හිතුණා සිද්ධියක් කවියෙන් පවසන්න
අගුණක් ඇතොත් මහ සද්දෙට නො බනින්න
පුංචිම කාලේ සිදු වුණ දේ දැන් මෙන්න
ලියනවා තරහ අවසර ඉවසා ඉන්න
පෙර මං ලියු කථාවක අයියයි නිම්මියි
බට්ටිගේ නංගි සමගින් බට්ටියි අම්මයි
තව තව කිහිප දෙනෙකුගෙ වුණ එකමුතුවයි
නඩයක් හා සමග ගමනක් ඇරඹූවයි
මතකයේ තරම නම් වැඩිහිටි කන්ද තමයි
ඒ හා සමග තව තව තැන් මහා ගොඩයි
පොඩි අය අපියි, ඒ අය හැම එකට තමයි
අත් වැල් බැඳන් යන යන තැන එහෙම තමයි
පෙනුමෙන් චීන යුවලක් අපේ ඉදිරියට
එනවා දැක්කේ පලමුව අයියා සොඳට
පොඩි කාලේ උණත් හොඳ නෑ හැකර කට
ඇරියා යමක් කියනට මැද හොඳට කට
වැඩිහිටි කන්ද නඟිනා අපි හතර දෙනා
මූණට හමු වුනා චීනෙන් ආ දෙන්නා
සිනහව නගා මිනිසත් කම දී පෙන්නා
අපි සැම පසු කරන් පහලට බැස යන්නා
චැං චුං ඤන් පචං තාලෙට පවසන්නා
ආපසු හැරී අප දෙස මදහස පෙන්නා
ඇයි ඒ ලෙස කියන්නේ උන් විමසන්නා
අයියා ඉන්නේ සේ කිසිවක් නොම දන්නා
පොඩි අපි ඉන්නේ කටවල් දැන් ඇර ගෙනය
අයියට නම් ඒකේ කිසි ගණනක් නැතිය
වැඩිහිටි අය ඇවිත් අහනා විට කිරිය
කිවුවා සියල්ලම දන්නා ඇති සැටිය
හැම අවුරුද්දකම සිරි ලංකාවට ලීලෙන්
යන එන නිසා සිංහල හොඳ සහ සුද්දෙන්
දන්නා බව කීවේ අපේ හිතේ බය මැද්දෙන්
අගුණක් ඇතොත් මහ සද්දෙට නො බනින්න
පුංචිම කාලේ සිදු වුණ දේ දැන් මෙන්න
ලියනවා තරහ අවසර ඉවසා ඉන්න
පෙර මං ලියු කථාවක අයියයි නිම්මියි
බට්ටිගේ නංගි සමගින් බට්ටියි අම්මයි
තව තව කිහිප දෙනෙකුගෙ වුණ එකමුතුවයි
නඩයක් හා සමග ගමනක් ඇරඹූවයි
මතකයේ තරම නම් වැඩිහිටි කන්ද තමයි
ඒ හා සමග තව තව තැන් මහා ගොඩයි
පොඩි අය අපියි, ඒ අය හැම එකට තමයි
අත් වැල් බැඳන් යන යන තැන එහෙම තමයි
පෙනුමෙන් චීන යුවලක් අපේ ඉදිරියට
එනවා දැක්කේ පලමුව අයියා සොඳට
පොඩි කාලේ උණත් හොඳ නෑ හැකර කට
ඇරියා යමක් කියනට මැද හොඳට කට
වැඩිහිටි කන්ද නඟිනා අපි හතර දෙනා
මූණට හමු වුනා චීනෙන් ආ දෙන්නා
සිනහව නගා මිනිසත් කම දී පෙන්නා
අපි සැම පසු කරන් පහලට බැස යන්නා
චැං චුං ඤන් පචං තාලෙට පවසන්නා
ආපසු හැරී අප දෙස මදහස පෙන්නා
ඇයි ඒ ලෙස කියන්නේ උන් විමසන්නා
අයියා ඉන්නේ සේ කිසිවක් නොම දන්නා
පොඩි අපි ඉන්නේ කටවල් දැන් ඇර ගෙනය
අයියට නම් ඒකේ කිසි ගණනක් නැතිය
වැඩිහිටි අය ඇවිත් අහනා විට කිරිය
කිවුවා සියල්ලම දන්නා ඇති සැටිය
ඒ දෙන්නා ඇවිත් තිබුණට චීනෙන්
හැම අවුරුද්දකම සිරි ලංකාවට ලීලෙන්
යන එන නිසා සිංහල හොඳ සහ සුද්දෙන්
දන්නා බව කීවේ අපේ හිතේ බය මැද්දෙන්
( කලකට ඉහත අන්තිම පේළිය වෙත ලියන ලද්දකි.)
මට මෙහෙදිත් ඔය වගේ ලගින් යන කිච වැඩ වෙලා තියෙනවා
ReplyDeleteහී හී ......සිංහල දන්නේ නෑ කියලා හිතන අය එක්ක උණත් පරිස්සමෙන් කතා කරන්න කියලයි ඒ කියන්නේ....
Deleteහැබැයි ලංකාවට එන චීන්නු ගොඩකට සිංහල පුළුවන් දැන්නම් , මොකෝ උන් චීනෙට වඩා ඉන්නේ ලංකාවෙනෙ
ReplyDeleteසහතික ඇත්ත
Deleteදැන් ගොඩක් සංචාරකයෝ භාශාවල් ඉගෙන ගෙනමයි යන්නේ.. ඒ කාලේ කරපු ඔය වගේ වැඩ දැන් කරන්න හරි අමාරුයි..
ReplyDeleteහිහි...
ReplyDeleteපට්ට වැඩ නෙව වෙන්නෙ
චීනගෙ එම්බසිය සිරිලක අරඹන්න
ReplyDeleteමුලින්ම ආ තානාපති තැන ඔන්න
රාජතාන්ත්රික සිරිතට පණ දෙමින
හාපුර කියා යයි ලේකම් හමුවන්න
සොයිසා ගුණසේන ලේකම් මහත්තයා
සීනුව නාදකර කාකාසව කැඳවා
තේ ගෙන ලෙසට අණකර අප හට සොඳවා
මේ ලෙස පැවසීය තව දුර සිහි එළවා
කවුද දන්නෙ මේ චීනට දියවැඩියා එහෙම ඇද්ද
ඒක නිසා සුගතපාල ගෙනෙං සීනි අඩුව හරිද
මේක ඇහුණු චීන සුද්ද සිංහලයෙන් කීවෙ නැද්ද
ලේකම් තුම මාහට නැත දියවැඩියා ලෙසම සුද්ද
හී හී
Deleteලේකම් තුමා උඩ බිම හෙම බලන්නැති
තව කාටද ඇහුණෙ කියලා හිතන්නැති
වුණු විලි ලැජ්ජාවෙ තරමට අඬන්නැති
කිසිවක් නොවූ විලසට ඔහු හිඳින්නැති