අතීතයේ ගුරුවරයකුගෙන් දඬුවමක් විඳීම ගෝලයන්ට අරුමයක් නොවීය. නමුත් දැන් නම් එය මහා ගැටළුවකි. එමෙන්ම දැන් බහුතරයක් වැඩිහිටියන් කියන්නේ, "දැන් ළමයින් මහා හිතුවක්කාරයන්" බවයි.
එදා මෙදා තුර සෑම වැඩිහිටියෙකුගේම මුවින්, "අපි නම් ඔහොම නෑ. ඒකටත් එක්ක දැන් හැදෙන එවුන් ගන්න දෙයක් නෑ." ලෙස පිට නොවී නම් එය අරුමයකි.
වැඩිහිටියෙකු අවවාදයක් දුන් විට එය පිළි ගැනීමට දැන් පරපුර අකැමති බවට බොහෝ සිදුවීම් පසුගිය කාලයක් පුරාවටම උදාහරණ සැපයූවේය. බිරිඳගේ පාසලේ දරුවන්ට මහ මඟදී හොඳ නරක කියා දුන් ගුරුවරියගේ සැමියාට හෙල්මට් එකකින් මැරෙන තුරු පහර දුන්නේද එවන් අවවාද පිළි නොගත් දරුවන් ලෙසින් සැලකූ මරුවන් පිරිසකි.
එමෙන්ම පාසල් වල දරුවන් කිසිදු බියකින් තොරව මත්ද්‍රව්‍ය මෙන්ම දුම්වැටි පවා පාසලට රැගෙන එන බව එහෙන් මෙහෙන් ලද ආරංචි නම් බොහෝය. පාසල් ගේට්ටුවෙන් ඇතුළේ දරුවන් ආරක්ෂාකාරී යැයි සිතා නිදහසේ නිවසට වී සිටින්නට දැන් අම්මලාට නොහැකි වී ඇත්තේ ඒ නිසාය.
ලෝකය විශ්ව ගම්මානයක් වී සිදුව ඇත්තේ හොඳක් යැයි මට නම් නොසිතෙන්නේ මෙවන් දෑ නිසාය. එක අතකට ඒකාධිපතියෙකු වන උතුරු කොරියාවේ කිම්- ජොන්-උන් ඔහුගේ රට ව්‍යසනයන්ගෙන් බේරා ගන්නවා විය හැක. එරටින් තොරතුරු පිටතට නොපැමිණෙනවා සේම, එහි පාලනයට ඇඟිලි ගැසීමටද කිසිවකුට හෝ අවස්ථාවක්ද නොදෙයි. ආනයනය හෝ අපනයනයද නැත. වරදට දැඩි දඬුවම් දෙයි.
අසන්නට දකින්නට ලැබෙන දේවල් අනුව දරුවා පාසල් ගේට්ටුව ඇතුළේදීද අනාරක්ෂිත බව දෙමාපියන් වුවද සිතිය යුතුමය. ගුරුවරු ද දරුවන්ට අකටයුතුකම් කරති. එදා ගුරුවරුන් කෝටුවෙන් තැලුවා මිස, උන්ගේ ජීවිතය තලා පොඩිකර දමන්නට නොගියහ. වත්මන් පරපුරේ බහුතරයක් චාරයක් නැති ඇත්තන් බව පෙන්නුම් කරමින් සිටී. පිරිමි ගුරුවරයකු ළඟට දැරියක් යවන්නට බිය වන්නා සේම, කාන්තා ගුරුවරියක් ළඟට පුතුන් යවන්නටද අම්මලා නොබිය වේ නම් පුදුමයකි.
agree.
ReplyDeleteThanks
Delete