කසුනි දීපාල් එක්ක විවාහ වුණේ වසර ගණනාවක ප්‍රේම සම්බන්ධයකින්. කසුනිගේ ගෙදරින් ඒ හැටි මනාපයක් නො තිබුණත් ලොකු බාධා කිරීමක් නැතිව කසුනි-දීපාල් විවාහයට ඇගේ ගෙදරින් අවසරය ලැබුණා. තමන් දුටුව හැම හීනයක්ම සැබෑ වුණා කියලයි කසුනි හිතුවේ.
ඒ වගේම කසාදෙන් පස්සේ මහ ගෙදර නවතින්න ඒ දෙන්නාගේම කැමැත්තක් තිබුණේ නැහැ වගේම දෙපැත්තේම දෙමවුපියන් වුණත් ඒ දෙන්නා වෙනම ජිවත් වෙන එක ගැන කිසි විරුද්ධත්වයක් දැක්වුවේ නැහැ.ඒ නිසාම ගෙයක් වෙනම හදා ගන්න තුරු කුළියට නවතින්න තැනක් දීපාල් බලලා තිබුණ නිසා කසුනිත් බොහොම කැමැත්තෙන් ඒ ගෙදරට ගියා. වයසක පිරිමි කෙනෙක් සහ ගෙදර වැඩට මැදිවියේ ගැහැණු කෙනෙක් වගේම වත්තේ පිටියේ වැඩට තවත් පිරිමි කෙනෙකුත් තමයි ඔය කියන ගෙදර හිටියේ.කසුනිගේ තාත්තාගේ වයසේ විතර වුණු කුලරත්න තමයි මේ ගෙදර අයිතිකාරයා වුණේ.ඉතින් කසුනි හිතුවා තමන්ගේ ආරක්ෂාවටත් මේ තැන හොඳට ගැලපෙන බව. මොකද දීපාල් දවල් දවසේ රැකියාවට ගිහින් එන්නේ හවස් වෙලා. ඇය රැකියාවක් කළෙත් නැහැ.
මේ ගෙදර තිබුණේ එක නාන කාමරයක් විතරයි. වෙන කවුරුවත් ගෙදර නතර වෙලා නොහිටිය නිසා ඒකේ ඒ හැටි ප්‍රශ්නයක් වුනේ නැහැ.
සමහර දවස් වලට තමන් නාන කාමරේ ඉඳන් එද්දී කුලරත්න දොර ළඟ ඉඳලා ඉවත් වෙලා යන එක ගැන කසුනි කීප දවසක්ම දීපාල්ට කිව්වත් ඔහු ඒ ගැන වැඩිපුර තැකීමක් කළේ නැහැ.ඉතින් කසුනි වුණත් මහමෙරක් වගේ ඒ ගැන හිතන්න ගියේ නැහැ.එයා හිතුවේ මේ එකම නාන කාමරේ නිසා හැම දෙනාම පාවිච්චි කරන්නේ කුලරත්නට නාන කාමරේ පාවිච්චි කරන්න ඕන නිසා එන්න ඇති කියලා.ඒත් සමහර දවසට රෑට නිදා ගන්න ඇඳට ගියාම කවුරු හරි දොර ළඟ ඉන්නවා වගේ කසුනිට දැනිලා තිබුණා.දිපාල්ට කියද්දී ඒ ගැන පෙර පරිදිමයි.
කාලය ගත වෙලා ගියත්, දීපාල්ට තමන්ගේ ගෙයක් දොරක් හැදීමේ වුවමනාවක් නෑ කියලා කසුනිට දැනෙන්න පටන් ගත්තා.සමහර විට අතේ සල්ලිය බාගේ නැතුව වෙන්න ඇති කියලා හිතූ කසුනි දවසක්
"දීපාල්, අපි මේ ගෙදරට ඇවිත් කාලයක් ගෙවුණා නේ. දැන්වත් අපේ කියලා ගෙයක් දොරක් හදා ගන්න බැළුවොත් නරකද ?"
"ඇයි..... ඔයාට මෙහේ ඉන්න බැරිද?"
"එහෙම නෙමෙයි නේ දීපාල්.අපටම කියලා ගෙයක් දොරක් තියනවා නම් හොඳයි නේ."
"ඉතින් මේක අපේ කියලා හිතන්න ඔයාට බැරිද?"
" එහෙම හිතන්නේ කොහොමද? මේක අපේ නෙමෙයි නේ. කුලරත්න අංකල් ගේ ගෙදර නේ."
දීපාල් කතාව නැවැත්තුවා ම කසුනිට කරන්න දෙයක් නැති වුණා.තව ටිකක් ඉවසනවා කියලා කසුනි හිතුවා.
ඔය අතරේ දවසක රෑ කසුනි-දීපාල් දෙන්නා නිදා ගන්න ඇඳට ගිහින් ගත වුණේ බොහොම ටික වෙලාවයි.පුටුවක් පෙරළා ගෙන කවුදෝ වැටෙනවා ඇහුණේ කසුනි ලාගේ කාමරේ දොර ලඟින්මයි.කසුනිත්-දීපාල් එක්ක දඩි බිඩියේ ඇඳෙන් පැනලා දොර ඇර ගෙන එළියට එද්දී කුලරත්න පුටුවකුත් පෙරලගෙන ,කොන්ද එක අතකින් අල්ලා ගෙන කෙඳිරි ගගා නැඟිටින්න උත්සාහ කරනවා.
සිද්ධ වුණේ මොකක්ද කියලා වත් දීපාල් ඇහුවේ නැහැ. නිශ්ශබ්දවම කුලරත්නට නැඟිටින්න උදවු කළ එක ගැන කසුනිට නම් ඇති වුණේ මහා පුදුමයක්.
කිසි වෙනසක් නැතිව පහුවදා උදේ දීපාල් වැඩට ගියා.කසුනිට නම් ඊයේ සිද්ධ වුන දේ ගැන හිත හොඳක් නැහැ.ගෙදර වැඩට ඉන්න මැදිවියේ ගැහැණු කෙනාගෙන් වටින් ගොඩින් විස්තර අහද්දී ඇය පත් වුණ අපහසුව කිසිවෙකුටවත් වෙන්න නම් එපා කියලා ඇයට හිතෙන්න ඇති.
"මීට කලිනුත් මේ වගේ දෙයක් වෙලා ලොකු මහත්තයා ගුටිත් කාලා හිටියා.පවුලේ අයත් මෙයාව අත් ඇරලා වගේ ඉන්නේ ඒකනේ. හොඳ වෙලාවට ලොකු මහත්තයා කාමරේ දෙන කොටම දීපාල් මහත්තයාට කියලාම දුන්නේ. කාමරේට කුලියක් ගන්නෙත් නැහැ නේ. අනිත් එක මම කීප වතාවක්ම දැක්කා දීපාල් මහත්තයා ලොකු මහත්තයාගෙන් සල්ලි ඉල්ලා ගන්නවත්.ආයේ දෙන්නෙත් නැහැ නේ."
කසුනිට මුල පටන්ම හැම දෙයක්ම සිතුවම් පාටක් වගේ මැවිලා පේන්න ගත්තා.
දීපාල් හැමදාම ලා පැහැ රාත්‍රී විදුලි බුබුලක් දැල්වුවේ එහෙනම්........
කසුනි මේ ගැන කියද්දී දීපාල් කිසි දෙයක් ගණන් නොගත්තේ.....
මේ හැමදේම හිතෙද්දි කසුනිට ඇතිවුණේ කිව නොහැකි ලැජ්ජාවක්.තමාගේ මුළු පෞද්ගලික ජීවිතේම තව කෙනෙක් බලා ගෙන හිටියා නේද? දිපාල්ගේ වත් තමන්ගේ වත් මහා ගෙදර හිටියා නම් මේ තරම් තමාගේ පෞද්ගලික ජීවිතේට තව කෙනෙක් එබෙන්නේ නැහැ කියලා කසුන් දන්නවා. තමන් අවුරුදු ගණනාවක් ආදරය කරපු පෙම්වතා එක්ක එක වහලක් යටට වෙලා ඔහු තුරුලේ ගෙවුණ සොඳුරු කාලය තවත් අසහනකාරයෙකුට රසඳුනක් කරන්නට තරම් දීපාල් තමන්ගේ ආත්මයම පාවලා දුන්නේ මුදලට නේද කියලා කසුනිට දැනෙද්දී.......ඒ ජිවිතයම දමලා ගහලා එන්න ඇයට හිතුණා. දීපාල් හවස වැඩ ඇරිලා ගෙදර එද්දී කසුනි එයාගේ මහ ගෙදරට ගිහින් තිබුණා.
ඊට ටික කාලෙකට පස්සේ කසුනිගේත් දිපාල්ගේත් දික්කසාද නඩුව කොහේදෝ උසාවියක ඇහුණා.අන්තිමේ දෙන්නා දෙපැත්තට වුණා.
( පහු ගිය දවසක පත්තරයක මම කියවපු සිද්ධියක්.අපේ සමාජයට හොඳයි කියලා හිතුන නිසා මේ විදියට ලියන්න හිතුවා.)

හෆොයි මොමවද මේ වෙන්නේ..??????????
ReplyDeleteහනේ බට්ටි ළමයට බ්ලෝග මතක් වෙලා තියෙන්නේ
ඔව්.සෑහෙන්න කාලෙකට පස්සේ පෙරේදා මටත් බ්ලොග් එකක් තිබුණා නේද කියලා මතක් වෙලා ලිපියක් දැම්මා. ආයෙම අද මේ කතාව ලියන්න හිතුණා. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට.මමත් ඒ පැත්තේ ගිහින් ලිපි ටික නම් ඉක්මණට කියවලා ආවා. අමනාප වෙන්න එපා.කමෙන්ට් එකක් නම් දාන්න වුණේ නෑ. හොරෙන් හොරෙන් ඔෆිස් වෙලාවේ කියෙවුවාට, කමෙන්ට් කරන්න බැරි වුණා, නොකියවපු බොහෝ ලිපි තිබුන නිසා.
Deleteමෙහෙමත් මිනිස්සු ඉන්නවනේ හැබෑට :( තමන්ගේ ගෑනි වෙන මිනිහෙක් එක්ක බෙදා ගත්තා වගේ වැඩක් මේක!
ReplyDeleteඇත්තටම ඇත්ත ධාරා. අනික අවුරුදු ගාණක් ආදරය කරපු කෙල්ල, තමන්ගේ බිරිඳ වෙලා ළඟට ආවාම ...........?
Deleteසමහර සැමියො ඉන්නෙ තමංගෙ බිරිදව ගණිකා සෙවයේ යොදවන.. ඉතින් කවර කතාද ?
ReplyDeleteආයෙ බට්ටි ලියන්න පටන් අරන්.. හොදයි හොදයි :)
ස්තුතියි සමී. ගොඩ වැදුනාට මේ පැත්තේ.ඔව්. දැන් දහම් දිවයිනට වෙච්ච දෙයක්.......
Deleteඅධිපරිහොජනවාදි සමාජෙ මානසික ලෙඩ්ඩු වැඩියි.එතකොට මෙවගෙ සිදුවිම් වෙනව.
ReplyDeleteඇත්ත
Deleteමේ නිවහනේ බට්ටිව අද තමා දැක්කේ...
ReplyDeleteඅහම්බෙන් හරි දැකලා මේ පැත්තට ගොඩ වුණාට ස්තුතියි බොහොම
Delete