නො කියවපු අයට කලින් කතා වලට යන්න පාර.
1.පුංචි මතකයන්
2.පුංචි මතකයන් 2
3.පුංචි මතකයන් 3
පළමු වාරය කියන්නේ අධ්‍යාපනය ගැන කිසිම සැළකිල්ලක් දක්වන කාලයක් නෙමෙයි කියලයි මට හිතුණේ. ඒකත් හොඳයි එක අතකට.හැමදාම ඉගෙන ගන්න ඕන නැහැ නේ.
ස්කෝලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය කියන්නේ ස්කෝලේ මගුල් ගෙදර කියලයි මට හිතෙන්නේ.විහාරදේවි. විශාකා, මහාමායා සහ යශෝදරා කියන නිවාස හතරට වෙලා යාළුවෝ යාළුවෝ අතරේ ඇති වෙන සොඳුරු ගහ මරා ගැනිලි ගැන අදටත් සිහි වෙන්නේ හසරැලි මුවින්.
1.පුංචි මතකයන්
2.පුංචි මතකයන් 2
3.පුංචි මතකයන් 3
අප් රිපෝර්ට් ගත්තාය කියලා මහා ලොකු වැදගත් කමක් නම් මගේ හිතට දැනුණේ නැතුවා වුණත්, මම නිසා හරි බෙස්ට් ක්ලාස් වලින් පිට කෙනෙකුත් ඒ දක්ෂ කම කළාය කියන ගෞරවය මගේ පංති භාර ගුරුතුමිය විඳ ගත් නිසා ඒ ගැන නම් මගේ හිතට මහා සන්තෝසයක් දැනුණා.කියලා පංති 7ක් තිබුණා වුණත් සාමාන්‍යයෙන් අනිත් පංති 5 ගැන ගුරුවරු වුණත් මහා ලොකු සැළකීමක් කරන්නේ නැහැ කියලයි මට නම් හිතුණේ. එහෙම වෙලා තියෙද්දිත්,මම ඒ වගේ දස්කමක් කිරීම ගැන මිස් සතුටු නො වේවිද?
පංතියේ හිටිය අනිත් අය 1 වසරේ ඉඳලාම සංඝමිත්තාවන් බව තමයි මම දෙවන වාරය අවසන් වෙද්දි දැන ගෙන හිටියේ. ඒත්.. දෙතුන්දෙනෙක් විතර අතරමැද කාලයේ පංතියට ආවත්,අන්තිමට ඉතුරු වුණේ හොස්ටල් හිටිය මාත්, මෙත්තාත් විතරයි, වසර අවසාන වෙද්දි.
කොහොම වුණත් අවසාන වාරයේ මට වඩා වැඩිපුර හොඳට විභාගේ ලියලා මෙත්තා පළවෙනියා වුණත්, එයාට අප් රිපෝර්ට් ගන්න පුළුවන් වුණේ නැහැ.ඔය විධියට දෙවන වාරයේ පළමු වෙනියා වුණ මම, අවසාන වාරයේ දෙවැනියා වුණා. එච්චරම තමයි ආයේ කවදාවත් ඔය කියන ස්ථාන මගේ රිපෝර්ට් පොතේ ලියවුණේ නැහැ.
ඇත්තටම ඒ වතාවේ දෙවැනියා වීම, කළින් වතාවේ පළ වෙනියා වීමට වඩා සතුටක් මගේ හිතට එක් කරලා තිබුණා.( කලබල වෙන්න එපා. මම කිවුවේ ඇත්ත. මොකද මම දැන් දන්නවා මට තරගකාරයෙක් ඉන්න බව. තරගකාරයෙක් නැත් නම් කවදාවත් දක්ෂයන් බිහි වෙන්නේ නැහැ.)ඇත්තටම මම ආපු ගමන් පළවෙනියා වුණ නිසා වෙන්න ඇති මට කිසි ආසාවක් තිබුණේ නැහැ විභාගය ගැන වුණත්,ඒ වතාවේ දෙවනියා මට වඩා බොහොමයක් ලකුණු අඩුවෙන් තිබුණේ.ඒත් අවසාන වාරයේ මම දෙවනියා වෙලා තිබුණේ ඒ තරමටම ලකුණු පරතරයක් තියාගෙන නෙමෙයි කියලා මට මතකයි.
මෙත්තා, බලනවා නම් මේක අහිතක් හිතන්න එපා. ඔයාව අඩු තක්සේරුවක් කලා කියලා.
ඉතින් හොස්ටල් ජීවිතෙන් මිදිලා ඉගිල්ලිලා ගියා අපේ පුංචි ගේ පොඩිත්තට.අම්මෝ.... මාසයක්ම නිවාඩුයි. ෂා......... දැනෙන සනීපේ.....හිතට දැනුණු හැමදේම මතක නැති වුණත්, බෝගම්බර හිර ගෙදරින් නිදහස් වෙලා ඇඟ බැඳලා ගෙදර ආවා වගේ. ආයේ හිරේට යන්නේ නම් වරදක් කළොත් විතරයි. ඒත්.. මට නම් කොහොමත් බෝගම්බර යන්න වෙනවා කියන එක විතරයි මට මතක් වුණේ.
නිවාඩු මාසය පුරාම කළේ වැඩිපුර නිදා ගත්ත එක තමයි. ඇයි ඉතින් හොස්ටල් ඉඳිද්දි උදෙන් අවදි වෙන්න එපායැ. හොස්ටල් ජීවිතේ ගැනත් වෙනම ලියන්නම්. මේ අතරට එකතු නොකර.
කරා නම් වැදගත් කියලා යමක් පර දේසක්කාර බාසාව ඉගෙන ගන්න පංතියකට ගිය එක විතරයි.ඒකත් පයින් යන දුරක. මුස්ලිම් මිස් කෙනෙක් ගෙන් තමයි ඉගෙන ගන්න ගියේ. කතා කරන්න නෙමෙයි විභාග ගොඩ දාගන්න. මොකද ඔය ඉංගිරිස් කියන්නේ මට නම් වහ කදුරු වගේ. මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ.ඔය මාසෙට පුළුවනෑ වාරයක් උගන්නන පාඩම් ටික කවර් කරන්න.අළුත් වාරෙට අයිති පාඩම් අමාරුයි කියලා මිස් හිතන ඒවා අපට කරනවා. ප්‍රශ්න කරන්න දෙනවා.රතු පාට ලොකු හරියක් එක්ක Good / Very Good ලැබෙනවා කියන්නේ ඊට වඩා දෙයක් නෑ.
( අපට නම් හැම පාඩම ම අමාරුයි කියලා මිස්ට කොච්චර කිවුවත්, මිස් උගන්නන්නේ තෝරා ගත් ටිකක් විතරයි ) ඒත්.. මිස් කිව්වේ 'ඔය ළමයා හොඳට වැඩ කරනවා නේ. බොරුවට බෑ කිවුවට' කියලා.අනේ මන්දා. මිස් ළඟට එන අනිත් උන් මටත් වඩා දුර්වලයි කියලා මම මැරෙන්නයැ.
නො දන්න වචන වල තේරුම් පැන්සලෙන් අච්චු පොතේම ලියා ගන්නේ පොත් වල වටිනාකම නොදන්න නිසා නෙමෙයි, ඉංගිරිස් බැරි නිසා.
තුන් මාසෙකට වතාවක් ගෙදර එන නිසා ගෙදරිනුත් සැළකිලි.පහු පහු වෙන කොට කොහු කොහු කියනවානේ. නිවාඩුව ඉවර වේගෙන එද්දි සැළකිලිත් අඩුයි.
අළුත් අවුරුද්දක් උදා වෙලා, ඉහළ පංතියට යන්න සූදානමෙන් ස්කෝලේ පටන් ගන්න දාට කලින් දා හොස්ටල් එකට එනවා. ඔය අතරේ සිද්ධ වෙන්නේ අළුත් පංතියක් ලැබෙන එක විතරක්ම නෙමෙයි. හොස්ටල් ළමයි වෙච්චි අපට 7 වසරට හිමි ඩෝම් එකට මාරු වෙන්නත් ලැබෙනවා.සමහරු ස්කෝල පටන් ගන්න දවසේ උදේම ආවත්, මම බොහෝ දුර බැහැර නිසා කලින් දා එනවා.ඒකෙන් වාසියකුත් තියනවා. විශේෂයෙන් අළුත් අවුරුද්දකදි. වෙන ඩෝම් එකකට මාරු වෙනවා කියන්නේ කළින් ගියොත් වාසි ගොඩයි. හොඳ කබඩ් එකක්, රැක් එකක් ගන්න පුළුවන්. ඒත් තනි තනි කබඩ් නම් ගන්න වෙන්නේ නැහැ. අළුත් අය එනතුරු, අළුත් ඩෝම් එකට ගියත්, අපි තමයි හොස්ටල් එකේ පොඩිම අය.ඒ නිසා.
පළමු වාරය කියන්නේ බාහිර වැඩ වලට පෙරමුණ ලැබෙන කාලය. මේ තමයි අවුරුද්දක පළමු වාරයේ ඉඳන්ම ස්කෝලේ ඉන්න පළමු අවුරුද්ද. ඉතින් අපට හරි මැජික්. ස්පෝර්ට් මීට්, පිරිත තමයි ප්‍රධානම. ඔය දෙකෙනුත් මුල් තැන ලැබෙන්නේ පිරිතට. ස්පෝර්ට් මීට් එකට කළින් පිරිත තමයි පළමු කාරණාව වෙන්නේ.ඒ බොදුනුවන් වීමෙන් හිත් වලට ඇතුළු වූ සංකල්පනාවන්.අවුරුද්ද පුරාවට ආරක්ෂා සහිතව වැඩ කරන්න ලැබේවි කියන බලාපොරොත්තුවෙන් පිරිත් කියවලා, සාංඝික දානයක් පවා දෙනවා. දානය කෙසේ වෙතත් පිරිත් අහන්න කට්ටිය මහ ගොඩක් නො එන නිසා කොහොමත් පිරිත් ඇහීමට යොදවන්නේ වැඩි පුරම හොස්ටල් ළමයි වෙච්චි අපි.
ඕක අපට හරිම වදයක්. ඇයි අනේ හොස්ටල් එකට වෙලා නිදා ගන්න තියන එකේ, මොන කෙං ගෙඩියකටද ප්‍රධාන ශාලාවේ බිම පැදුරක් දාගෙන නිදා ගන්නේ.
ඒත් ඉතින් මම නම් හරිම ආසයි උදේට අපට පිරිත් නූල් ලැබෙන නිසා කාටත් කලින්.පිරිත් නූලක් අතේ බැන්දොත් කළු පාට වුණත් හාර පස් මාසයක් විතර ඕක අතේ තියනවා. සමහර වෙලාවට සනත් ජයසූරියගේ අත වගේ පිරිත් නූල් පිරිලා.අදටත් පිරිත් නූලක් අතේ බැන්දාට පස්සේ සෑහෙන කලක් ඒක අතේ තියනවා,සබන් දාලා හෝදලා.
පිරිත් පිංකමෙන් පස්සේ තමයි ස්පෝර්ට් මීට් එක පවත්වන්නේ. ඔය කාලෙට එපා වෙන එක තමයි සරඹ සංදර්ශනය. ඔන්න 6,7,8 වසර වල හැම දෙනාම සරඹ සංදර්ශනයට සහභාගි වෙන්න ඕනලු. මොන වාත කේස් එකක්ද?
සමහරු හැංගි හැංගි ඉන්නවා මිස්ලට අහු වෙන්නේ නැතුව. මොකද අවුවේ කර වෙන්න තියන අකැමැත්ත නිසා.මිස්ලා වුණත් ඒ කාලේ කරන්න ඇත්තේ ඔය දේම නේ. ඒ නිසා එයාලා පන්ති වලට ගිහිල්ලා ළමයි හැමෝම ග්‍රවුන්ඩ් එකට එලවනවා.ඔතනින් පනින අයත් ඉන්නවා.කොහොම හරි ස්පෝර්ට් මීට් එක දවසට ඉන්නේ බොහොම ටික දෙනයි. අපට වඩා ඔය ගැන දැනුමක් මිස්ලාට තියන නිසා, සරඹ සංදර්ශනයට පවා නිවාස මට්ටමින් ලකුණු දෙන්න තීරණය කළා.ඉතින් එතකොට ළමයින්ගේ පස්සෙන් පන්නන්නේ නිවාස භාර මිස් ඇරුණාම නිවාස නායිකා-උප නායිකා සහ අනෙකුත් නිල-තල කරට ගත් අය.පී.ටී. මිස්ලාට කරදර වෙන්න දෙයක් නෑ ළමයි පස්සේ පන්නන්න.
පළමු වාරය කියන්නේ අධ්‍යාපනය ගැන කිසිම සැළකිල්ලක් දක්වන කාලයක් නෙමෙයි කියලයි මට හිතුණේ. ඒකත් හොඳයි එක අතකට.හැමදාම ඉගෙන ගන්න ඕන නැහැ නේ.
ස්කෝලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය කියන්නේ ස්කෝලේ මගුල් ගෙදර කියලයි මට හිතෙන්නේ.විහාරදේවි. විශාකා, මහාමායා සහ යශෝදරා කියන නිවාස හතරට වෙලා යාළුවෝ යාළුවෝ අතරේ ඇති වෙන සොඳුරු ගහ මරා ගැනිලි ගැන අදටත් සිහි වෙන්නේ හසරැලි මුවින්.
මුල ඉඳලම ඔක්කොම පෝස්ට් ටික කියෝගෙනම ආවා.... ඉස්කෝල කතා නම් හෙන ජොලි... මං ඉතිං හොස්ටල් හිටපු එකෙකේ නෙවෙයිනේ... ඒක නිසා හොස්ටල් කතා ටික එනකම් බලං ඉන්නවා හොඳේ....
ReplyDeleteස්පෝර්ට් මීට් කාලේට කාලේට සරඹ සංදර්ශනෙට තමයි මාවත් අහුවෙන්නේ.. හාපෝ.. එපා කරපු වැඩක් අව්වේ කර වෙන්න... එහෙම කර වෙවී පුරුදු වෙච්ච සරඹ සංදර්ශනේ අපිට කරගන්න බැරි උනා... හරියටම එදා තමයි මරදානේ ස්ටේෂන් එකේ බෝම්බෙ පිපිරුවේ.. මායි අම්මයි විනාඩි ගානකින් බේරුනත් අපේ ඉස්කෝලේ අක්කලා දෙන්නෙක් මැරිලා තව හතර දෙනෙක් ආබාධිත වෙලා කියලා අපි දැනගත්තේ සුගතදාස එකට ගියාට පස්සේ.. එදයින් පස්සේ මං ඉස්කෝලෙ හිටපු අවුරුදු ගානටම ආයිත් සුගතදාස එකේ ස්පෝර්ට් මීට් තිබ්බෙ නෑ...
හොස්ටල් කතා ලියනවා ඉක්මණට. ස්කෝලේ කතා අතරටත් හොස්ටල් කතා ආවාම අපිළිවෙලයි වගේනේ.ඒකයි වෙනම ලියන්නම් කිව්වේ. හරි දුකයි හිරූගේ ස්කෝලේ ක්‍රීඩා උත්සවය සුගතදාස ක්‍රීඩාංගනයේ පවත්වන්න ගිහින් වුණ දේට.අපට නම් වෙන කොහේවත් යන්න ඕන නැහැ,ක්‍රීඩා උත්සව තියන්න. ස්කෝලෙම ග්‍රවුන්ඩ් එක තියන නිසා.
Deleteඅළුත් බට්ටිට අළුත් බ්ලොග් එකට සුභපැතුම්
ReplyDeleteස්තුතියි හිරූ සහ මුතු පබළු.
ReplyDeleteමුල ඉඳල කියොලම එන්නම් බට්ටි.. මැදින් පනින එක හරි නෑ වගේ නේ..
Deleteඔන්න හැම පෝස්ට් එකක්ම මම කියෙව්වා.හැම එකකම කමෙන්ට් එකකුත් දැම්මා.අර තිවංක අයිය ගැන පෝස්ට් එක ගොඩක් සංවේදිව ලියල තියෙනව. ඔය උඩ දාල තියන ලින්ක් හරියට වැඩ කරන්නෙ නෑ..පොඩ්ඩක් බලල හදන්න.
ReplyDeleteහොසටල් ජීවිතයක් මටත් මේ වෙනකන් ලැබිල නෑ.. ඒත් අපේ ඉස්කෝලෙ හොස්ටල් එකේ හිටිය ගොඩක් ලමයි ඇඩුව මාස ගානක් යනකන් 6 වසරෙදි. මට තාම මතකයි, ඒ අත්දැකීම බට්ටිලට තිබිල නෑ වගේ ගෑනු ලමයි වෙලත් . හී හී
සමීගේ පුංචි ලෝකය
සමී කියපු නිසා මම චෙක් කරලා බැලුවා. මගේ පේජ් එකේ ලින්ක් වැඩ කරනවා. බලන අනිත් අයටත් ලින්ක් වැඩ කරන්නේ නැද්ද මම දන්නේ නැහැ. එහෙම නම් දන්න කෙනෙක් ඒ ගැන මාව දැනුවත් කරන්න. කොහොමද මම වෙනස් කරන්න ඕන කියලා.
Deleteහොස්ටල් කතා ලියද්දි බලන්නකෝ. මොනවද අත්දැකීම් කියලා...........