Wednesday, December 26, 2012

අපේ ගෙදරට ගං වතුර ගලලා.....

                                                 මේ දවස් වල ලංකාවේ බොහොමයක් ප්‍රදේශ ගං වතුරෙන් යට වෙලා. කවුරු කවුරුත් කාශ්ටක පැත්තක් කියලා කට ඇරියොත් කියන හම්බන්තොටත් මේ වැස්සට යට වුණා. 1997 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ වැස්සට ත් යට වුණ අපේ ගෙවල් ආයෙම වතාවක් යට වෙන්නේ නැතිවෙයි කියලයි මම හිතා ගෙන හිටියේ. ඒත්... අහම්බෙන් ඊයේ ගෙදරට කතා කරපු වෙලාවේ තමයි දැන ගත්තේ ගෙදරටත් ගලලා කියලා. ලංකාවේ හුඟාක් ප්‍රදේශ වලට වුන දේම අපේ ගෙදරත් වෙයි කියලා මම හිතුවේ නැහැ.පහු ගිය දවස් වල අන්තර්ජාල පහසුකම් නැතුව හිටිය නිසා වෙනදා වගේ ස්කයිප් මාර්ගයෙන් කතා කරන්න වුණෙත් නැහැ.

                                මට බලන්න කියලා එවපු ෆොටෝ ටිකක් මේකට අමුණලා දානවා. ඔන්න බලා ගන්න.

                           







                                 අනේ අපොයි කියලා කියන්න නම් එපා.එහෙම කියනවා නම් කියන්න ඕන  තරම් අය මේ වෙලාවේ වතුරට යට වෙලා ඇති. ගෙවල් වල වහලත් යට වුණ අය කොයි තරම් ඉන්නවද?

                                වාසනාවකට 1997 වගේ මාස ගණනක් ගං වතුර අල්ලලා හිටියේ නැහැ. උදේ ගෙවල් යට වුණත් හවස වෙද්දි ගං වතුර බැහැලා ගිහින්.

                              රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි කිය කියා කොයි කවුරු කියෙව්වත්, මේ වෙලාවේ නම් කිසි කෙනෙකුට ප්‍රමාදයන් ගැ කතා කරන්න අයිතියක් නැහැ. බැකෝ යන්ත්‍ර 2-3ක්ම යොදා ගෙන මුහුදට වතුර බහින ඇළ හාරලා දාලා හවස් වෙද්දි ගං වතුර බැස ගිය එක වෙලාවේ හැටියට බොහොම වටිනා කමක් තියන දෙයක්. කෑම ටිකක් රත් කර ගන්න කුස්සියට යන්න විධියක් නැතුව- පවුලේ ඇත්තන් බඩේ ගින්රින් තියන්නේ කොහොමද කියලා හිතේ ගින්දරින් හිටිය බොහොමයක් මවු වරුන්ගේ හිතේ ගින්දර නිවා දමමින් කෑම පැකට් ආධාර වශයෙන් ලබා  දුන් සෑම සියළු දෙනාටමත් ස්තුතියි සිය දහස් වාරයක්.

ප.ලි.
රටේ අනිත් තැන් වල තත්ත්වය කොහොමද කියලා කියන්න මම දන්නේ නැහැ. ඒත්... අපේ ගමේ නම් තත්ත්වය මෙහෙමයි.

              

7 comments:

  1. ගේ විනාසයිනේ.. අර ඈතින් පේන්නේ වෙල් යායක්ද.... ?

    හොඳක් කියනවා අහන්න ලැබුන එකත් ලොකු දෙයක්.... සමහර පැති වල සහනාධාර ටිකත් උස්සන් ගිහින්නේ කට්ටිය....

    ReplyDelete
    Replies
    1. ඈතින් පේන්නේ වෙල නෙමෙයි. ලේවාය. ඉස්සර ඔය ලේවායෙත් ලුණු මිදුණා. පස්සෙන් පහු ඔය ලේවාය අත් හැරලා දැම්මා. දැන් ඒකට මොන නමක් කියන්නද මන්දා. වරායට සම්බන්ධ කොටසක් විතරයි මං හිතන්නේ.මොකද ගේ පිටි පස්සේ වරාය. මම ෆොටෝ ටිකක් දාලා ඇති බලන්නකෝ මේකෙන්.

      http://battigeniwahana.blogspot.com/2012/11/blog-post_29.html

      Delete
  2. අම්මෝ වෙලා තියෙන විනාසේ ....

    ReplyDelete
  3. මාරයාගේ බ්ලොග් එකේ බට්ටි දාපු කවි දෙක දැකලයි, මේ පැත්තෙ ආවෙ.
    හොඳ පබැඳුමක්!

    වෙලා තියෙන දේ ගැන කනගාටුයි! උඩවලව ජලාශයේ වාං දොරටු අරින කොට හම්බන්තොට, අම්බලන්තොට පැති වලට වතුර ගලනවා. ඔය මහ ලේවාය අසල මාත් අවුරුදු දෙකක් විතර නතර වෙලා හිටිය, හම්බන්තොට රාජකාරි කරන කාලෙ. 2008-9 වගේ.

    ReplyDelete
  4. අපිටත් ඔහොමයි අප්පා එළියට බහින්ඩ බැරි වෙන්ඩ වත්තේ වතුර පිරෙනවා . ගෙවල් උස්සලා හදලා හන්දා ඇතුලට නං එන්නේ නැ , මිනිස්සු ඇලවල් අල්ලගෙන තාප්ප බැදලා වතුර බහින් නැ

    ReplyDelete
  5. අනේ හරිම දුකයි වෙලා තියන දේ දෑකල... රටේ ගොඩාක් අයට කරදර නේද? ඉක්මනින්ම හෑමදේම යතාතත්වයට පත් වේවා කියල පතනව...

    ReplyDelete
  6. දැන් නම් අපේ ගෙදර තත්ත්වය හොඳයි.මේ පැත්තට ආපු හැම දෙනාටම ස්තුතියි, කමෙන්ට් කළ නොකළ.

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...