දා රටක ඉතුරු වෙනවාය කියන ටික දෙනෙක් තමයි ඊට පස්සේ බිහි වන නව ලෝකයේ ආදී වාසීන් වෙන්නේ . පහු ගිය කාලයේ අන්තර්ජාලයේ සැරි සරද්දී දැක්කා මිනිස්සු කොච්චර නම් ලෝක විනාශයට බයේ හැංගෙන්න උත්සාහ කරලා තියනවද කියලා . 

                   ලෝක විනාශයෙන් වත් විනාශ නො වෙන ගමක් තිබුණාය, එහි මාස ගණනාවකට පෙර සිටම හවුස් ෆුල් වෙලා තිබුණාය කියන එකත්, 2012.12.18 හෝ 20 සිට 2012.12.23 වන තෙක් පිටස්තර කිසිවකුට ඊට ඇතුළු වීමට අවසර නැති බවත් එහිම සඳහන් වෙලා තිබුණා.

                    පුවත් පත් වලටත් දෙසැම්බර් මාසයේ තිබුණ ලොකුම කතන්දරය ලෝක විනාසය තමයි.දැන් ඉතින් ඔය කියන ලෝක විනාසයෙන් පස්සේ අපි ආයෙම අළුත් ලෝකෙක දැන්මම ඉපදිලා. පුදුමේ කියන්නේ මැරුණේ වත් නැතුව, හිටපු විධියටම, ඒ වයසෙන්ම, ඒ පෙනුමෙන්ම...

වෙනස් වෙලා තියෙන්නේ ලෝකය විතරයි. බලන්න දැන් ලස්සන අළුත් ලෝකයේ.........

                  මම අද මේ ලියන්න සූදානම් වෙන්නේ අපි දෙන්නා ( මාත්, මගේ ආදරණීය මහත්තයාත් ) ලෝක විනාසයට මුහුණ දුන්න හැටි ගැන.මොකද කියන්නේ කැමතිද අහන්න- බලන්න.

                 දැන් ඉතින් අකමැත්තක් තියනවා නම් මෙයින් පහළට නො කියවා හිටියාය කියලා අමනාපයක් නෑ ඕං............ත්‍රාසජනක චිත්‍රපටයක් බලන්න වගේ ආසාවෙන් කියවන්න හිතන අය ටිකක් නිවී සැනසිල්ලේ කියවන්න. හැබැයි පහු වෙලා මට බනින්න එපා.

                       
                          උපන්න මවු බිමෙන් සැතපුම් සිය දහස් ගණනක් දුරින් සත් සමුදුරෙන් එහා ඩුබායි රටේ සති අන්ත නිවාඩුව යෙදුණ දවසක් තමයි 2012.12.21 වන සිකුරාදා දවසත්.මුස්ලිම් රටක් වෙච්චි ඩුබායි රටේ සති අන්තය කියන්නේ සිකුරාදාට. සමහර අයට බ්‍රහස්පතින්දා වරුවක් සහ සිකුරාදා නිවාඩුව ලැබෙන අතරේ තවත් සමහර අයට සිකුරාදා- සෙනසුරාදා දෙකම නිවාඩු ලැබෙනවා.ඔය නිවාඩු වර්ග දෙකෙන් මම අයිති වෙන්නේ දෙවනි කාණ්ඩයේ නිවාඩු ලැබෙන්නන් ගොන්නට වුණත් මගේ මහත්තයා අයිති වුණේ පළමු කාණ්ඩයට.ඉතින් අපි දෙන්නාටම නිවාඩු දවසක් විධියට තියෙන්නේ සිකුරාදා දවස තමයි.

                               බහුතරයක් දෙනාට නිවාඩු ලැබෙන සිකුරාදාවේ නිවාඩු නො ලබන, අනිවාර්යයෙන්ම වැඩ කළ යුතු පිරිසක් මේ රටේ ඉන්නවා.ෂොපින් මෝල් වල සේවකයන්, ආරක්ෂක අංශයේ රැකියාවේ නියුතු ඇත්තන්,විනෝද වීමට තියෙන ස්ථාන වල සේවකයන් ඔය අතරින් කිහිපයක්.

                             ඔය විනෝද වෙන තැන් වල සේවකයන් කිවුවාම බලනවා ඇති කවුද අප්පේ ඒ........ කියලා.දැන් මේ කතාව පහළටම කියවා ගෙන යද්දි තේරුම් යාවි ඔය කියන අය කවුද කියලා.

                            ඊට කළින් මේ පින්තූර ටික බලලා ඉන්නකෝ

                                 


                                               පුංචි ළමයින්ට සෙල්ලම් කරන්න තියන තැන
                                                  මේ තියෙන්නේ ඇතුල් වෙන තැන

                                                                   මින් මැදුරේ...
                                   මේ වගේ ටියුබ් එකක නැඟලා තමයි වතුරේ යන්න තියෙන්නේ
            දෙන්නෙකුට එකවර යා හැකි ටියුබ් වගේම තනි කෙනෙකුට යා හැකි ටියුබ් ද තියෙනවා. මේ පිටු පස හරවා ගෙන හිට ගෙන ඉන්නේ  Life Guard* කෙනෙක්.



             අඩි 60ක් විතර උඩ ඉඳන් ලිස්සලා එන්නයි තියෙන්නේ. අවසානයට වතුරට වැටෙනවා.


 පොඩි අයට වෙන් වුන ස්ථානයේ තියන වතුර පිරෙන භාජනය වතුර පිරී අවසන් වුණාම වතුර ටික වැටෙනවා මේ වගේ.

අතේ ස්ටිකර් එකක් අලවනවා ඒක තමයි ටිකට් එක වෙන්නේ  සියළුම අංශයන් සඳහා 
                                                          'ඇට්ලාන්ටිස්' වතුර බෝතලයක්





          ඔන්න ඔය කියන ස්ථානයේ තමයි අපි දෙන්නා ලෝක විනාසය බලාපොරොත්තුවෙන් රැඳී හිටියේ.මේ තැනට එන බොහෝ දෙනා යුරෝපීයයන්. ඒ අමතරව ලෙබනන්, සවුදි අයත් එනවා. ආසියාතිකයන් නම් බොහොම හිඟයි. මොකද කියනවා නම් එක් අයෙකුට ප්‍රවේශ පත්‍ර සඳහා වැය කරන්න වෙන මුදල ටිකක් වැඩියි. සොච්චම් පඩි ගන්න ආසියාතිකයන්ට ඔය වගේ මුදලක් වියදම් කරන්න අපහසුයි. එහෙම වියදම් කළොත් මාසයේ ඉතුරු දවස් වලට නො කා ඉන්න තමයි වෙන්නේ. ලංකාවේ මුදල් වලින් රු: 9700.00ක් පමණ වෙනවා එක් අයෙකුට.ඒකත් අඩුම පැකේජය.

                              ඔන්න ඉතින් මේක කියවන ඇත්තෝ හිතාවි හරි තමයි. බට්ටි නම් හොඳ සල්ලි කාරයෙක් කියලා.... එහෙම නේද?

කලබල වෙන්න එපා යාළුවනේ...

සද්ද කරන්න එපා.(රහසෙන්: අපට ඕකට යන්න සත පහක් වත් වියදම් වුණේ නැහැ.) 


ඔන්න  ඔන්න තවත් බොරු කියනවා නේ

නෑ ඇත්තමයි

හා එහෙමනම් මූණ බලලා යවන්න ඇති. ඒකේ අයිතිකාරයා ඔයාගේ බාප්පද? ( එහෙමනේ අහන්නේ)

නෑ පිස්සුද හලෝ.. මගේ පුංචි අම්මා බැඳලා ඉන්නේ සල්ලිකාර සුද්දෙක් නෙමෙයි


ඒ කියන්නේ අයිතිකාරයා සුද්දෙක්

ඔවු

ඉතින් කොහොමද ගියේ

මෙහෙමයි. ඔය මම කලින් කිවුවා නේද විනෝද වෙන තැන් ගැන කතාවක්. අන්න ඒ වගේ කෙනෙක් මාර්ගයෙන් තමයි ගියේ. 

ඒ කිවුවේ

Life Guard කෙනෙකුට පුළුවනි දෙන්නෙක් ව නොමිළේ ඇතුල් කරන්න.මගේ මහත්තයාගේ යාළුවෙක් ඉන්නවා Atlantis එකේ 
Life Guard 
කෙනෙක් විධියට වැඩ කරන. එයා මීට අවුරුද්දකට විතර 
කලින් 
ඉඳන්ම කියනවා දෙන්නත් එක්ක එන්න සත පහක වියදමක් නෑ කියලා. හැබැයි සිකුරාදාට ඒ අවසරය නැති ලු.මොකද එදාට සෙනඟ වැඩි නිසා ටිකට් නැතුව යවන්නේ නැහැ කියලා සතියේ දවසක එන්න කියලයි කිවුවේ. ඉතින් අපට කොහේද සතියේ දවසක නිවාඩු තියෙන්නේ. ඒ හින්දා වැඩේ ඇරුණා.ඔය අතරේ තමයි ඔය යාළුවාම Call කරලා අපට සද්දයක් එහෙම දාලා 



"21 අනම් මනම් වැඩ දා ගන්නේ නැතුව දෙන්නත් එක්කම වරෙල්ලා" 



කියලා කිවුවේ.

එයා මැනේජර් ගෙන් අවසරත් අරන්.

              ඔන්න ඔහොමයි අපි නොමිළේ ඔය කියන අරුමෝසම් තැනට  ඇතුල් වුණේ.මුල දී මගේ නම් වැඩි කැමැත්තක් තිබුණේ නැහැ යන්න.ඒත් බෑ කියන්න බැරි කමටයි ගියේ.ගියාට පස්සේ තමයි එතන විනෝද වෙන්න හොඳ තැනක් කියලා හිතුණේ.කෑම බීම නම් ටිකක් ගණන්. මොකද සුද්දන් ගේ ගණන් නේ.

                අපේ යාළුවා අපි වෙනුවෙන් දවල් කෑම පවා සූදානම් කරලා තිබුණා. බොහොමයක් කඩ වල අපේ ලාංකිකයන් ඉන්නවා.ආසියාතිකයන් වැඩි පුර නො එන නිසා වෙන්න ඇති ලංකාවේ කෙනෙක් කියලා දැන ගත්තාම එයාලා හැකි උපරිම සත්කාර කරනවා.එතැනට ගිහින් හඳුනා ගත් අපේ ලාංකික සහෝදරයන් කිහිප දෙනෙකුත් හිටියා. එයාලාගේ නම් සඳහන් කරන්නේ නැත්තේ එය ඔවුන්ට අපහසුවක් බව මම දන්නා නිසා.දවල් කෑම නොමිළේ ලබා දුන් සොයුරාටත්, ඊට පසු එපාම කියද්දිත් ලොකු බීම එකක් දුන් ඒ සොයුරාටත්, මේ හැම දේටම අපට අවස්ථාව ලබා දුන් මගේ මහත්තයාගේ පාසලේ මිතුරාටත් අනේක වාරයක් ස්තුතියි.



ප.ලි


ඔබ හැම දෙනාගේ නම් සඳහන් නො කරන්නේ නම් අමතක වීමක් නිසා නොවන බව කියන්න කැමතියි. එහෙම මම සඳහන් කළොත් ඔබත් නො දන්නා ,සමහරවිට මෙය කියවන ඕනෑම කෙනෙක් ඔබගෙන් අවස්ථාව ඉල්ලාවි අපට ලබා දුන්. ලාංකිකයන් වශයෙන් වුණත්  දිනකට 10-15 ක් පැමිණිය හොත් එසේ කිරීමට ඔබට හැකියාවක් නැති බව දන්නා නිසයි එලෙස සඳහන් නො කරන්නේ.


16 comments:

  1. හරිම ශෝක් අක්කේ කතාව .... අර ඔයාගේ අනිත් කතාවෙත් ඉතුරු කැල්ල ලියලා දාන්නකෝ......
    යුක්තිය
    අ.පේලිය

    ReplyDelete
    Replies
    1. අනිත් කතාව කියලා කිව්වේ හොස්ටල් කතාව ද? ඒ කතාව ලියලා ඉවර කරා. කියවන්න බැරි වුණාද?

      http://battigeniwahana.blogspot.com/2012/12/2.html

      Delete
  2. ආසයි අක්කේ දකිනකොටත්. මටත් චාන්ස් එකක් වැදිලා පවුලත් එක්කම යන්න තිබ්බා නම්.... කාලබීලා නටලා පිස්සු කෙල්ල එතහැකි :)

    ReplyDelete
    Replies
    1. පවුලේ ඉන්නේ දෙන්නෙක් විතරයි නම් අඳුනන කෙනෙක් මාර්ගයෙන් යන්න පුළුවන් වෙයි. ඒත්.. ඉතින් අම්මා-තාත්තා-අයියා-මල්ලි-අක්කා-නංගී-ගෑණු ළමයා- එයාගේ යාළුවා වගේ සෙට් එකක් එක්ක යන්න නම් 10-15 දෙනෙක්ම අඳුනා ගන්න වෙයි.

      Delete
  3. අම්මෝ බට්ටි දැන් රස කර කර ලිව්වට....ගෙනියන්න තිබුනු අමාරුව දන්නෙ මන් විතරයි.......

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් හරි එක්ක ගෙන ගිය නිසා නේ රස කර කර ලිවුවේ.............

      Delete
  4. Leisure World එකත් ඔය තරම් අරුමෝසම් නැති උනාට හොඳ තැනක් ලංකාවේ අපිට යන්න තියෙන.. එච්චර ලොකු ගානකුත් නෑ.. හැබැයි මං ගියේ අවුරුදු 3කට කලින්...

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දේ අගේ නො කරනවා නෙමෙයි.කොයි තරම් දැන ගෙන හිටියත් ලංකාවේ ඔය වගේ තැනකට යන්නේ නැහැ. මෙහේ වුණත් එහෙමයි. නිකං ලැබුණ අශ්වයාගේ දත් ගණන් කරන්නේ මොකටද?

      Delete
  5. පට්ට පොටෝ ටික :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රජෝ.මේකට ගියා කියන්නේ රාජ සම්පත් ලැබුණා වගේ තමා.

      Delete
  6. හීන මැදුරක දවසක හෝ පහස ලැබීමට තරම් බට්ටී හා මහත්තයා වාසනාවන්තයි. ඉතින් 2013ත් ඒ වගේම සතුටින් ගත කරන්න වාසනාව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුබ පැතුමට. ඔබටත් සිතූ පැතූ යහපත් දේ ඉෂ්ඨ සිද්ධ වේවා...!

      Delete
  7. අඩුම පැකේජ් එකෙත් මුදල වැඩි කියල මට නම් හිතෙන්නේ.
    මෙහෙ වගේ වැව් පොකුණු , ගංගා නැති එකේ හරි වටිනවා ඇති
    ඔහොම තැනක් මිනිස්සුන්ට ..
    ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. ඒවා තියෙන්නේ අපි වගේ පුංචි මිනිස්සුන්ට යන්න නෙමෙයි නේ. සුද්දන්ට ලැබෙන පඩියත් එක්ක බලද්දි ඔය ගණන කියන්නේ බොහොම සොච්චම් මුදලක්. අපට තමා මහ මෙර වගේ.ඔය වගේ චාන්ස් එකක් ලැබිලා ගියොත් මිසක් එක වතාවක්නේ යන්නේ කියලා ඕකට යන්නම ඕන කමක් තියනවා නම් කාලයක් තිස්සේ කීයක් හරි ඉතුරු කර ගත්තා නම් යන්න පුළුවන්.අපේ අයත් ඉන්නවා සැළකිය යුතු තරමක පඩි ගන්න. එහෙම අය මෙහේ ඉන්නේ පවුල් පිටින්. ඔක්කොම එක්කගෙන යන්න ගියොත් ඩිරාම් 1000 කට වඩා යාවිනේ. ළමයි දෙතුන් දෙනෙක් ඉන්නවා නම්. ඩිරාම් 1ක් ලංකාවේ සල්ලි වලින් රු:35.00 කට වඩා වැඩියි. මේ දවස් වල නම් ටිකක් අඩු වෙලා.


      ඔබටත් සුබම සුබ නව වසරක් වේවා.

      Delete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...