Wednesday, February 13, 2013

ෆෙරාරියකින් සවාරියක්

                         බලපු දවසේ ඉඳන්ම මේ ගැන ලිවිය යුතුයි කියලා මගේ හිතට දැනුණා. සමහර විට මේ ෆිල්ම් එක හින්දි ෆිල්ම් එකක් කියූ පමණින්ම සමහරු ආ...පෝ කියලා කියාවි. මොකද මම දන්නවා බොහොමයක් පිරිමි පක්ෂය හරිම අකැමැතියි හින්දි ෆිල්ම් බලන්න. ඒවා හරි බොළඳයි කියන මතයේ එයාලා ඉන්නේ. මල් ගස් වටේ නටන එකයි, අභව්‍ය කතාවකට වටේට එල්ලලා කියලා කිවුවත් වරදක් නැහැ. ඒත්.. ගැහැණු පාර්ශවයේ අදහස මීට බොහොම වෙනස්. හැම දෙනාගෙම නෙමෙයි. බහුතරයක් ගැහැණු අය හින්දි ෆිල්ම් බලන්න කැමතියි. උදාහරණයක් විධියට ගත්තොත් මම වුණත් ස්කෝලේ 10-11 වසර වල ඉන්න කාලේ හින්දි පිස්සියක්. මොන ෆිල්ම් එකද රූපවාහිනියේ පෙන්වන්නේ රෑ එළි වෙන කල් හරි ඇඩ් බල බලා අමාරුවෙන් ඔය ෆිල්ම් එක ඉර වෙන තුරු බලනවා. ඒත් ඊට පස්සේ අවුරුදු 20-24 වගේ කාලේ හින්දි ෆිල්ම් එකක් ආසාවට වත් බලන්නේ නැහැ, අඩුම තරමේ රේඩියෝ එකේ හින්දි සිංදුවක් යනවා ඇහුණාද " ෂිහ්. මේ මොන ජරාවක්ද? අපේ සිංල සිංදුවක් නැද්ද මේවායේ යන්න." කියලා බැන බැන චැනල් එක මාරු කරනවා.

                     ඔහොම ඉඳලා හින්දි ෆිල්ම් බලන එක නවත්තලා ම දැම්මා. ආයේ මෙහේ ආවාම තමයි හින්දි ෆිල්ම් බලන්න පටන් ගත්තේ, මොකද ඉන්ට(ර්)නෙට් තියනවා, සිංහල සබ් දීලා ෆිල්ම් දානවා. ඉතින් මොකද බානවා. බලනවා. නො දන්න හින්දි විතරක් නෙමෙයි, කොරියන්, රුසියන් ඔය ඕන එකක් සබ් එක්ක දෙන නිසා අවුලක් නෑ.

                                 මේ කතාව තුළ ජීවත් වන්නේ කායෝස් කියන කුඩා දරුවා,  ඔහුගේ පියා සහ සීයා.ඔවුන් වටා ගොඩ නැඟුණ කතාවට තවත් පිටස්තර චරිත කිහිපයක් එක් වෙනවා.රඟපෑමක් නැතිව සචින් තෙන්ඩුල්කාර් නම් වූ ක්‍රිකට් ක්‍රීඩකයා ගැනත් සඳහන් වෙනවා.ඔහුට ස්තුතියක්ද එක් කරමින්ම.

                                " කායෝස් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. කායෝස් ගේ තාත්තා රුස්තම් එයාගේ ක්‍රීඩා වැඩ වලට ගොඩක් උදවු කරනවා  වුනාට  සීයා බෙහෙරම් දේබෝ නම් මේකට පොඩ්ඩක්වත් කැමති නෑ. කායෝස්ට අවස්ථාවක් ලැබෙනවා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පුහුණු කඳවුරකට සහභාගී වෙන්න. ඒකට සහභාගී වෙන්න නම් රුපියල් ලක්ෂ 1.5ක් විතර වැයවෙනවා හැබැයි රුස්තම්ගේ වැටුපත් එක්ක මෙච්චර මුදලක් වැය කරන්න අමාරුයි."

                              මෙන්න මේ කොටස මම සොරා ගත්තා ෆිල්ම් එක බලපු තැනින්.ඒකට සබ් දීලා ලිපියක් පළ කළ කෙනාගේ අදහස් වලින්. සමා වෙන්න ඕනේ ඒ වෙනුවෙන් "නවීන් ලක්ෂිත" සහෝදරයා.

                              
                         මම මේ කතාවට කැමැත්තක් දක්වන්නේ ඇයි කියලා දැන් කියන්නම්. මෙහි කායෝස්ගේ පවුලේ මව ජීවතුන් අතර නැහැ කියන අදහසක් තමයි පෙන්වන්නේ. ( හෝ මම තේරුම් ගත්තේ ) පියා තම දරුවා වෙනුවෙන් කොපමණ කැපකිරීමක් කරනවාද, ඒ හා සමගම ඔහුගේ පියාට ( දරුවාගේ සීයාට ) කොපමණ සැළකීමක්, ගෞරවයක් දක්වනවාද කියලා මෙයින් බොහොම ලස්සනට පෙන්වනවා. තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් කිසිම දවසක නොකරන්න හිතන-බලාපොරොත්තු වෙන දේවල් පවා කරන බව මෙයින් පේනවා. ඇසට කඳුළක් නැගෙන්න තියන ඉඩ කඩ වැඩියි මෙහි.තාත්තා ගැන වැරදි වැටහීමක් තියන කෙනෙක් වුණත් සමහර විට මේක බලලා ඔහුට ආදරය,ගෞරවය කරන්න ගනීවි.

                      රුස්තම් ණය ඉල්ලමින් එක එක්කෙනා පස්සේ යන හැටි තමන්ගේ පුතා ව ලෝඩ්ස් වල පුහුණු කඳවුරට යවන්න ....

                          මම මේ ගැන ලියන්න පටන් ගත්තේ ටික දවසකට කළින්. පහු ගිය ටිකේම ෆුල් බිසි වුණ නිසා බ්ලොගය පැත්තට වත් ආවේ නැහැ. ඒ නිසා ලියන්න හිටපු දේවල් මගේ මතකයෙන් ගිහින්. කමක් නැහැ.                      


                    ෆෙරාරියකින් සවාරියක් කියලා සටහන් වුණ සිංහල උප සිරැසි එක්කම මේ ලින්ක් එකට ගියා නම් බා ගෙන බලන්න තිබුණා.
















12 comments:

  1. ස්තුතියි බට්ටියේ..

    ReplyDelete
  2. ෆිල්ම් එක බලලාම ඉන්න. එතකොට දැනේවි මම කියන්න හදපු දේ මොකක්ද කියලා

    ReplyDelete
  3. මේ දවස්වල මටත් බරපතල විදියේ හින්දි ෆිල්ම් පිස්සුවක් වැළදී ඇත.... ඒත් බයිට් පුරස්නයක් තියෙන නිසා ලබන මාසේ වෙනකම් ඉවසා ඉන්න වෙනවා..... මොනා කොරන්නද.. මේ ලංකාවනේ.... හි හි

    ReplyDelete
  4. මම හිතුවේ බට්ටි එකක් ඇන්න කියලා.මොකෝ ඉතින් මෙහෙ ඔව්වා ලාබ නෙව. මම බැලුවා බට්ටියේ ඕක.

    ReplyDelete
    Replies
    1. මෙහේ කිවුවේ කොහේද අප්පා. මැද පෙර දිගද? අනේ අපි කොහේ ගන්නද ඔවුවා. ගත්තත් කෝටුවක් අරගෙන දක්කගෙන යන්න කියලයැ.

      Delete
    2. වෙන කොහේද. මෙහෙ තමයි. මැද පෙරදිග,

      Delete
  5. මමත් බාගෙන බැලුව කලින්ම අක්කේ......ගොඩක් ලස්සන කතාවක්.....

    ReplyDelete
  6. මමත් බැලුවා ඕක.... සිරා කතාව මටනම් :)

    කොහොමද පොඩිඑකා ගහන ගැහිල්ල...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. හැම දෙනාම වගේ බලා ඇති බවයි පෙනී යන්නේ. අදහස් දැක්වූවාට බොහොම ස්තුතියි. මම මුලින් සඳහන් කළ දෙයක් වෙනස් කරන්න වෙලා වගේ. පිරිමි උදවියත් ඔය බලලා තියෙන්නේ මදි නො කියන්න.

    ReplyDelete
  8. හිංදි පිල්ං ඊයා කක්කා...
    මට පේන්න බෑ ඔය මල ජරාව...

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට පුළුවන් නම් මේ ෆිල්ම් එක බලලා ඉන්නකෝ...

      Delete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...